මෙම වසරේ මුල් කාර්තුව තුළ ධම්මික පෙරේරා මහතාට අයත් හේලීස් සමූහ ව්‍යාපාරය බදු ගෙවීමට පෙර රුපියල් බිලියන 1.17ක වාර්තාගත ලාබයක් වාර්තා කොට ඇත.
මෙහි ඇති විශේෂත්වය වන්නේ කොරෝනා සමය ඇතුළතදී පවා හේලීස් සමාගම වෙමැනි ආකාරයේ ලාබයක් වාර්තා කර තිබීමය.
එය පසුගිය වර්ෂයේ පළමු කාර්තුව හා සැසදීමේදී විශාල වර්ධනයක් බව මූල්‍ය වාර්තා පෙන්වා දෙයි. පසුගිය වසරේ මුල් කාර්තුවේ සමාගමේ බදු ගෙවීමට පෙර ශුද්ධ ලාභය ලෙස වාර්තා කර තිබුණේ රුපියල් මිලියන 285.26කි.
ඇදිරි නීතිය ඉවත් කොට රට ලිහිල් කිරීමත් සමග ව්‍යාපාර කටයුතු වහා ආරම්භ කිරීම, අපනයනයන් ඉහළ නැංවීම සහ වියදම් අවම කරගැනීම මේ සදහා බලපා ඇති බවද වාර්තා වේ.











