• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝ මිනිස්සුන්ගේ මනුස්සකම…? මේ නම් මිනිස්සු නෙවෙයි මිහිපිට දෙවිවරු….! Sri Lanka Latest News

February 22, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
කෝ මිනිස්සුන්ගේ මනුස්සකම…? මේ නම් මිනිස්සු නෙවෙයි මිහිපිට දෙවිවරු….! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘මිනිස්සුන්ට උදව් කරන්න පුළුවන් වෙලාවට දෙවරක් හිතන්න එපා. දෙවිවරු කියන්නෙත් මිනිස්සුන්ටමයි….’ මේ වචන කිහිපය සමාජ මාධ්‍ය පුරා විහිදී ගියේ හදවත කම්පා කරවන වීඩියෝවක්ද සමගයි. රිය අනතුරකින් තුවාල ලැබූ තරුණයන් දෙදෙනකු පාර අයිනේ වැටී සිටියදී සිය ගණනක් වාහන එතැනින් එහා මෙහා ගමන් කළත්, ඔවුන් රෝහල වෙත රැගෙන යෑමට කිසිවකුත් නතර නොවූ මොහොතක එක පවුලක් පමණක් තමන්ගේ ගමන අතරමග නවතා සිය රථය එහි නතර කළා.Sri Lanka Latest News
මනුස්සකම තුට්ටු දෙකට ගිය කාලෙක මනුස්සකම ඉතිරිවෙලා තියනවා කියලා අපි දැක්කා මෙි වීඩියෝවෙන්. අනෙක් සියලු වාහන මේ තුවාලකරුවන් නංවා ගන්න බෑහැ කියද්දි මේ සත්පුරුෂයන් ඔවුන් රෝහල්ගත කරන්න ඉදිරිපත් වුණා.

සමාජ මාධ්‍ය පුරා මේ දිනවල හුවමාරු වන එම වීඩියෝවේ ඉන්න ටෙෂානි සංසලා වික්‍රමසිංහ අවුරුදු 8කින් තමයි ලංකාවට එන්නේ. ඔවුන් සිටියේ විනෝද ගමනක් යන අතරතුර. ඒ විනෝද ගමන සතුට සිනාව පවුලේ ආදරය මේ සියල්ල පිරුණු ගමනක් වුණා. ටෙෂානි සේවය කරන්නේ අබුඩාබිවල පිහිටි සුපිරි වෙළෙඳසල් ජාලයක පිළිගැනීමේ නිලධාරිනියක් ලෙස. ඇගේ නැගණියන් දෙදෙනා ඔස්ටේ්‍රලියාවේ ඉගෙන ගන්නා අතර තාත්තා ඉතාලියේ බර වාහන රියැදුරෙක් ලෙස සේවය කරනවා. මේ සියලු දෙනාම සිය රැකියාවලින් නිවාඩු ලබාගෙන ලංකාවට ආවේ එකිනෙකා හමුවෙලා විනෝද වෙන්න හිතාගෙන. ටෙෂානිගේ අම්මා මීගමුව විද්‍යාලංකාර විද්‍යාලයේ ගුරුවරියක්. ටෙෂානිගේ උපන්දිනේ පෙබරවාරි 09 වැනිදාට යෙදී තිබුණා. ඒ වගේම ඇගේ මල්ලීගේ උපන්දිනයත් යෙදිලා තිබුණේ ඊට පසු දිනටයි.

ඉතින් මේ සියලු කාරණා එක්ක ඔවුන් තීරණය කරලා තිබුණේ හබරණ ප්‍රදේශයේ පිහිටි ඔවුන්ගේ නැදෑ ගෙදරකත් ගිහින් දඹුල්ලේ හෝටලයක නැවතිලා විනෝද වෙලා එන්නයි. එහෙම හිතාගෙන ඔවුන් මීගමුවේ සිට හබරණ දක්වා පිටත් වුණත් හබරණ දිගම්පතහ ප්‍රදේශයේදී ඔවුන්ට දැකගන්නට ලැබුණේ හද කම්පා කරන සිදුවීමක්. ඒ, රිය අනතුරකින් තුවාල ලබා පාර අයිනේ වැටී සිටි තරුණයන් දෙදෙනෙකි. ඉතා අසාධ්‍ය තත්ත්වයේ පසුවූ ඔවුන් රෝහල්ගත කිරීමට කිසිවකුත් ඉදිරිපත් නොවීම නිසා එහි උද්ගතව තිබුණේ දැඩි කලබලකාරී වාතාවරණයක්. අනතුර සිදුවී විනාඩි 40ක් පමණ ගතවී තිබීම නිසා පණ අදිමන් සිටි තරුණයන් රැගෙන යාමට පාරේ ගමන් කරන වාහන නතර කිරීමට බොහෝ දෙනෙක් උත්සාහ කළත් ඒ කිසිදු වාහනයක් ඔවුන් වෙනුවෙන් නතර වුණේ නැහැ.

කෙසේ වෙතත් ටෙෂානි ඇතුළු පවුලේ අය රැගත් වාහනය මේ අනතුර සිදුවූ ස්ථානයේ නතර කළා. ටෙෂානිගේත්, ඇගේ පවුලේ අයගේත් එකම බලාපොරොත්තුව වුණේ තුවාලකරුවන් කඩිනමින් රෝහල්ගත කර ඔවුන්ගේ ජීවිත රැකගැනීමයි. මේ සිදුවීම සම්බන්ධයෙන් ටෙෂානි මාධ්‍යයට පවසා තිබුණේ මෙවැන්නකි.

‘අවුරුදු 8කින් පවුලේ හැමෝම එකට ලංකාවට එකතු වුණු නිවාඩුව එදා. මගේ සහ මල්ලිගේ උපන්දිනේ වෙනුවෙන් දවස් 3කට අපි හබරණ යමින් ගමන් හිටියේ. පාරෙන් එහා පැත්තේ කලබලේ එක්ක වෙන්නේ මොනවාද කියලා හිතාගන්න බැරිවුණා. චූටි කොල්ලෝ දෙන්නෙක් පාර අයිනේ පණ අදිමින් වැටිලා හිටියා. ඒ අය රෝහල වෙත රැගෙන යෑමට වාහන නවත්වන්න දරන උත්සාහය අපි දැක්කා.’

‘අපේ තාත්තා ඇහුවා අපි උදව් කරමුද කියලා. අපේ උත්තරේ පමාවට තාත්තා වාහනේ හරවා ගත්තා. අපි හැමෝම එක අරමුණෙන් ඒ ජීවිත දෙක බේරගන්න හිතුවේ. ගොඩාක් තුවාල වෙලා උන්නු මල්ලිව ඉස්සෙල්ලාම දාගත්තා. අනෙක් මල්ලිව කීයටවත් දාලා නම් යන්නේ නැහැ කියලා හිතුවා. ඒ මල්ලිව පුළුවන් උපරිමයෙන් දිගා කරවලා ඇඟට වත්තන් කරගත්තා. ඉස්සරහ සීට් එකේ මං එයාගේ ඇඟ අත ගගා කිව්වේ හොස්පිට්ල් එකට යනකන් ඉන්න කියලා. අපි ගියේ පොඩි වාහනයක. හවස 6ට විතර හබරණ – ත්‍රිකුණාමල මාර්ගයේ අපි වාහනේ බඩු අස්කරලා පිටි පස්සේ සිට් එක ලෑස්ති කළා. මේ වීඩියෝව එනකල්ම අපිට දැනුණේ කම්පනයක්. මම කිව්වා කවුරු හරි කෙනෙක් ඉස්සරහින් නගින්න කියලා. මගේ මල්ලිටත් අවුරුදු 18යි. මට ඒ මගේ මල්ලි වගේ දැනුණේ. අපි එයාලාව අවදියෙන් තියාගෙන කතා කර කර ඉස්පිරිතාලෙට ගියේ. අපි දඹුල්ල හොස්පිට්ල් එකට ගෙනිච්චේ විනාඩි 15 වගේ කාලයක් ඇතුළත. තාත්තා කිව්වේ එයාලාත් එක්ක යනකල් කතාකරන්න කියලා. පොලිසිය පවා අපිට ස්තුති කළා. දැන් කාලේ තුවාලකාරයන්ව මෙහෙම ගෙනියන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ කියලා තාත්තා කිව්වා.’

‘අපි ඒ දවස් තුනම ගත කළේ දඹුල්ලේ හෝටලයක. ඒත් ඒ දවස් තුනේ හැම මොහොතකම මතක් වුණේ මේ මල්ලිලා දෙන්නා. ඒත් පස්සේ අපි දැනගත්තේ දෙන්නාම නැතිවුණා කියලා. ඒ ගිය ගමන ඒ හැඟී ම විස්තර කරන්න වචන නැහැ. අවසානයේ රෝහලේදිත් ඒ අහිංසකයෝ ජීවිතේ එක්ක සටන් කරලා යන්නම ගියා. නිවනට යන ගමනේ මතු උපදින හැම භවයකම සැප සම්පත් පිරි යහපත් සහ දීර්ඝායු හිමි ජීවිතම ලැබේවා. ඒ පවුලේ අයටත් මේ දුක දරාගන්න හිතටත් ගතටත් දිරිය ශක්තියම ලැබෙන්න ඕනේ…’
ටෙෂානි මේ ෂෙයාර් වෙන වීඩියෝව බලන අයගෙන් මෙවැනි ඉල්ලීමක්ද කළා.

‘අනේ කෙනෙක්ට මෙවන් උපකාරයක් ඕනෙ වෙලාවට හැම දෙයක් ගැනම හිත හිත ඉන්න එපා. එදා විනාඩි 5කට 10කට කලින් ඒ කොල්ලන්ව රෝහලට ගෙනියන්න තිබ්බා නම් උන්ගේ ජීවිත බේරෙන්න තිබ්බා. විනාඩි 15-20ක් විතර අනතුර වෙලා ඉඳලා තියෙනවා. ඉගෙනගන්න ආසාවට නැති බැරිකමට රස්සාවට ආපු අමන්තයි (18), ජීවිතේ ජයගන්න හීන මවපු නවිඳුයි (22) මේ ඇක්සිඩ්න්ට් එක වෙන්න ඉස්සෙල්ලා දවසේ බයික් එක අරන් තිබ්බේ. මේ දරුවෝ ගැන දැනගනිද්දි දුකයි. අමන්ත කියන දරුවා අම්මාට දර පළලා දෙන දුප්පත් අහිංසක දරුවෙක්. ඉගෙනගන්න දඟලන දරුවෙක් කියලා දැනගත්තාම පපුව හෝස්ගාලා ගියා. මේ දරුවා හදපු අම්මා තාත්තා මතු බුදුවෙන්න ඕනේ. අපේ මේ දුප්පත් පුංචි රටේ අපිට තාම උපරිම පහසුකම් නැහැ. එකිනෙකා වෙනුවෙන් නැගිටින්න වෙනවාමයි. අපි කළ යහපත හෝ අයහපත ඒ වගේම නිසි වෙලාවට අපිට එනවාමයි…’
‘තව දෙයක් කියන්න ඕනේ, මිනිස්සු බයයි මේ වගේ දේවල්වලට මැදිහත් වෙන්න පොලිස් ප්‍රශ්න නිසා. ඒත් සීගිරිය පොලිසිය ඒ වෙලාවෙම එතැනට ඇවිත් අපටත් ස්තුති කරලා කටඋත්තර ගන්න වැඩේ සූදානම් කළා. එයාලාටත් ගොඩාක් ස්තුතියි මිනිස්සුන්ට තව තවත් දිරිය සහයෝගය දෙනවාට…’

ඇය අවසානයේ තමන්ගේ හැදූ වැඩූ මවුපියන්ටත් ස්තුති කරන්න අමතක කළේ නැහැ.
‘අපිට ජීවිතේ රස නීරස කියාදී දුක් මහන්සියෙන් අපිව හදාවඩාපු අපිට ශක්තිය දුන්නු තාත්තාටත් අම්මාටත් පින්. ඒ වගේම හදවත පුරාම පරාර්ථකාමීත්වයෙන් ඒ ජීවිත දෙක රකින්න අරමුණු කරගත් මගේ නංගිලාටත් මල්ලිටත්, ඒ මොහොතේ මහන්සි වුණු ගම්වාසීන්ටත් ප්‍රශංසාවත් යහපත් කර්ම ශක්තියත් ලැබේවා. මේ සමාජ මාධ්‍ය සංදර්ශනවලින් ඔයාටත් මටවත් ලැබෙන දෙයක් නැහැ. ඒත් දැන් මේ ෂෙයාර් වෙන සංවේදී සංසිද්ධියෙන් හරි ප්‍රයෝජනයක් ලැබෙනවා නම්, තව එකෙකුට දෙවරක් නොහිතා පිහිට වෙන්න හිතට ශක්තියක් ලැබීම පමණයි. ඒ වගේම පාරවල්වල හරි පරිස්සමෙන් අවධානයෙන් යන්න…’

ටෙෂානි අවසාන වරට කිව්වේ, ‘මට මං කළ දේ ගැන සතුටු වෙන්න පුළුවන්. එයාලා ජීවතුන් අතර හිටියා නම් සතුටින් ඉපිල යනවා…’ යනුවෙනි.
මේ වීඩියෝව දුටු ශ්‍යාමලි වික්‍රමනායක මුහුණු පොතේ තබා තිබුණේ මේ වගේ සටහනක්.

‘මේ වීඩියෝව දැක්ක ඕනෙම කෙනෙක් බැලුවා නම් කොච්චර සැපපහසු වාහනවල නැගලා ගිය මිනිස්සු හිටියද? ඒත් ඔවුන් තුළ මනුස්සකම නැහැ කියන එක තේරුණේ එතැනදි. මනුස්සයෙකුට ජීවිතයක් දෙන්න පිහිටක් වෙන්න දෙපාරක් හිතන්න හොඳ නැහැ. නීතිය ගැන හිතන්න ඉස්සෙල්ලා කරන්න ඕනෙ දේ කරන්න තරම් ඉගෙනගත්ත නැති මිනිස්සු ටිකක් තමයි ඒ වාහනවල නැගලා ගියේ. ඔවුන්ගේ මනුස්සකම හොඳටම තහවුරු වුණා. ඔවුන්ට තිරිසන්නු කියලා කියන්න හිත කියනවා. මොකද සතෙක් හැපුණොත් ඒ සතාව පැත්තකින් තියලා යන්න පුළුවන් මිනිස්සු කොට්ඨාසයක් අපි අතරේ ඉන්නවා. ඒ වගේ බෞද්ධ රටක අපි ජීවත් වෙන්නේ. ඒ බෞද්ධ රටේ මිනිස්සු කෑගගහා ඉල්ලුවේ ජීවිතය බේරලා දෙන්න කියලා…’

මේ සිදුවීම අද සමාජයේ බොහෝ දෙනෙක් මුහුණ දෙන සිදුවීමක්. මාර්ග අනතුරක් සිදුවුණාම උදව් කරන්න කවුරුත් ඉදිරිපත් වෙන්න කැමැති නැහැ. මේ දරුවෝ දෙන්නත් අනතුර සිදුවෙලා බොහෝ වෙලාවක් පාරේ වැටිලා ඉඳලා තියෙනවා. කවුරුවත් රෝහලට ගෙනයන්න ඉදිරිපත් වෙලා නැහැ. මේ තරුණයන් දෙන්නාව රෝහලට රැගෙන ගිය මේ පවුල මිහිපිට දෙවිවරු වගෙයි. එක් තරුණයෙකු තම උරහිස මත තබාගෙන රැගෙන රෝහලට ගිය ඇගේ සංවේදී මතකය තමයි ටෙෂානි හෙළිකළේ. අවාසනාවකට රෝහලේදි මේ තරුණයන් ජීවිතය හැරගියත් ඒ ජීවිත බේරාගන්න ටෙෂානි ඇතුළු පවුලේ අය ගත් උත්සාහයට හිස නමා ආචාර කළ යුතුයි. දෙයක් වුණු ගමන් අපේ මිනිස්සු කරන්නේ ඉස්පිරිතාලෙට ගෙනියන එක, ජීවිතය බේරගනන්න එක නෙවෙයි. ජංගම දුරකතන අරගෙන එම සිදුවීම වීඩියෝ කරලා සමාජ මාධ්‍යයට මුදාහරින එකයි.

මනුස්සයකුගේ වටිනාකම වැඩිවෙන්නේ ඔවුන් ක්‍රියාකරන ආකාරය අනුවයි. මේ මිනිස්සුන්ගේ හදවත්වල උතුරා ගිය ආදරය, දරාගත නොහැකි වේදනාව ඔවුන්ගේ හදවත්වලට දැනුණා. නන්නාඳුනන තරුණයකු තමන්ගේ ශරීරය මත තියාගෙන යන්න කවුරුවත් කැමැති වෙන්නේ නැහැ. ඒත් ටෙෂානිට එහෙම දැනුණේ නැහැ. ඇයට ඕනෙ වුණේ කොහොම හරි මේ තරුණයන්ව රෝහලට රැගෙන යාමටයි. ඇගේ හිත හරි ශක්තිමත්. මෙවැනි කාන්තාවන් ගැන අපිට දැනෙන්නේ ආඩම්බරයක්. මිනිස්සුන්ට තියෙන්න ඕනේ මේ වගේ හදවතක්. අනුන් ගැන සහකම්පනයක් දැනෙන්න ඕනේ. ඔවුන් මිනිස්සුන්ගේ ජීවිතවල වටිනාකම හඳුනාගත්ත එකට හදවතින්ම ස්තුතිවන්ත විය යුතුයි. අද තියෙන්නේ මුදල් පසුපස හඹායන සමාජයක්. අනුන්ගේ දුකේදි උණුවෙන හදවත් බොහොම අඩුයි.

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් රචනා කළ චන්ද්‍රලේඛා පෙරේරා ගායනා කළ ‘වන සිවුපාවුන් වැනි මිනිසුන් මැද දෙවි දේවතාවුන් වැනි මිනිසුන් ඇත’ කියන ගීතය මේ වගේ සිදුවීමකට හරියටම ගැළපෙනවා. ටෙෂානිගේ සහ ඇගේ පවුලේ අය රටටම පෙන්වා දුන්නේ මනුස්සකම තවමත් මැරී නැති බවයි. මේ ජීවිත දෙක බේරාගන්න ඇය උත්සාහ කළා. ඒක සාර්ථක වුණත් නොවුණත් ඒ උත්සාහයම මහා පිනක්. ජීවිතයක වටිනාකම මුදලින් මනින්න බැහැ. එය මනින්නේ අපේ හදවත්වලට දැනෙන කම්පනයෙන්.
අනතුරක් දැක්කාම කරදර වෙයිද කියලා හිතන්න ඉස්සෙල්ලා, මේ අනතුර මගේම කෙනෙක්ට සිදුවුණා නම් කියලා හිතන්න පුළුවන් නම් අපේ රට වෙනස් වෙයි. අද අපිට තාක්ෂණය තියෙනවා සමාජ මාධ්‍ය තියෙනවා. ඒත් නැතිවෙලා තියෙන්නේ එකිනෙකා වෙනුවෙන් නැගිටින්න පුළුවන් හදවත්. එහෙම හදවත් තිබූ ටෙෂානි ඇතුළු පවුලටම හිස නමා ආචාර කරමු. අකාලයේ සමුගෙන ගිය ඒ තරුණයන් දෙදෙනාටම නිවන්සුව පතමු. අපේ හදවත්වල මනුස්සකම ඉතිරිවෙලා තියෙන තුරු මේ රටට හෙටක් තියෙයි.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

නෝනත් එක්කම නාමල් ලන්ඩන් විහාරයට ගිහින්! PHOTOS I Sri Lanka Latest News

Next Post

‘අඩෝ සරච්චන්ද්‍රයා බැහැපිය බිමට….’ ! මීට අවුරුදු 44කට කලින් බෞද්ධ මහා සම්මේලනයේදීම එල්ලවූ ‘ධර්මිෂ්ඨ’ ප්‍රහාරය! Sri Lanka Latest News

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.