• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හැමෝම බෑ කියලා හිතුවා! අවුරුදු 3ක් ඉල්ලුවත් මාස 6න් හැදුවා! මහ රෑ ඇවිල්ලා වැඩ බැලුවා! ඉංජිනේරුවන් පර්ත් නුවරට යැව්වා! ප්‍රේමදාස නැත්නම් ගහයි ඩේ නයිට්…! Sri Lanka Latest News

February 21, 2026
in Exclusive
Reading Time: 2 mins read
A A
හැමෝම බෑ කියලා හිතුවා! අවුරුදු 3ක් ඉල්ලුවත් මාස 6න් හැදුවා! මහ රෑ ඇවිල්ලා වැඩ බැලුවා! ඉංජිනේරුවන් පර්ත් නුවරට යැව්වා! ප්‍රේමදාස නැත්නම් ගහයි ඩේ නයිට්…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය ක්‍රිකට් ඉතිහාසයේ රන් අකුරින් ලියැවුණු දැවැන්තම සහ අභිමානවත්ම ස්මාරකය කුමක්දැයි යමෙකු ඇසුවහොත්, කිසිදු පැකිලීමකින් තොරව කාටත් මතකයට නැගෙන්නේ කොළඹ මාලිගාවත්ත අසල අහස සිඹින ආලෝක කුලුනු සහිත ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයයි. අද වනවිට එය ලෝකයේ ප්‍රමුඛතම ක්‍රීඩාංගණයක් වුවද, මීට දශක හතරකට පෙර මෙම භූමිය පැවැතියේ මඩ ගොහොරුවක් සහ කුණු කන්දක් ලෙසය. මෙම වගුරු බිම ලෝකයම මවිත කළ ‘ක්‍රිකට් මහගෙදර’ බවට පත්කිරීමේ පුදුමසහගත ඉතිහාසය වර්තමාන තරුණ පරපුර අනිවාර්යයෙන්ම දැනගත යුත්තකි. මෙය හුදෙක් ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කතාවක් නොව, ලාංකේය ඉංජිනේරු ශක්තිය සහ නායකත්වයේ නොසැලෙන අධිෂ්ඨානය ජාත්‍යන්තරයට අභියෝග කළ අයුරු කියවෙන වීර කතාවකි.Sri Lanka Latest News

මෙම අසිරිමත් ගමනේ ආරම්භය සනිටුහන් වන්නේ 1985 වසරේදීය. එවකට මෙරට අග්‍රාමාත්‍යවරයාව සිටි රණසිංහ ප්‍රේමදාස මහතා ඔස්ටේ්‍රලියාවේ නිල සංචාරයක නිරත වූ අතර, එහිදී ඔහුට බටහිර ඔස්ටේ්‍රලියාවේ පර්ත් නුවර පිහිටි සුප්‍රකට ‘වැකා’ ක්‍රීඩාංගණයේ පැවැති දිවා-රාත්‍රී ක්‍රිකට් තරගයක් නැරඹීමට අවස්ථාව හිමිවිය. විදුලි ආලෝක ධාරා මධ්‍යයේ ක්‍රීඩකයන් දක්ෂතා දක්වන අයුරුත්, එමගින් ක්‍රීඩාවට ලැබෙන නව්‍ය පෙනුමත් දුටු අගමැතිවරයාට තම රට ගැන ඇති වූයේ දැඩි ළෙන්ගතුකමකි. ‘ඇයි මගේ රටේ දරුවන්ට මෙවැනි පහසුකම් සහිත පිට්ටනියක රෑට සෙල්ලම් කරන්න බැරි?’ යන ප්‍රශ්නය ඔහුගේ සිතේ තදින්ම තැන්පත් විය. ලංකාවට පැමිණි වහාම ඔහු ක්‍රියාත්මක විය. ඔහුට අවශ්‍ය වූයේ ඔස්ටේ්‍රලියාවේ තිබූ තාක්ෂණය එලෙසින්ම මෙරටට ගෙන ඒම නොව, දේශීය ශ්‍රමය සහ දැනුම උපයෝගී කරගනිමින් ලෝකයේ හොඳම ක්‍රීඩාංගණයක් මෙරට ඉදිකිරීමයි.

ලංකාවට පැමිණි විගස අගමැතිවරයා එවකට රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධානියාව තම නිල නිවසට කැඳවීය. ‘අපිට රෑට ක්‍රිකට් ගහන්න පුළුවන් විදියේ පිට්ටනියක් ලංකාවේ හදන්න පුළුවන්ද?’ යනුවෙන් අගමැතිවරයා කෙටි ප්‍රශ්නයක් යොමු කළේය. එම අවස්ථාව වනවිට ලංකාවේ ඉංජිනේරුවන්ට ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් තැනීම තබා, ක්‍රිකට් පිට්ටනියකට විදුලි ආලෝකය ලබාදෙන ආකාරය පිළිබඳවවත් අවබෝධයක් තිබුණේ නැත. එහෙත් ප්‍රේමදාස මහතා යනු ‘බැහැ’ හෝ ‘නැහැ’ යන වචන ඇසීමට කිසිසේත්ම අකැමැති නායකයකු බව ඉංජිනේරුවරයා හොඳින්ම දැන සිටියේය. තම වෘත්තියට ඇති ගෞරවයත්, රට වෙනුවෙන් ඇති අභියෝගයත් භාරගත් ඔහු එක්වරම ‘පුළුවන් සර්’ යැයි පැවැසීය. එවිට ප්‍රේමදාස මහතා ලබාදුන් කාලසීමාව ඉංජිනේරුවරයා මවිතයට පත්කරන්නක් විය. ‘හොඳයි, එහෙනම් මම ඔයාට මාස 6ක් දෙන්නම්. මේක ඉවර කරන්න…’ යන්න අගමැතිවරයාගේ නියෝගය විය. සාමාන්‍යයෙන් මෙවැනි ව්‍යාපෘතියක් නිම කිරීමට වසර දෙක තුනක් ගතවන යුගයක, මාස හයක් යනු ප්‍රායෝගිකව කළ නොහැකි දෙයක් සේ පෙනුණද අභියෝගය ආරම්භ විය.

අගමැතිවරයා අවශ්‍ය සියලු මූල්‍ය ප්‍රතිපාදන සහ පහසුකම් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත නොපැකිලිව ලබාදුන්නේය. වැඩ ආරම්භ විය. මඩ ගොහොරුවක්ව තිබූ ඛෙත්තාරාම භූමිය පැය 24 පුරාම ක්‍රියාත්මක වැඩබිමක් බවට පත්විය. රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ සේවකයෝ දහස් ගණනක් දිවා රෑ නොබලා දහදිය හෙලූහ. අගමැතිවරයා කිසිදු පූර්ව දැනුම් දීමකින් තොරව රාත්‍රී කාලයේ පවා වැඩබිමට පැමිණ එහි ප්‍රගතිය නිරීක්ෂණය කළේය. පුදුමය නම්, ඉදිකිරීම් ආරම්භ කර මාස 4ක් වැනි සුළු කාලයක් ඇතුළත ක්‍රීඩාංගණයේ මූලික සැලසුම, ප්‍රේක්ෂක ගැලරි සහ ක්‍රීඩා පිටිය සකස් කර අවසන් කිරීමට අපේ හෙළ ඉංජිනේරුවන්ට හැකි වීමයි. ඉන්පසුව මතු වූයේ සැබෑ අභියෝගයයි. එනම් ක්‍රීඩාංගණයට විදුලි ආලෝකය ලබාදෙන ත්‍කදදාකසටයඑ කුලුනු නිර්මාණය කිරීමයි. මෙරට ඉංජිනේරුවන් සතුව ඒ පිළිබඳ දැනුමක් නොමැති බව දැනගත් විගස අගමැතිවරයා ඔවුන්ව වහාම ඔස්ටේ්‍රලියාවේ පර්ත් නුවරට යැවූයේ එරට තාක්ෂණය අධ්‍යයනය කර පැමිණීමටයි.

ඔස්ටේ්‍රලියාවේදී අපේ ඉංජිනේරුවන්ට පර්ත් ක්‍රීඩාංගණයේ නිර්මාතෘවරුන් සහ එහි ප්‍රධාන නිලධාරීන් හමුවිය. ලාංකික කණ්ඩායම තමන්ගේ සැලසුම් ඉදිරිපත් කළ විට ඔස්ටේ්‍රලියානු ඉංජිනේරුවන් උපහාසයෙන් යුතුව සිනාසෙන්නට විය. ‘මේ වගේ පද්ධතියක් සවිකරන්න ඔයාලට කොච්චර කල් තියෙනවද?’ කියා ඔවුන් විමසූ විට, අපේ ඉංජිනේරුවෝ ‘තව මාස 3යි’ කියා පිළිතුරු දුන්හ. ‘අපිට මේ වැඩේ කරන්න විතරක් අවුරුද්දකට වඩා ගියා. මාස තුනකින් මේක කරන්න කාටවත් බැහැ’ කියා ඔවුහු ඍජුවම පැවැසූහ. එහෙත් ලාංකික ඉංජිනේරුවන් ලංකාවට පැමිණියේ ‘බටහිරට කළ හැකි නම් අපටත් කළ හැකිය’ යන දැඩි ආත්ම විශ්වාසයෙනි. අගමැතිවරයා ලබාදුන් සහාය මත මසක් ඇතුළත අවශ්‍ය සියලු විදුලි උපාංග ගෙන්වා ගත් ඔවුහු, ඉතිරි මාස දෙක තුළ මාරාන්තික වෙහෙසක් දරමින් විදුලි ආලෝක කුලුනු ඉදිකර බල්බ සවි කිරීමට සමත් වූහ.
නමුත් වැඩ අවසන් වෙමින් තිබියදී තවත් බාධාවක් මතුවිය. සවිකළ විදුලි ආලෝකය ක්‍රීඩා කිරීමට සෑහෙන නමුත්, රූපවාහිනී කැමරා මගින් තරගය සජීවීව විකාශය කිරීමට තරම් දීප්තියක් එහි නොතිබිණි. මෙය දැනගත් වහාම අගමැතිවරයා පැවැසුවේ ‘මගේ රටේ ක්‍රීඩකයෝ ලෝකෙටම පේන්න ඕනෙ, ඒ නිසා මොනවා කරලා හරි ලෝකේ තියෙන හොඳම දීප්තිය මේකට දෙන්න’ කියාය. ඒ අනුව ඒ වනවිටත් සවිකර තිබූ බල්බ පද්ධතිය ගලවා ඉවත් කර, ජාත්‍යන්තර ප්‍රමිතියේ ඉහළම දීප්තිය සහිත බල්බ පද්ධතියක් මසක් ඇතුළත යළි සවි කෙරිණි. මෙවැනි කැපකිරීම් මැද අවසානයේ මාස 6කටත් අඩු කාලයකදී ඛෙත්තාරාම ක්‍රීඩාංගණය මුළු මහත් ආසියාවටම අභියෝගයක් වෙමින් ඉදිවිය.

විවෘත කිරීමේ උළෙල සඳහා පර්ත් ක්‍රීඩාංගණයේ ප්‍රධාන නිලධාරියාට විශේෂ ආරාධනයක් කර තිබිණි. ශ්‍රී ලංකාව වැනි කුඩා රටක්, තමන්ට වඩා ඉතා කෙටි කලකින් මෙවැනි දැවැන්ත ව්‍යාපෘතියක් නිම කර ඇති අයුරු දැක ඔහු විස්මයට පත්විය. ක්‍රීඩාංගණය පරීක්ෂා කළ ඔහු පවසා සිටියේ ‘මෙය පර්ත් ක්‍රීඩාංගණයටත් වඩා ඉතා උසස් මට්ටමේ පවතින බව’යි. 1986 පෙබරවාරි 02 වැනි දින ප්‍රථම වරට විදුලි ආලෝක මධ්‍යයේ තරගයක් පැවැත්වුණු අතර, එය ශ්‍රී ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාවේ නව යුගයක ආරම්භය විය. මුලින් ‘ඛෙත්තාරාම ක්‍රීඩාංගණය’ ලෙස හැඳින්වුණු මෙය, 1993 වසරේදී එතුමාගේ අභාවයෙන් පසුව ‘ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය’ ලෙස නම් කරනු ලැබුවේ එතුමා රට වෙනුවෙන් කළ ඒ අසිරිමත් මෙහෙවරට උපහාරයක් වශයෙනි.

මෙම ක්‍රීඩාංගණය ඉදිවීම පිටුපස ඇති සැබෑ කතාව වන්නේ ගඩොල් සහ වැලිවල කතාවක් නොව, මිනිස් ශ්‍රමය සහ දේශීය ආයතන කෙරෙහි තැබූ විශ්වාසයේ කතාවයි. එදා විදේශීය විශේෂඥයන්ට කොන්ත්‍රාත්තු ලබා නොදී, රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වැනි දේශීය ආයතනවලට වගකීම භාරදීම තුළින් අපේ රටේ මිනිසුන්ගේ සැඟවුණු දක්ෂතා මතුවිය. අදටත් ලෝක කුසලාන තරගාවලිවලට පවා සත්කාරකත්වය සපයන මේ රන් දෙවොල, ශ්‍රී ලාංකික අපට ඕනෑම අසීරු ඉලක්කයක් ජයගත හැකි බවට දෙන ජීවමාන සාක්ෂියකි. ඛෙත්තාරාමය යනු හුදෙක් ක්‍රීඩා පිටියක් නොව, ලාංකේය අනන්‍යතාව සහ අභිමානය ලෝකය හමුවේ ඔසවා තැබූ ජයග්‍රාහී සිහිවටනයකි. එදා රණසිංහ ප්‍රේමදාසයන් දුටු ඒ සිහිනය නොවන්නට, අද අපේ රටට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය තුළ මෙවැනි ස්ථාවරත්වයක් නොලැබෙනු ඇත. මෙය ඉදිරි පරම්පරාවට ආදර්ශයක් වන පරිදි අප රැකගත යුතු ජාතික උරුමයකි.

එස්. පතිනායක

SendShareShare
Previous Post

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව

Next Post

ශාසනයට පහර දෙන්නන්ට වැඩිකල් යන්න කලින් ගිහි පිරිස උත්තර දේවි! අස්ගිරි අනුනාහිමියෝ සිංහ – ඌරු සටන මතක් කරති! Sri Lanka Latest News

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.