මේ අවස්ථාවේ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර එහි උන්නතිය උදෙසා කටයුතු කිරීමටත් සම්බුද්ධ ශාසනයේ මුරදේවතාවුන් වන මහා සංඝරත්නයට එල්ල වන විවිධාකාර අඩන්තේට්ටම් ප්‍රහාර හා අභියෝග මැඩ පවත්වා අපේ ගෞරවනීය වන්දනීය මහා සංඝරත්නය මේ ප්‍රහාරවලින් අභියෝගවලින් ආරක්ෂා කර ගැනීමට ජනතාව පෙරට ආ යුතු කාලය එළැඹ ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද කෝට්ටේ ශ්‍රී ජයවර්ධනාරාම මහා විහාරස්ථානයේ ආදි කර්තෘවරුන්ගේ ගුණ සැමරීම නිමිති කරගෙන පැවැති පිංකම් මාලාවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මහා සංඝරත්නය වනචාරීන් ලෙස අපහාස කරමින් අනෙකුත් මහා සංඝරත්නයටත් බෘෘස්ලි පහරවල් එල්ල කළ යුතුය යන කරුණ මේ අය ප්‍රකාශ කරමින් යන බවත් කරාටේ සංදර්ශනවල එල්ල කරන පහරවල් මහා සංඝරත්නයට අනෙකුත් පූජක පාර්ශ්වයනට එල්ල කරන බවට පැවසීමත් අශීලාචාර ප්‍රකාශයක් බවත් මෙවැනි අශිෂ්ට අශීලාචාර විනයගරුක ප්‍රකාශ කරන පාර්ශ්වයන්ට එරෙහිව නීතිමය පියවර ගත යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජයේ මේ කතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අපහාසයක්
එසේම මහා සංඝරත්නයට වනචාරී කියා පහර දෙන්න හදන අය මහා සංඝරත්නයට සම්බුද්ධ ශාසනයට අත තියන්න ඉඩ නොතබන බවත් රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ සම්බුද්ධ ශාසනය සුරක්ෂිත කර ඇති බවත් අප කළ යුත්තේ බුදුදහම ප්‍රවර්ධන කර සෙසු ආගම් සංස්කෘතීන් ආරක්ෂා වන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම බවත් රජයේ මැති ඇමතිවරු කරන වැරදි ප්‍රකාශ තුළ වෛරය ක්‍රෝධය අසමගිය ප්‍රවර්ධන වන බැවින් රජයේ වගකිවයුතු මැති ඇමතිවරු කතා කළ යුත්තේ රට බෙදන්න නොව එක්සේසත් කිරීමට බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
අපේ රට නිරාගමික රටක් නොවේ
ශ්‍රී ලංකාව නිරාගමික රටක් නොව විවිධ ආගම් අදහන ජන කොට්ඨාස ඇති නිසා මේ සෑම ආගමකම ඇති ගුණගරුක දේ උපයෝගී කර ගෙන ශීෂ්ටසම්පන්න රටක් නිර්මාණය කළ යුතු බවත් සම්බුද්ධ ශාසනයට ලබා දී ඇති මුල් තැන රකිමින් සෙසු ආගම් කොට්ඨාස ආරක්ෂා කරන රට එක්සේසත් කරන වැඩපිළිවෙළක් සඳහා භේදයෙන් තොරව එක්වන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
රජය ගෙනාව ගල් අගුරු නැව් අටම තත්ත්වයෙන් බාලයි
රජය එක පැත්තකින් විදුලි පාරිභෝගික ජනතාවගේ කරපිට විදුලි බිල වැඩි කර පීඩනය ඇති කරන්න හදන විට තවත් පැත්තකින් බාල ගල් අගුරු ගෙනවිත් රටට අලාභ කර ඇති බවත් රජය ගෙන ආ ගල් අගුරු නැව් අටම බාල බවට වගකීමෙන් ප්‍රකාශ කරන බවත් දත්ත පරීක්ෂා කරන විට දහන වාර්තා පරීක්ෂා කරන විට මෙය පෙනී යන බවත් මෙය දූෂිත ගණුදෙනුවක් බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ කර්මාන්ත ශාල අද වැසී යාමෙන් 30000කගේ රැකියා අනතුරේ
රණසිංහ ප්‍රේමදාස මහතා ආරම්භ කළ ඇඟලුම් කම්හල් නිසා ලක්ෂ ගණනින් රටට මුදල් ලැබී රැකියා ලැබුනත් අද මේ වැඩසටහන පවා මේ රජය යටතේ කඩාකප්පල් වී ඇති බවත් අද කර්මාන්ත ශාලා විවෘත වනවා වෙනුවට වැසී යන බවත් MAS ආයතනයට අනුබද්ධ කර්මාන්ත ශාලා රැසක් වසා දැමීමට නියමිත බවත් මෙය 30000කගේ රැකියා අහිමි වීමක් බැවින් මේ සම්බන්ධයෙන් මැදිහත් වී වැසී යාමට නියමිත කර්මාන්ත ශාලා වෙත රාජ්‍ය අනුග්‍රහය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේය.





















