• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මෝඩි ජම්මු කාශ්මීරයට කරපු දේ

August 17, 2020
in News, Politics
Reading Time: 1 min read
A A
මෝඩි ජම්මු කාශ්මීරයට කරපු දේ
Share on WhatsAppShare on Facebook

1947 වසරේ අගෝස්තු 15දා ඉන්දියාවට නිදහස හිමිවීමෙන් පසුව ‘ජම්මු සහ කාශ්මීර’ යන ප්‍රදේශය, ඉන්දියානු රාජ්‍යයේ එක් ප්‍රාන්තයක් ලෙස නිල වශයෙන් කටයුතු කිරීමට ගත්තේය. එසේම 1950 වසරේ ජනවාරි 26 වැනිදා ක්‍රියාත්මක කෙරුණු ඉන්දියානු ව්‍යවස්ථා 370 වැනි වගන්තිය යටතේ, ජම්මු සහ කාශ්මීරයට විශේෂ බලතල සහ ප්‍රතිපාදන සපයන ලදී. තවද පසුව සිදුකෙරුණු ක්‍රියාවලියක් ලෙස 1954දී ඉන්දියානු ජනාධිපතිවරයාගේ නියෝගය මත එම ව්‍යවස්ථාවේ ‘35-ඒ’ වගන්තිය යටතේ යම් තාවකාලික සහ අස්ථිර ප්‍රතිපාදනයන්ද ජම්මු හා කාශ්මීරයට ලබාදෙන ලදී. එනම් ‘370 වගන්තිය’ යටතේ රටේ අනෙකුත් ප්‍රාන්තවලට හා සමානව ජම්මු සහ කාශ්මීරයට සියලු වරප්‍රසාද ලබා දුන්නද, ‘35-ඒ’ වගන්තිය යටතේ එම තත්ත්වය පරිවර්තනයකට ලක්විය.
යටකී ‘35-ඒ’ දෙවැනි වගන්තිය යටතේ ජම්මු සහ කාශ්මීරයේ සිටින ස්ථිර රටවැසියන්ට සියලුම අයිතිවාසිකම් සහ වරප්‍රසාද ලබා දුන්නද, එහි වෙසෙන යම් සුළු ජාතික ජන කොටස්වලට එම අවස්ථාව අහිමිකර තිබිණි. ඉතාමත් අසාධාරණ ලෙස සමාජයෙන් මෙම පිරිස වෙන් කෙරුණු අතර, එම ජන කොටස්වල වාල්මිකීවරු, ගොර්කාවරු සහ දාලිත්වරු අයත් වූහ. නිසා ව්‍යවස්ථා වගන්ති දෙකක් යටතේ එකිනෙකට වෙනස් ක්‍රියාවලීන් දෙකක් ජම්මු සහ කාශ්මීරය තුළ සිදුවන්නට ගත්තේය. එනම් ජාතිභේදවාදී න්‍යායක් එම ප්‍රාන්තය තුළ උද්ගතවූ අතර, එක්තරා පිරිසකට පමණක් විශේෂ දේශපාලන පරිපාලන සහ නීතිමය බලතල හිමිවිය. අනෙක් දුර්වල ජන කොට්ඨාසවලට එම වරප්‍රසාද කිසිවක් නොලැබුණු අතර, ඔවුන් නිරන්තරයෙන් අසාධාරණයට පාත්‍රවිය.
දශක ගණනාවක් පුරා ජම්මු සහ කාශ්මීරයේ පැවැති මෙම තත්ත්වය නිසා ඉහත වගන්ති දෙකම ඉවත්කර, සියලු ජනතාවටම සාකල්‍යමය දියුණුවක් ලබාදීම අත්‍යාවශ්‍ය කටයුත්තක් ලෙස නිරන්තරයෙන්ම පෙනී ගියේය. මේ හෙයින් පසුගිය 2019 වසරේ අගෝස්තු 05 වැනිදා ඉන්දියානු ව්‍යවස්ථාවේ ප්‍රධානතම සංශෝධනයක් සිදුකළේය. ඒ මගින් රටෙහි අනෙකුත් සියලු ප්‍රාන්තවලට මෙන් ජම්මු සහ කාශ්මීරයටද සියලු සමාන වරප්‍රසාද සහ බලතල ලබාදීමට තීරණය කළේය. රටේ අනෙකුත් ජනතාව මෙන් දැන් ජම්මු සහ කාශ්මීර ජනතාවද එකම පාදකයක සිටගෙන එක හා සමානව කටයුතු කරමින් සිටිති. මේ නිසා දැන් ඔවුන්ටද සමාන අයිතිවාසිකම් සහ ඵලප්‍රයෝජනයන්ද විඳින්නට අවස්ථාව ලැබී ඇත. ‘370’ සහ ‘35-ඒ’ යන ව්‍යවස්ථා වගන්ති දෙකම දැන් ඉවත්කර ඇත.
ඉන්දියානු ව්‍යවස්ථාවේ මෙම නව සංශෝධනයන්ට අනුව දැන් 2020 වසර වනවිටදී ජම්මු සහ කාශ්මීර ජනතාව සැබෑ ලෙසම සවිබල ගැන්වූ ජනතාවක් බවට පත්ව ඇතැයි කරුණු ප්‍රකාශ වෙයි. එසේම මෙම නව ක්‍රියාවලියට අනුව එරට තුළ ස්ථාපිත වන නීති පද්ධතියද රටේ අනෙකුත් ප්‍රදේශවලට ස්ථාපිතව ඇති නීති පද්ධතියම වෙයි. මෙම නීති පද්ධතියට මධ්‍යම නීති 170ක් පමණ අයත් වන අතර, මෙම නීති, රීති ක්‍රියාත්මක වීම මගින් ජම්මු සහ කාශ්මීර ජනතාවට කිසිදු අසාධාරණතාවකට පත්වීමට ඉඩ නොලැබෙයි. අධ්‍යාපනයට තිබෙන අයිතිය, මවුපියන්ගේ සහ ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුබසාධනය, සුළු ජනවාර්ගික කොටස්වල වරප්‍රසාද අයිතිය, කාන්තා සහ ළමා සුබසාධනය, ආබාධිත පුද්ගල රැකවරණය, ඉඩම් අයිතිය පිළිබඳ වරප්‍රසාදය ආදී කරුණු, කාරණා රැසක් මේ අනුව ජම්මු සහ කාශ්මීර ජනතාවට හිමිවෙයි. තවද මෙවැනි තත්ත්වයක් යටතේ එම ප්‍රාන්තයේ වෙසෙන සියලු ජාතික, ආගමික මෙන්ම ගෝත්‍රික ජනයාටද සෙත සැලසෙයි.
එසේම මෙම නව රාජ්‍ය ක්‍රමවේදයේ නීති, රීති යටතේ, එම ප්‍රාන්තය තුළ මෙතෙක් රජය විසින් බලයෙන් ඉඩම් අත්පත් කරගත් ජනතාව වෙත අදාළ සියලු වන්දි මුදල් ගෙවීමටද තීරණය කර ඇත. මේ නිසා මෙතෙක් යුක්තිය සහ සාධාරණත්වය ඉටුනොවූ එම ජනතාවට මහත් සහනයක් සැලසෙනු ඇතිය. පසුගිය දශක ගණනාවක් පුරාම රජය විසින් ජනතාවගේ ඉඩම් බලයෙන් අත්පත් කිරීම සිදුකරන ලදී. මේ ආකාරයට ව්‍යවස්ථාවේ 370 වගන්තිය සහ ‘35-ඒ’ වගන්තිය අහෝසි කිරීමෙන් පසුව ජම්මු සහ කාශ්මීර වැසියන්ට තම ජීවිතවල නව උදාවක් සහ නව සවිබල ගැන්වීමක් සිදුවෙයි. තවද මෙතෙක් කාලයක් කාන්තා පාර්ශ්වයට අහිමි වී තිබුණු වරප්‍රසාද රැසක්ද මේ අනුව නැවැත හිමිවෙයි. දැනට ජම්මු සහ කාශ්මීරයේ වෙසෙන ජනතාවගෙන් 60%ක ප්‍රමාණය මුස්ලිම් ජාතිකයන්ය. මෙහිදී කාන්තා පාර්ශ්වයට තම විවාහයන්වලදී වරප්‍රසාද සහ රැකවරණ කිහිපයක්ම හිමිවනු ඇතිය.
මෙම නව රාජ්‍ය ක්‍රමවේදය යටතේ සිදුකෙරෙන තවත් සුවිශේෂී ක්‍රියාවලියක් වන්නේ, බටහිර පාකිස්තාන සරණාගත වැසියන් 20,000කට අධික පිරිසකට සහන සැලසීමය. පාකිස්තානය විසින් මෙම පිරිසට සලකනු ලැබුවේ ආගන්තුකයන් ලෙසින් වන අතර, එලෙස සිදුවූයේ පාකිස්තානය තුළදීමය. ඒ හෙයින් ඔවුන් මහත් අසරණභාවයට පත්ව, ඔවුන්ට හිමි ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් සියල්ල නැතිව ගියේය. පුරවැසියභාවය පවා මෙම සරණාගත පිරිස්වලට අහිමිව තිබුණේය. එහෙත් දැන් මෙම නව උදාව යටතේ ඔවුනට ජම්මු සහ කාශ්මීර ස්ථිර පදිංචිය මෙන්ම පුරවැසිභාවයද හිමිවෙයි. එසේම තවත් සුවිශේෂී පරිත්‍යාගයක් වන්නේ, එම එක් සරණාගත පවුලක් සඳහා ඉන්දියානු රුපියල් ලක්‍ෂ 5.50ක මූල්‍ය ආධාරයක්ද හිමි වීමය. මේ අතර මෙතෙක් කිසිදු වරප්‍රසාදයක් හිමි නොවූ ‘සෆායිකරම්චාරිස්වරුන්’ 10,000ක ප්‍රමාණයකට පුරවැසිභාවය සහ අනෙකුත් ජන වරප්‍රසාද රැසක් ලබා දීමටද තීරණය කර ඇත.
2020 ජම්මු සහ කාශ්මීර සවිබල ගැන්වීමේ මහා වැඩපිළිවෙළ යටතේ සිදුවන තවත් සුවිශාල ව්‍යාපෘතියක් වන්නේ විරැකියාව තුරන් කරලීමයි. එනම් මේ සඳහා ඉතාමත් කඩිනම්, වේගවත් වැඩපිළිවෙළක් දියත්කර ඇත. දන්නා මතක ඇති කාලයකදී ජම්මු සහ කාශ්මීර ඉතිහාසයේ මෙතෙක් මෙවැනි වැඩපිළිවෙළක් සිදුවී නැතැයි පැවසෙයි. මෙලෙස ප්‍රථම වතාවට සිදුවන මෙම වැඩපිළිවෙළ යටතේ ජම්මු සහ කාශ්මීර වැසියන් 10,000කට රජයේ රැකියාවන් හිමිවෙයි. මෙය පළමු වැනි අදියර වන අතර, මෙම වැඩපිළිවෙළ යටතේ 25,000ක පිරිසකට ඉදිරියේදී රැකියා ලබා දීමට නියමිතය. මෙහිදී එම රට තුළ ඇති ඉහළ තනතුරුවල සිට පහළම තනතුරු දක්වා මෙසේ රැකියාවන් හිමිවෙයි. වෛiවරුන් සහ ඉන්ජිනේරුවන්ගේ සිට ලිපිකරුවන් සහ ඊට පහළ තනතුරු දක්වාම මෙම අවස්ථාව හිමිවෙයි. මෙතෙක් ජම්මු සහ කාශ්මීරයේ විසූ සුළු ජන කොටස්වලට අධ්‍යාපනය සහ රජයේ රැකියා ලබාදීමද අහිමි වී තිබුණු අතර, ඉදිරියේදී එම තත්ත්වය මුළුමනින්ම වෙනස් වෙයි.
මේ අතර 2020 ජම්බු සහ කාශ්මීර නව උදාව යටතේ එම ප්‍රාන්තය තුළ නව සංවර්ධන යෝජනා ක්‍රම රැසක්ම ආරම්භ කර ඇත. විදුලිබල යෝජනා ක්‍රම, වාරිමාර්ග ව්‍යාපෘති මෙන්ම වෙනත් යටිතල පහසුකම් යෝජනා ක්‍රම රැසක්ද මේ අනුව දැනට ක්‍රියාත්මක වෙමින් ඇත. මෙම සංවර්ධන යෝජනා ක්‍රම මගින්ද රැකියා අවස්ථා දහස් ගණනක් උත්පාදනය වෙයි. මෙම සංවර්ධන යෝජනා ක්‍රම සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය මුදල් ප්‍රතිපාදනයන්ද නිසි අයුරින් ලබා දීමට බලධාරීන් මේ වන විට කටයුතු කර ඇත.
මෙවැනි සංවර්ධන ක්‍රියාදාමයක් සිදුවෙමින් යන අතරතුරදී ජම්මු සහ කාශ්මීරයේ ආරක්‍ෂක විධිවිධාන කටයුතු ගැනද දැඩි අවධානයක් යොමුවී තිබෙයි. දශක ගණනාවක් පුරා විවිධ ආරක්‍ෂක අර්බුද සහ යුදමය තත්ත්වයන් පවා මෙම ප්‍රාන්තය තුළ තදබල ලෙස පැවතිණි. කෙසේ හෝ එම තත්ත්වයන් තවද සම්පූර්ණයෙන් පහව ගොස් නැත. තත්ත්වය එසේ වුවද 2020 උදාවත් සමඟ ජම්මු සහ කාශ්මීර වැසියන් ප්‍රීතිප්‍රමෝදයකට පත්ව ඇතැයි පැවසෙයි.

පරිවර්ථනය ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සිංහරාජය මේ ආණ්ඩුවටත් ප්‍රශ්නයක් වෙයි (PHOTOS)

Next Post

ලංකාවෙම කරන්ට් එක නෑ

MORE NEWS

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News
Exclusive

බද්දෙන් එක මිටට කාන්තාවන්ටත් වදී! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News
Exclusive

පළාත් සභා ඡන්දය ඕනෑ….! සුමන්තිරන්ලා – ටිල්වින් හමුවෙන්න වෙලාවක් ඉල්ලයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

IMF ගිවිසුමෙන් ඉවත් වෙන්න තීන්දුවක් අරන්! Sri Lanka Latest News

අමෙරිකාවෙන් බිලියන 2.6ක හදිසි වෛද්‍ය ආධාර තොගයක් ලංකාවට ගන්න මහින්ද අනුමැතිය ගනී! මේ ගත්තේ 4 වැනි වතාවට! ලබන සතියේදී ගුවන් මගින් ලංකාවට!
Exclusive

රටම ආදරය කරන මහින්ද සමරසිංහ ආණ්ඩුවේ තනතුරු අත්හරී! Sri Lanka Latest News

පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකයා නාමල් රාජපක්ෂ! මාතලේ දිස්ත්‍රික් නියෝජිත හමුවේදී ඒකමතිකව යෝජනාව සම්මතයි! හැබැයි මාතලේ පොහොට්ටු ප්‍රබලයන් වූ ජනකටයි ප්‍රමිතටයි ‌රැස්වීමට ආරාධනා කරලා නෑ!  I Sri Lanka Latest News
Exclusive

නාමල් රට වටේ යන්න පටන් ගනී! Sri Lanka Latest News

අන්ත්‍රාවයි! විජේ ඉන්දියාව හොල්ලයි! සීන් එකට එන්ටර් වෙයි! Sri Lanka Latest News
Exclusive

තලපති විජේ යාපනයට එන්න සූදානමක්! Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.