අද වන විට අප රට ප්‍රශ්න රැසකට මුහුණ දෙමින් සිටින බවත් එක් පැත්තකින් දියුනු වන රටක තිබිය යුතු සමාජ විනය සමාජ ශීලාචාරත්වය ශිෂ්ටසම්පන්න භාවය රටෙන් අතුරුදහන් වෙමින් යන බවත් ඡන්ද බලය ලබා ගෙන වගකීම් දරන මැති ඇමතිවරු ආගමික නායකයන්ට අපහාස කරමින් අඩන්තේට්ටම් කරමින් අභියෝග එල්ල කරමින් වනසතුන්ගේ නම් භාවිත කර අපහාස කරන බවත් ආගමික නායකයන්ට පහර දෙන බවට පවසන බවත් විපක්ෂ නායකවරයා පැවසීය. Sri Lanka Latest News
සෑම ආගමකම සෑම ආගමික නායකයකුටම නිසි ගරුත්වයක් සමාජයේ ලබා දිය යුතු බවත් සිවිල් පුරවැසියන් ලෙස ගරු කරන්න ඉගෙන ගත යුතු බවත් සම්බුද්ධ ශාසනය සුරක්ෂා කර පෝෂණය කිරීම අප සැමගේ වගකීමක් බවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් බවත් එය ඉටු කිරීම පුරවැසියන් ලෙසත් රජයක් ලෙසත් වගකීමක් බවත් ඊට අමතරව සෙසු ආගම් සංස්කෘතීන්ට ද නිසි තැන ලබා දීම සිදුවිය යුතු බවත් එය ජාතික ප්‍රතිපත්තියක් නිසා රණසිංහ ප්‍රේමදාස මහතා බුද්ධශාසන අමාත්‍යාංශයක් මෙන්ම සෙසු ආගම් සඳහා රාජ්‍ය අමාත්‍යාංශය බිහි කළ බවත් ඒ සියලුම ආගම් ආරක්ෂා කිරීම රටේ වගකීම වුවත් අද රජයේ මැතිඇමතිවරු ස්වාමීන් වහන්සේලා ආමන්ත්‍රණය කරන්නේ වනචාරීන් ලෙස බවත් මුහුණු පොත හරහා මහා සංඝරත්නය පියතුමන්ලා ඇතුළු සියලුම ආගමික නායකයන්ට අපහාස කරමින් යන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද බටහිර කුප්පියාවත්ත ප්‍රදේශයේ පාසල් ළමුන් 700 සඳහා පාසල් පොත් බෑග් බෙදා දීම වෙනුවෙන් රුක්ෂාන් පෙරේරා මැතිතුමා විසින් සංවිධානය කරනු ලැබූ උත්සව අවස්ථාවක් හා එක්වෙමිනි.
මේ අපහාස කරන අයගේ විශ්වාසය වන්නේ සමාජය නිරාගමික විය යුතු යන්න බවත් සෑම පුද්ගලයකුටම තමන් පිළිගන්නා විශ්වාස කරන ඔ්නෑම ආගමක් ඇදැහීමේ සංස්කෘතියක් පිළිගැනීමේ අයිතියක් ඇති බවත් නිරාගමික වීමටත් ජනතාවට අයිතියක් ඇති මුත් එය බලහත්කාරයෙන් සිදු කිරීම නොකළ යුතු බවත් මේ සෑම අයිතියකටම නිදහස ලබා දීම සැමගේම වගකීම බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
රටේ ගෑස් හිගයක් තිබෙන බවට රජයවත් දන්නේ නෑ
එබැවින් මහා සංඝරත්නයට එල්ලකරන ප්‍රහාර නවත්වන ලෙස සියලුම ආගමික නායකයන් ඉලක්ක කර ගෙන සිදු කරන නින්දිත මඩ ව්‍යාපාර නවත්වන ලෙස රජයට කියා සිටින බවත් මේවා නවත්වා රටේ ප්‍රශ්න විසදන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් අද රටේම ගෑස් හිගයක් ඇති බවත් මේ ගැන තමා පාර්ලිමේන්තුවේ කතා කරන විට රජයේ වගකිව යුත්තන්ට අනුව නම් හිඟයක් නැති වුවත් ජනතාවට නම් ගෑස් හිඟ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ වන විට ඇගලුම් කර්මාන්තශාලා වැසෙමින් යනවා
රටේ ගෑස් හිඟයක් තිබියදී ඇස්වලට පෙනි පෙනී තොරතුරු දැන ගෙනත් රජය කටයුතු කිරීම තුළින් පෙන්නුම් කරන්නේ රජයේ උද්දච්චකම නොහැකියාව සහ වැඩක් කරන්න නොහැකියාව බවත් මේ වන විට රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ඇගලුම් කම්හල් 200 යටතේ ආරම්භ වූ ඇගලුම් කර්මාන්තශාලා පවා අද වැසී යාමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මේ වන විට MAS holding ආයතනයේ 96000ක් සේවය කරන බවත් ඉන් 26000කට රැකියා අහිමි වෙන්න යන බවත් රැකියා කරන ප්‍රමාණය 70000 අඩු කරන්න ඔවුන් කටයුතු කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙ ගැටලුවලට රජයට උත්තර නෑ
මේ ඇගලුම් කර්මාන්තශාලා නිර්මාණය කිරීම නිසා ලෝකප්‍රකට ඇගලුම් සන්නාම මැසීම අප රටේ පවා සිදු වුවත් අද මේ කර්මාන්ත ශාලා වැසී යාමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවත් මේවාට රජයට උත්තර නොමැති බවත් මෙයට හේතුව වත්මන් රජයට ඇමෙරිකානු බදු අඩු කර ගැනීමට නොහැකි වීම ඊට හේතුව බවත් මේ සාකච්ඡා රජයට හරියට ක්‍රියාත්මක කරන්න නොහැකි බවත් අද බලයේ සිටින්නේ කර්මාන්තශාලා විවෘත කළ අය නොව කර්මාන්තශාලා වසා දැමූ ගිණි තැබූ සහ සේවකයන් මහපාරට බැස්සවූ අය බවත් මොවුන්ට වෙළෙද ගිවිසුම් ගැන කිසිදු දැනුවත්භාවයක් නොමැති බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.
ජාතිවාදී ගැටුම් ඇති නොකර රටේ ප්‍රශ්න විසදන්න
මෙවැනි ගැටලු මැද රජය කරන්නේ ජාති ආගම් අතර ගැටුම් ඇති කර බෙදීම් ඇති කර බෙදීම තුළින් රජ වීමේ න්‍යාය බවත් දැන්වත් මේවා නතර කර ජනතාවගේ අවශ්‍යතාවලට උත්තර සපයන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.






















