• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අඩෝ සරච්චන්ද්‍රයා බැහැපිය බිමට….’ ! මීට අවුරුදු 44කට කලින් බෞද්ධ මහා සම්මේලනයේදීම එල්ලවූ ‘ධර්මිෂ්ඨ’ ප්‍රහාරය! Sri Lanka Latest News

February 22, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
‘අඩෝ සරච්චන්ද්‍රයා බැහැපිය බිමට….’ ! මීට අවුරුදු 44කට කලින් බෞද්ධ මහා සම්මේලනයේදීම එල්ලවූ ‘ධර්මිෂ්ඨ’ ප්‍රහාරය!  Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මවුබිම සුරැකීමේ සංවිධානයේ මෙහෙයවීමෙන් දහසකට අධික සඟරුවනක් 2026 පෙබරවාරි 20 වැනිදා කොළඹ බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පැවැත්විණි. මේ, මෙයට වසර 44කට පෙර එම ස්ථානයේදීම 1982 ජූලි 21දී පැවැති සිංහල බලමණ්ඩල රැස්වීමට ආණ්ඩුවේ යූ.ඇන්.පී. මැරයන් බලහත්කාරයෙන් කඩාවැදී මහාචාර්ය සරච්චන්ද්‍රට සහ සෝභිත හිමිට බිම දාගෙන පහරදුන් හැටි සියැසින් දුටු එවකට උසස්පෙළ පාසල් සිසුවකුව සිටි සහ සෝභිත හිමිගේ නාග විහාරස්ථානයේ ප්‍රධාන දායක පවුලක සාමාජිකයකු වූ ධර්මන් වික්‍රමරත්න කියන කතාවය.Sri Lanka Latest News

මෙරට ඉතිහාසයේ පැවැති දූෂිතම මැතිවරණය යූඇන්පී ආණ්ඩුවේ නිල කාලය අත්තනෝමතික ලෙස අවුරුදු 6කින් දීර්ඝ කරගැනීම සඳහා 1982 දෙසැම්බර් 22 වැනිදා පැවැත්වූ ඊනියා ජනමත විචාරණයයි. එය කවරාකාරයකින් හෝ ජයගැනීමට එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව ක්‍රියා කළේය. මේ අතර ගාමිණී කීර්තිචන්ද්‍රගේ මූලිකත්වයෙන් 1979 ගොඩනැගී තිබුණු ‘සිංහල බල මණ්ඩලය’ රැස්වීම් පවත්වමින් මේ පිළිබඳ ජනතාව දැනුවත් කළහ.

ජයවර්ධන ආණ්ඩුවේ විවෘත ආර්ථික ප්‍රතිපත්තියෙන් රටට හා ජනතාවට සිදුවන ප්‍රතිවිපාක විද්වතුන්ගේ අදහස් මගින් ජනතාව හමුවට ගෙන ඒම සිංහල බලමණ්ඩලයේ අරමුණ විය. 1977න් පසු විවෘත ආර්ථිකයේ දුර්විපාක හා මෙරට මුල් බැසගෙන තිබූ සමාජය දෙදරා යමින් පවතින බවත් පෙන්වා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ‘ධර්මිෂ්ඨ සමාජය’ කෘතිය රට පුරා මහත් ආන්දෝලනයක් ඇති කළේය. සමාජ ක්‍රමය බිඳවැටී බොල් සමාජයක් බිහිවීම පිළිබඳ ඛේදවාචකය මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ‘ධර්මිෂ්ඨ සමාජය’ කෘතියෙන් ජනතා අවධානයට යොමුකර තිබිණි. සිංහල බලමණ්ඩලයේ 1982 ජූලි 21 රැස්වීම ප්‍රධාන දේශනය පැවැත්වීමට ආරාධනා කළේ ‘ධර්මිෂ්ඨ සමාජය’ කෘතියේ කතුවර මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන්ටය. බෞද්ධ මහා සම්මේලන ශාලාවේ පැවති රැස්වීමට 2,000කට ආසන්න විශාල පිරිසක් එක්ව සිටියහ.

‘වර්තමාන සිංහල සංස්‌කෘතියේ පිරිහීමට හේතු මොනවාද?’ මැයෙන් සිය ප්‍රධාන දේශනය ඇරැඹූ මහාචාර්ය සරච්චන්ද්‍ර වර්තමාන සමාජය විෂමවී ඇති බවත්, ඒ විෂමතාව හේතු කොටගෙන දූෂණ, සොරකම්, කොල්ලකෑම් වැඩිවී ඇති බවත් කීය. බුදුන්වහන්සේගේ දේශනාව අනුව ගිහියකුගේ දිවිපෙවෙත ගත කළ යුතු ‘සම්මා ආජීව’ (යහපත් දිවි පැවැත්ම) අද සමාජයෙන් තුරන් වී ඇති බවද පැවසූ මහාචාර්යවරයා මෙවැනි තත්ත්වයක්‌ උද්ගතවීමට හේතුව විවෘත ආර්ථිකය බවද පෙන්වා දුන්නේය. ඒ සමගම ශාලාවේ රැස්‌ව සිටි පිරිස අතුරින් හූ හඬක්‌ නැගුණි. ඒ සමගම වේදිකාවට ගොඩවූ පුද්ගලයෙක්‌ මහාචාර්ය සරච්චන්ද්‍ර වෙත පැමිණ ‘ඔය කතාකරන්නේ සිංහල ප්‍රශ්න ගැන නොවෙයි, දේශපාලනය ගැනයි. මේක දේශපාලන රැස්‌වීමක්‌ නොවෙයි’ කියමින් ඝෝෂා කරන්නට විය.

ඒ මොහොතේම එම පුද්ගලයා දුන් සංඥාවක්‌ අනුව රැස්‌වීම් ශාලාවේ සිටි විශාල පිරිසක්‌ ‘අඩෝ සරච්චන්ද්‍රයා බැහැපිය බිමට’ යනුවෙන් කෑ ගසමින් හා හූ කියමින් පුටු එහාට මෙහාට විසිකරන්නට වූ අතර වේදිකාවට නැගි මැරයෝ සරච්චන්ද්‍රයන්ටත් සෝභිත හිමියන් ඇතුළු විද්වතුන්ටත් පහර දෙන්න පටන්ගත්හ. සැණෙකින් සභා ශාලාවම මැරයන්ගේ කෙළිබිමක් බවට පත් විය.

හිත්පිත් නැති මැර පිරිස සරච්චන්ද්‍රයන්ට අතින් පයින් පහරදී වේදිකාවෙන් බිමට ඇද දැමූහ. මහාචාර්ය සරච්චන්ද්‍රගේ මුහුණට හා පපුවට පයින් ගසමින් ඔහුගේ දෙපයින් අල්ලා එළියට ඇදගෙන ගියේ තිරිසන් සතෙකුටවත් නොකරන ආකාරයෙනි. අනතුරුව බිම දිගේ ඇදගෙන ගොස් පිටත පිහිටි කානුවකට ඇද දැමූහ. මහාචාර්ය සරච්චන්ද්‍ර ප්‍රහාරයෙන් බේරාගන්න ගිය සෝභිත හිමියන්ටද ප්‍රහාරවලට ලක්වීමට සිදුවිය. උන්වහන්සේගේ අතකටද තුවාල සිදුව තිබිණි. මැර පිරිස මහාචාර්ය සරච්චන්ද්‍ර කානුවට ඇද දමා යළිත් ශාලාව තුළට කඩාවැදුණි. ශාලාවේ රැස්‌ව සිටි පිරිසද ඒ මේ අත දිවගියේ මැර ප්‍රහාරයෙන් බේරීමටය. මැරයෝ රැස්‌වීම් ශාලාවේ පුටු පොළොවේ ගසමින් ශබ්ද විකාශන යන්ත්‍රද කඩා බිඳ දමමින් මහත් හානියක්‌ කළහ. ශාලාව තුළ දුම් බෝම්බ පුපුරවා හැර රැස්වීම සම්පූර්ණයෙන් කඩාකප්පල් කරදැමූ මැරයෝ සෝභිත හිමිගේ වාහනයට ගල්වලින් පොලුවලින් ගහලා විනාශ කළේය.

ප්‍රහාරයෙන් පසු මැර පිරිස විසිර ගියා. මෙම මැර පිරිස පැමිණියේ ලංගමයට අයත් බස් රථ හයකින්. එම බස් රථවල පැමිණි ඔවුන් ප්‍රහාරයෙන් පසු යළි එම බස් රථවලටම නැගී ගියා. මෙම ප්‍රහාරයේදී සිංහල බලමණ්ඩලයේ භාණ්ඩාගාරික එස්.පී. සේනාරත්න, නුගේගොඩ සිරිසේන එදිරිසිංහ, ආචාර්ය තිලක් කාරියවසම් සහ පලානේ විමලරංසි හිමියෝද තුවාල ලැබුවා. ශාලාවේ සිටි පිරිසට පහරදී එහි පුටු දොර ජනෙල්වලටද හානි කළා. මැර පිරිස රැස්වීම කඩාකප්පල් කිරීමෙන් පසු ඉවත්ව ගියේ එලෙසයි.

මෙම මැර ප්‍රහාරය ‘දිවයින’ ඡායාරූප ශිල්පී විමලසිරි ජයලත් විසින් ඡායාරූප ගතකරමින් සිටියා. මැරයෝ ඔහු වෙතටද කඩාපැන ඔහුට පහර දී ඔහුගේ කැමරාවද පැහැර ගත්තා. ‘දිවයින’ ඡායාරූප ශිල්පී විමලසිරි ජයලත්ගේ පැහැර ගත් එම කැමරාව යළි මතුවූයේ වරාය ජාතික සේවා සංගම් කාර්යාලයෙන්. ඒ ‘දිවයින’ පුවත්පතේ එවකට ප්‍රවෘත්ති කර්තෘව සිටි උපාලි තෙන්නකෝන්ගේ මැදිහත් වීමෙන්. වරාය ජාතික සේවක සංගමයේ සංවිධායක ලේකම්වරයකු බව කියන කේ.ඩී. මෙන්ඩිස්ගෙන් ‘දිවයින’ ප්‍රවෘත්ති කර්තෘවරයා සිදුකරන ලද ඉල්ලීමක ප්‍රතිඵලයක් වශයෙන් නැවත කැමරාව විමලසිරි ජයලත්ට හමුවුණා. එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මෙම මැරයන්ගෙන් බහුතරයක් සමන්විත වූයේ ජාතික සේවක සංගමයේ වරාය ශාඛාවේ ක්‍රියාකාරී සාමාජිකයන්ගෙන්.

තුවාල ලබා සිටි සරච්චන්ද්‍රයෝ තවත් අයෙකුගේ වාහනයක නංවා රෝහලට ගෙන ගියා. පසුව කුරුඳුවත්ත පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළ සෝභිත හිමියෝ අනතුරුව ප්‍රතිකාර සඳහා පිටත්ව ගියා. එදා සෝභිත හිමියන් පොලිසියට කළ පැමිණිල්ල පවා විභාග කළේ නැත. ඒ වෙනුවට සිංහල බලමණ්ඩලයේ සිටි විද්වතුන්ට රාජ්‍ය විරෝධී ලේබලය අලවා එහි නියුතු රාජ්‍ය නිලධාරීන් ඈත පළාත්වලට මාරු කිරීමට එජාප ආණ්ඩුව ක්‍රියා කළා.

මෙම පැමිණිලි මත කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපතිව සිටි මනෝ ඩේවිඩ් කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් උසාවියට ‘බී’ වාර්තාවක් ඉදිරිපත් කළා. ඔහු පවසා තිබුණේ කටඋත්තර දී ඇති අය විසින් පහර දුන් පුද්ගලයන්ගේ විස්තර ප්‍රකාශ කොට නොමැති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි බව කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති මනෝ ඩේවිඩ් ප්‍රකාශ කළා. පොලිසිය මෙහිදී අනුගමනය කළ ක්‍රියාවලියෙන් පැහැදිලි වන්නේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවේ අවශ්‍යතාව මත බව සිවිල් සංවිධාන ප්‍රකාශ කළා.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ධර්මන් වික්‍රමරත්න

SendShareShare
Previous Post

කෝ මිනිස්සුන්ගේ මනුස්සකම…? මේ නම් මිනිස්සු නෙවෙයි මිහිපිට දෙවිවරු….! Sri Lanka Latest News

Next Post

ගෝඨාභය හොඳයි කිව්වා – මිනිස්සු ගහලා පැන්නුවා! රනිල් හොඳයි කිව්වා – මිනිස්සු ඡන්දෙන් පැරැද්දුවා! වෙරිටේ රිසර්ච් ඇත්තද? බොරුද? එච්චරටම ජනප්‍රියයි නම් තියාපල්ලකො පළාත් සභා…! Sri Lanka Latest News

MORE NEWS

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Exclusive

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News
Exclusive

කාන්තාවන්ට හොඳ කලදසාවක්! මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ලොකුම පුටුවත් කාන්තාවකට! I Sri Lanka Latest News

Load More
දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

දේශපාලඥයෙක්..! පරිසරවේදියෙක්..! වනජීවී ඡායාරූප ශිල්පියෙක්..! වාදකයෙක්..! ක්‍රීඩකයෙක්..! මානව හිතවාදියෙක්..! සජිත් JDA කලාගාරයට ගිහින් මොකද කළේ..? VIDEO & PHOTOS I Sri Lanka Latest News

ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමය විසින් සංවිධානය කරන ලද 46 වැනි ජාතික ඡායාරූප තරඟය සහ ඡායාරූප ප්‍රදර්ශනය පසුගියදා කොළඹ...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.