මද්දුමගේ ලසන්ත චන්දන පෙරේරා නොහොත් අංගොඩ ලොක්කා සතුව පැවති පිස්තෝලය මේ වනවිට අතුරුදන්ව ඇති බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
ඒ අනුව අදාළ පිස්තෝලය සොයා ගැනීම සදහා ඉන්දීය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනම කණ්ඩායමක් පත් කොට ඇති බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
ඝාතනය වීමට ප්‍රථම අංගොඩ ලොක්කා කොයිම්බතූර්හි නිවෙසක් කුලියට ගෙන ජීවත්ව ඇති අතර අවසන් මොහොතේ සිය පිස්තෝලය එහි පදිංචිව සිටි ලාංකිකයකුට ලබා දී ඇති බව දැනගන්නට ඇත.