• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහ පාරෙදි මරාදාපු එයත් නීතිඥයෙක්… මේ අයත් නීතිඥයෝ…! Sri Lanka Latest News

February 21, 2026
in Exclusive
Reading Time: 4 mins read
A A
මහ පාරෙදි මරාදාපු එයත් නීතිඥයෙක්… මේ අයත් නීතිඥයෝ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නීතිඥවරයාගේ සහ බිරියගේ ඝාතනය මේ වෙනකොට රටේ විශාල ආන්දෝලනයක් නිර්මාණය කරලා අවසන්. නීතිඥවරයා මරාදැමීමත්, එම අවස්ථාවේදී බිරිඳ මියයාමත්, මෙය වෙඩිතැබීමක් ලෙස පැහැදිලිව හඳුනාගත හැකි වීමත්, සුපිරි වෙළෙඳසල් භූමියේදී නීතිඥවරයාට මග හරස්කොට වෙඩි තැබූ බව සීසීටීවී කැමරාවල පවා සටහන් වී තිබීමත් මේ මොහොතේ තැතිගන්නාසුලු කාරණයක්.Sri Lanka Latest News

මේ තැතිගැන්ම වඩා වැඩියෙන් දැනෙන්නේ ශ්‍රී ලංකාවේ නීතිඥවරුන්ට. ඔවුන් තමන්ගේ සහෝදරයා නැත්නම් තමන්ගේ වෘත්තීය සගයා මෙසේ මියයාම සම්බන්ධව බරපතළ කනස්සල්ලට පත්වෙලා ඉන්න බව අපිට පේනවා. ඒ කනස්සල්ල වඩා වැඩිවෙලා ඔවුන් විසින් විවිධාකාරයේ පියවර ගනිමින් මේ සිදුවීමට විවිධ අර්ථකථන ඉදිරිපත් කරමිනුත් ඉන්නවා.

සාමාන්‍යයෙන් අපි දන්නවා රටක එහෙම තමයි. තමන්ගේ වෘත්තීය සගයෙක්, තමන්ගේ මිත්‍රයෙක්, තමන්ගේ හිතවතෙක් යම් ආකාරයකින් ඝාතනයට ලක්වුණොත්, යම් සිදුවීමක් වාර්තා වුණොත්, මේ විදිහට ඔවුන් තමන්ට හැකි උපරිමයෙන් ඒ සඳහා පෙනී සිටිනවා, ඉදිරිපත් වෙනවා. විවිධ අය මේ සම්බන්ධව නීතිඥවරුන්ට චෝදනා කළා. නීතිඥවරුන් විසින් මේ සිදුවීමේදී මේ විදිහට හැසිරුණාට සාමාන්‍යයෙන් පුද්ගලයෙක් මියගියාම ඒගොල්ලෝ මෙහෙම හැසිරෙන්නේ නැහැ කියලා ඔවුන් කිව්වා.
හැබැයි සාමාන්‍ය යථාර්ථය තමයි ඕනෑම වෙලාවකදී තමන්ගේ කෙනෙක්, තමන්ගේ අයෙක්, තමන්ගේ කණ්ඩායමේ කෙනෙක්ට සිදුවන විපතකදී ඉදිරිපත් වීම සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය. එහිදී වෙනත් මරණයකට වඩා මේ මරණය වඩා වැඩියෙන් දැනෙන එක සාමාන්‍ය දෙයක්.

මෙහිදී අප මේ ගැන හොයලා බැලුවා, අපිට දැනගන්න ලැබුණා නීතිඥවරු මීට පෙරත් මේ විදිහට ඝාතනය වෙලා තියෙනවා. එසේ ඝාතනය වූ අය සම්බන්ධයෙන් රටේ ඇතිවෙලා තිබුණාද මතයක්, මේ විදිහට නීතිඥවරු තමන්ගේ සගයා වෙනුවෙන් ඉදිරියට ආවාද කියන එක ගැන අපිට සාකච්ඡා කරන්න සිද්ධ වෙනවා. විශේෂයෙන්ම ලසන්ත වික්‍රමතුංග ඝාතනය, ඒ වගේම නඩරාජා රවිරාජ් ඝාතනය, ඒ වගේම කාංචන අබේපාල, විජේදාස ලියනාරච්චි, කුමාර් පොන්නම්බලම් මේ අය නීතිඥවරුන් විදිහට විවිධ කාරණාවලදී, විවිධ හේතුවලදී, විවිධ ස්ථානවලදී ඝාතනයට ලක්වූ අය. ඒ වගේම සඳුන කරලියැද්ද, චරිත ලංකාපුර, නෙවිල් නිශ්ශංක, වර්ණපාල රණතුංග, එෆ්.ඩබ්. වෙත්තසිංහ, සී.ඩබ්.ජේ.කේ. වීරමන්, ඒ.ඩබ්. වික්‍රමසිංහ, ටියුඩර් කීර්තිනන්ද, අමර වෙල්ලප්පුලි, සරත් සේපාල රත්නායක, ඩී.එන්.යූ, බණ්ඩාර, ලෙස්ලි යකන්දාවල, ගාමිණී බැද්දෙගෙදර යන අයත් මරාදාපු නීතිඥවරු. ඒ. අමිර්තලිංගම්, කන්දසාමි, අන්නමලේ, පද්මනාදන්, ටී.සී. විමුදාස, ඒ. යෝගේෂ්වරන් යන නීතිඥවරු එල්.ටී.ටී.ඊ.යෙන් මැරුවා.

නමුත් ඒ අයගේ මරණ සෑහෙන සංකීර්ණ මරණ බව අපිට හඳුනාගන්න පුළුවන්කම තියෙනවා. නීතිඥවරු සමහර විට මේ වෙනුවෙන් පෙනී සිටියා, සමහර වෙලාවට ඒ සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කළා. නමුත් මේ මොහොතේදී ඊට වඩා වෙනස් නැත්නම් වඩා සක්‍රීය සහභාගිත්වයක් නීතිඥවරුන්ගේ මෙවර අපි දකිනවා. ඊට හේතුව වෙන්න ඇත්තේ සමහර වෙලාවට නීතිඥ සංගමය විවිධ අවස්ථාවලදී තියෙන ප්‍රබලත්වය සහ ඔවුන් ඒ ඒ අවස්ථාවලදී ඒ සිද්ධිවලට මුහුණ දීමට ගන්නා ක්‍රියාමාර්ගවල ස්වභාවය.
දැන් මේ වතාවේදී ඔවුන් නොබියවම ඉදිරියට පැමිණ තිබෙනවා. මේ පාතාලය සමගයි ඔවුන් ගැටෙන්නේ. මේ සිදුවීමට වගකිවයුත්තා පාතාලය බව දැන් හෙළිදරව් වී අවසානයි. එහි එක කොනක් තියෙන්නේ ඉතාම භයානක තැනක. හැබැයි නීතිඥවරු ඊට නොබියව ප්‍රතිචාර දක්වමින් ඉන්නවා.

ඇතැම් අවස්ථාවලදී අපටත් ප්‍රශ්නයක් තියෙනවා, චෝදනාවක් තියෙනවා. විශේෂයෙන්ම ලසන්ත වික්‍රමතුංග වගේ ඝාතනවලදී, ඔහු මාධ්‍යවේදියෙක් බව ඇත්ත. නමුත් ඔහු නීතිඥයෙක්. එවන් අයගේ මරණවලදී මීට වඩා නීතිඥවරු ක්‍රියාකාරී වෙන්න තිබුණා නේද සහ පියවර ගන්න තිබුණා නේද කියලා අපිට ප්‍රශ්න කරන්න හිතෙනවා.
මේ ඝාතනය සහ ඊට සම්බන්ධව නිකුත් කරන ලද ඇතැම් ප්‍රකාශ, ඒ වගේම පවත්වන ලද මාධ්‍ය සාකච්ඡා වැනි අවස්ථාවලදී විවිධ කාරණා අපි දැක්කා මතුවෙලා එනවා. අපි දැක්කා විවිධ කාරණා එහිදී කියැවුණා. නීතිඥ සංගමයට, නීතිඥවරුන්ට යම් අපහසුතාවක් ඇතිවෙන ආකාරයෙන් අපි දැක්කා ප්‍රශ්න අහනවා ඔවුන්ගෙන්. ඉතින් එහිදී ඔවුන් ඒවාට උත්තර දුන්නා. සමහර වෙලාවට ඒවට පිළිතුරු නොදී ප්‍රශ්න මගහැර ගිය බවට සමාජ මාධ්‍ය ඇතුළේ පොඩි චෝදනා එල්ල වෙනවා.

මේ සියල්ලම සිද්ධ වෙන අතරතුරේදී අපි සූදානම් වුණා මේ සම්බන්ධව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය සමග යම් සාකච්ඡාවක් කරන්න. අපි දන්නවා රජීව් අමරසූරිය මේ වෙලාවේ ඉතාම කාර්යබහුල තත්ත්වයක ඉන්නේ. පළපුරුදු නීතිඥයෙක් වුණු රජීව් අමරසූරිය ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා විදිහට නීතිඥවරුන්ගේ ගැටලුවලදී වෙනදාටත් වඩා සක්‍රීයව සහභාගි වෙමින් ඒ ඒ ස්ථානවලටම යමින් මෙහිදී කටයුතු කරනවා. ඒ වගේම පාතාලයට සම්බන්ධ මනුෂ්‍ය ඝාතන සිදුවීමකදී පවා නොබියව ඉදිරිපත් වෙලා මේ සම්බන්ධව අවශ්‍ය කරන පියවර ගනිමින් නීතිඥවරුන් ඒ සම්බන්ධව මෙහෙයවමින් කටයුතු කරමින් ඉන්නවා.

නමුත් රජීව්ගෙන් පැහැදිලිව ප්‍රශ්න කළා නීතිඥවරු නියෝජනය කරමින් පිළිතුරු ලබාදෙන්නට කියලා, ‘ඔබ අපරාධකරුවා නියෝජනය කරමිනුත් පෙනී ඉන්නවාද?’ කියන එක. ඊට ඔවුන් ස්ථිර නිගමනයකට නොගිය බව තමයි අපිට පේන කාරණය. නමුත් විවිධ පිළිතුරු මේ සම්බන්ධයෙන් ලැබුණා. මේ පිළිතුරුවලදී අපිට දැනෙන දේ තමයි උදෙකලා පුද්ගලයෙක් විදිහට නීතිඥයෙක්ට තමන්ගේ තත්ත්වයේ හිඳිමින් කටයුතු කිරීමේ අවසරය තියෙනවා, අවස්ථාව තියෙනවා. ඒක තමයි ඇත්තටම සිද්ධ වෙන්නෙත්. නීතිඥවරයා කියලා කියන්නේ ආයතනයක් තුළ ප්‍රධානියෙක් යටතේ රැකියා කරන කෙනෙක් නෙමෙයි. ඔවුන්ව පාලනය කරන්න ප්‍රධානියෙක් නැහැ. ඒ නිසා වෘත්තීය ආචාරධර්ම හැර වෙන යමක් ඔවුන් තුළ නැහැ. කෙසේ වෙතත් අපි ඒ සම්බන්ධව රජීව් අමරසූරිය සමග කළ සාකච්ඡාව මින් ඉදිරියට මේ කතාව සමග අමුණන්න සූදානම්.

‘සෑම තැනැත්තෙක්ටම නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනයක් ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ රටේ බරපතළ නීතිය අනුව නීතිඥ නියෝජනයක් සඳහා සෑම අයෙක්ටම අයිතිය ඇත. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වශයෙන් කිසියම් තැනැත්තකු අධිකරණය ඉදිරියේ නීතිඥ සහාය ලබා නොදෙන ලෙස ඉල්ලා සිටීමට හැකියාවක් නොමැත. නමුත් යම්කිසි නීතිඥවරු සැබැඳියාව පිළිබඳ ගැටලුවක් නිසා හෝ වෙනයම් නෛතික හේතුවක් නිසා තමන්ට යම් නඩුවක් භාරගැනීමට හැකියාවක් නොමැති බව හැඟෙන්නේ නම් සහ එකී හේතු නිසා සේවාදායකයා වෙනුවෙන් තම යුක්තිය යුතුකම් නිසි ලෙස ඉටුකිරීමට නොහැකි බව හැඟෙන්නේ නම් නඩුකරය භාර නොගෙන සිටීමට අයිතියක් ඇත. යම් තැනැත්තකු වෙනුවෙන් නීතිඥවරු පෙනීසිටීමේ අයිතිය මූලික නීති රාමුවක හා යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ අත්‍යාවශ්‍ය අංගයකි. අපරාධ නඩුකරයක් සඳහා ඉදිරිපත් කරනු ලබන්නේ සැකකරුවකු වන අතර, ඒ පුද්ගලයා අපරාධකරුවකුද නැද්ද යන්න තීරණය කරනු ලබන්නේ නඩුකරයක් අවසානයේදී දෙනු ලබන තීන්දුවකින් මගිනි. එතෙක් සෑම තැනැත්තකුටම නිර්දෝෂීභාවයේ පූර්ව නිගමනය ඇත. අධිකරණය හමුවට පමුණුවන බොහෝ තැනැත්තන්ගේ නිර්දෝෂී බවට ඔප්පු වන අවස්ථා බොහෝ ඇති අතර, මා ඉහතින් සඳහන් කළ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය නොවන්නට චෝදනා ලබන තැනැත්තන් මුල් අවස්ථාවේදීම අපරාධකරුවකු ලෙස තීරණය කළ නොහැක.

මේ නීතියේ ආධිපත්‍ය ඇති සමාජ ක්‍රමයක ලක්ෂණයක් නොව, මේ නීතිය වල්වැදුණු සමාජ තත්ත්වයකි. අපි සියලු දෙනාට අවශ්‍ය වන්නේ නීතිය නිසියාකාරයෙන් ක්‍රියාත්මක වන සෑම පුරවැසියකුගේම ජීවිතයේ අයිතියයි. අපට අවශ්‍ය වන්නේ සනාථ කරවන රටක් වන අතර, ඒ සඳහා බුද්ධිමය වශයෙන් නීතිඥවරු මෙහි විශාල කාර්යභාරයක් ඉටුකරනු ලබයි. ඔවුන් නොවන්නට මෙම යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය සම්පූර්ණයෙන්ම වැටී අරාජික වූ රාජ්‍යයක් රාජ්‍යතන්ත්‍රයක් බිහිවනු ඇත. මේ නිසා නිසි තත්ත්වයන් තේරුම් ගෙන නීතිඥවරුන්ගේ භූමිකාව සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තේරුම් ගෙන කටයුතු කිරීම ඉතා වැදගත්ය. ඉතා ශක්තිමත් යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණය තුළ අපරාධ සිදුකරන තැනැත්තන් වරදකරුවන් බවට පත්වනු ඇති අතර යම් හේතුවක් නිසා නිදහස් හා නිර්දෝෂී විය යුතු තැනැත්තන් නිදහස් හා නිර්දෝෂී වියයුතු තැනැත්තන් වන අප විසින් කළ යුත්තේ ශක්තිමත් යුක්තිය පසිඳලීමේ යාන්ත්‍රණයක් ඇති කිරීම මිස ඒ සඳහා අත්‍යාවශ්‍ය භූමිකාවත් සිදුකර නීතිඥවරුන්ගෙන් සහ අනෙකුත් අංශවල භූමිකාවට හානි වන පරිදි කටයුතු කිරීම නොවේ.’

රජීව් අමරසූරිය
නීතිඥ සංගමයේ සභාපති

Sri Lanka Latest News

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

පහුගිය දවස්වල සමහරු ස්වාමින් වහන්සේලාට කතා කරපු විදිහ වැරදියි! කිසිම කෙනෙක්ට බුදුදහමට හෝ ආගමික නායකයන්ට අපහාස කරන්න අයිතියක් නෑ! ගැමුණු පුර ශ්‍රී විශුද්ධාරාමයේ නව සංඝාවාස ගොඩනැගිල්ලට සජිත් මුල්ගල තියමින් කියයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

Next Post

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.