මිනිසුන් මැරෙති තැන තැන වෙඩි හඬ ඇසෙතී…
ඉතිහාසයට අද වටිනා කමක් නැහැ
පුරවිදු නාම පුවරුවටත් තැනක් නැහැ
වැනසෙයි එසැම එය සුරකින කෙනෙක් නැහැ
රජයක් ඇති බවට මග සලකුණක් නැහැ Sri Lanka Latest News
රැකවරණයෙහි ජාතික කඩතොලු පවතී
මිනිසුන් මැරෙති තැන තැන වෙඩි හඬ ඇසෙතී
ඒ ගැන විරුදු පස අය විමසුම් කරතී
එය පුද්ගලික වෙඩි බව ඇමැතිම කියතී
රට තුළ චිකාගෝවක හැඩතල මතුවේ
ජනයගෙ සෝසුසුම් වාතලයට මුසුවේ
දස දෙස අහෝ අද වෙඩි පිට වෙඩි පිටවේ
වෙනසක් මෙවැනි නැහැ අප ලක්මව පැතුවේ
පසුවෙති ජනී ජනයා කඳුළැලි බේරී
හදවත් ගැහෙනවා තදබල ලෙස කීරී
වීණා වැයුවා මෙනි අලියට බීරී
තවමත් නොමැත රජයට ජනදුක තේරී
යුදබිය නසා ගත හැකි වුවද නිදහස
අද පෑ නොහැක වෙනදා වගේ මඳහස
නැග එනු පෙනේ වෙඩිකරුවන්ගෙ උදහස
ජනයා අසති කෝ අද අපට නිදහස










