අතීතයේදී දැඩි ඉන්දීය විරෝධයක පසුවූ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පසුගියදා සිදුකළ ඉන්දීය සංචාරයේදී විශේෂ සිදුවීම් රැසක් සිදුව තිබිණි.Sri Lanka Latest News
එහිදී ටිල්වින් සිල්වා මහතා පළමුව ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය එස්. ජයශංකර් මහතා හමුව සාකච්ඡා කිරීමට කටයුතු කොට තිබූ අතර, ඉන් අනතුරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතාගේ බල ප්‍රදේශය වන ගුජරාටි ප්‍රාන්තයේ මහ ඇමැතිවරයා හමුවීමටද කටයුතු කොට තිබිණි.
ගුජරාටි ප්‍රාන්තයේ සංචාරයේදී ටිල්වින් සිල්වා මහතා ප්‍රාන්ත රජය සහ ගොවි ජනතාව එක්ව ක්‍රියාත්මක කරන අමුල් කිරි ගොවිපළේ නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.
ඉකුත් රජය මෙරට මිල්කෝ සමාගමේ බහුතර කොටස් ඉන්දියාවේ අමුල් සමාගමට විකිණීමට පියවර ගත් අතර, එවකදී එය ජවිපෙ දැඩි දෝෂදර්ශනයට ලක්විය.
එමෙන්ම මාලිමා රජය බලයට පත්වීමෙන් පසුව මිල්කෝ සමාගම නැවත රජයට පවරා ගැනීමටද කටයුතු කොට තිබිණි.
මීට අමතරව ටිල්වින් සිල්වා මහතා කේරළ ප්‍රාන්ත මහඇමැතිවරයා හමුවීමටද කටයුතු කළ අතර, එහිදී සිල්වා මහතා රතු පැහැ සාටකයක් පැලඳ සිටීම විශේෂ සිදුවීමක් විය.










