• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උපාධිය ගත්තේ අවුරුදු 94දි! පශ්චාත් උපාධිය ගත්තේ අවුරුදු 97දි! ජීවන ගමන නිමා කළේ අවුරුදු 99දි! සුබ ගමන් අත්තම්මේ…! Sri Lanka Latest News

February 21, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
උපාධිය ගත්තේ අවුරුදු 94දි! පශ්චාත් උපාධිය ගත්තේ අවුරුදු 97දි! ජීවන ගමන නිමා කළේ අවුරුදු 99දි! සුබ ගමන් අත්තම්මේ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අත්තම්මා අපිව දාලා යන්නම ගිහින්……’
ඇය නමින් ලීලාවතී ඇසිලින් ධර්මරත්න. ඇය දිවි ගමනේ අවුරුදු 99ක් නිමාකර නික්ම ගිහින්. අප ‘මව්රට’ පුවත්පතට ඈ අවස්ථා ගණනාවකදී ලිපි සැපයුවා. ජගත් කාන්තා දිනයට, වෙසක් අතිරේකයට සෑම වසරකම ඈ නොවරදවාම ලිපියක් ලියන්නට අමතක කළේ නෑ. ලස්සනට, රහට, පාඨකයන්ගේ හදවතට දැනෙන්න ලිවීමේ මනා හැකියාවක් ඇයට තිබුණා. ඒ ලිපි හරහා පාඨක හිතවතුන් දැනුමෙන්, රසයෙන් පෝෂණය කළාට ඔබට ගොඩාක් ස්තුතියි ගොඩාක් පින්… අත්තම්මේ…

1927 අවුරුද්දේ හොරණ මිල්ලෑව ප්‍රදේශයේ උපත ලද ලීලාවතී මාතාව, මිල්ලෑව බාලිකා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා, අනතුරුව ඉංග්‍රීසි ගුරුවරියක් ලෙස කටයුතු කළා. නීතිඥවරියක වීමට ඈ තුළ තිබූ ආශාව නිසාම නීතිඥ විභාගයට මුහුණදී එම වසරේ නීතිඥ විභාගයෙන් දිවයිනේ පළමුවැනියා විදියට සමත්වෙන්නටත් ඇයට හැකි වුණා. 1962 නොතාරිස්වරුන්ගේ සම්මේලනයට සහභාගිවුණු අවස්ථාවේ තමයි ඇගේ අනාගත සහකරු මුණගැසෙන්නේ. ඒ අනුව 1963 වසරේදී ඇය විවාහ දිවියට ඇතුළත් වෙනවා. විවාහ වී වසර 7ක් ගෙවෙද්දී, 1970 වසරේ හදිසියේම ඇගේ ස්වාමිපුරුෂයා මියයනවා. ඒ වනවිට එම දෙපළ දූවරුන් සිවුදෙනකුගේ මවුපියන් බවට පත්ව සිටියා. සැමියාගේ වියෝව දරාගැනීමට නොහැකිව නාවලපිටියේ පදිංචියට පැමිණි ඇසිලින් මාතාව, ස්වදේශීය අමාත්‍යාංශයේ නොතාරිස්වරියක ලෙස කටයුතු කිරීම ආරම්භ කළා. ඇය කිසි විටෙකවත් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් වෙන්නට ඉඩ දුන්නේ නැහැ. නැවතත් විවාහයක් කරගැනීමට ඈ අකැමැති වූයේද දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් ඇති උනන්දුවත්, දරුවන් සිවුදෙනා කෙරෙහි ඇති අසීමිත ආදරයත් නිසාමය.

මහත් ධෛර්යයෙන් දරුවන්ට අධ්‍යාපනය ලබාදුන් ඇගේ ඒ වෙහෙස මල්ඵල ගැන්වූයේ දූවරු හතර දෙනාම උපාධිධාරීන් බවට පත්වීමත් සමගයි.
ඒ අතරින් වැඩිමහල් දියණිය ධම්මිකා ජයලත් බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරිය ලෙසත්, දෙවැනි දියණිය සමුද්‍රා ජයලත් ඔස්ටේ්‍රලියාවේ විශ්වවිද්‍යාලයක මහාචාර්යවරියක් ලෙසත්, තෙවැනි දියණිය ඉන්දුනීලා නාවලපිටියේ ශාන්ත ඇන්ඩෲ විදුහලේ ගුරුවරියක් ලෙසත්, සිවුවැනි දියණිය මනෝහාරි ජයලත් මහෙස්ත්‍රාත්වරියක් ලෙසත් කටයුතු කරනවා.
වයස අවුරුදු 94දී පවා වැඩිදුර අධ්‍යාපනය ලැබීම අත් නොහැරි ඇසිලින් මාතාව අභිධර්මය හදාරා උපාධිය ලබාගත්තේ ඉගෙනීමට වයස බාධාවක් නොවන බව ලොවටම පෙන්වා දෙමින්. එසේම වයස අවුරුදු 97දී ශාස්ත්‍රපති උපාධිය ලබාගන්නත් ඇය සමත් වෙනවා. ‘උනන්දුව තියෙනවා නම්, ඉගෙනගන්න වයස බලපාන්නේ නෑ… වයස කියන්නේ ඉලක්කමක් විතරයි…’ ලෝකයාට ආදර්ශයක් දෙමින් ඇය කිව්වේ එහෙමයි.

බොහෝ පවුල්වල දරුවන් මවුපියන්ට බරක් වෙද්දි ඇසිලින් මාතාවගේ දරුවන් තමන්ගේ අම්මාගේ කැපකිරීමට වටිනාකමක් දුන්නා. දරුවන්ගෙන් මවුපියන්ට ලැබෙන ලොකුම සතුට, ඔවුන් සමාජයට වැඩදායී පුරවැසි බවට පත්වීමයි. ඇසිලින් මාතාව ඒ සතුට උපරිමයෙන් වින්දා.

ශතවර්ෂාසන්න කාලයක් රටට දැයට සේවය කර දිවි ගමන නිමා කළ ලීලාවතී ඇසිලින් ධර්මරත්න මාතාවගේ දේහය බොරැල්ල ජයරත්න මල්ශාලාවේ The Restpect Homes හි පෙබරවාරි 20 වැනි දින තැන්පත් කර තැබෙන අතර, අවසන් කටයුතු 21 වැනි සෙනසුරාදා ප.ව. 3.30ට බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකිරීමට නියමිතය.

අත්තම්මේ ඔබ අපිව දාලා ගියාට ඔබ ලියූ වචන, ඔබ සමාජයට දුන් ආදර්ශය, ඔබේ සුන්දර සිනාව බොහෝ හදවත් තුළ තවමත් ජීවත් වෙනවා. අප ‘මව්රට’ කාර්ය මණ්ඩලය පමණක් නොවෙයි, ඔබව හඳුනාගත් සෑම හදවතක්ම ඔබට ආදරෙයි… ඔබට සුබ ගමන්…

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

ලංකාවේ එහෙම වුණාට වෙන කොහෙවත් එහෙම වෙන්නේ නෑ! උනුත් එකයි – මුනුත් එකයි! Sri Lanka Latest News

Next Post

පහුගිය දවස්වල සමහරු ස්වාමින් වහන්සේලාට කතා කරපු විදිහ වැරදියි! කිසිම කෙනෙක්ට බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කරන්න අයිතියක් නෑ! ගැමුණු පුර ශ්‍රී විශුද්ධාරාමයේ නව සංඝාවාස ගොඩනැගිල්ලට සජිත් මුල්ගල තියමින් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.