ජනතා විමුක්ති පෙරමුණේ ලක්ෂ්මන් නිපුණආරච්චි සහ නිහාල් ගලප්පත්තිගේ බිරිඳට, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ විසින් ජනපති අරමුදලෙන් රෝහල් බිල් ගෙවා ඇතැයි මාධ්‍යවේදී උවිඳු කුරුකුලසූරිය වාර්තා කොට ඇති බව හිරු වෙබ් අඩවිය වාර්තා කොට තිබෙනවා.Sri Lanka Latest News
සිය මුහුණුපොතේ සටහනක් තබමින් උවිදු මේ පිළිබඳව සඳහන් කර ඇති බවයි හිරු වෙබ් අඩවිය කියා සිටින්නේ.
ඒ ජනාධිපති අරමුදලෙන් විවිධ දේශපාලනඥයන් ලබාගත් වෛද්‍යාධාර පිළිබඳ තොරතුරු හෙළි කරගැනීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ආරම්භ කළ තොරතුරු දැනගැනීමේ (RTI) මේ වන විට කතාබහට ලක්වන පසුබිමකයි.
මෙම අර්බුදය ආරම්භ වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස විසින් සභාවේදී කළ ප්‍රකාශයක් සමඟයි.
දයාසිරි ජයසේකරට රුපියල් ලක්ෂ දහයක රෝහල් බිලක් ජනාධිපති අරමුදලෙන් ගෙවා ඇති බව ඔහු සඳහන් කර සිටියා.
මීට ප්‍රතිචාර වශයෙන් දයාසිරි ජයසේකර, 2005 සිට 2010 දක්වා කාලය තුළ ජනාධිපති අරමුදලෙන් ප්රතිලාභ ලැබූ සියලුම දේශපාලනඥයන්ගේ තොරතුරු ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරනු කළ අතර ජනාධිපති ලේකම් කාර්යාලය මුලින් මෙම තොරතුරු ලබාදීම ප්‍රතික්ෂේප කළ බවයි උවිඳු තැබූ සටහනේ සඳහන් වෙන්නේ.
ඒ අනුව මන්ත්‍රීවරයා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ කොමිෂන් සභාව (RTI Commission) හමුවේ ඇපෑලක් ගොනු කළ අතර තනි පුද්ගල ලිපිගොනු නැති වුවද, රජයේ සියලු ගෙවීම් සටහන් වන ‘මුදල් පොත’ (Cash Book) අතුරුදහන් විය නොහැකි නිසා එය තමන්ට පෙන්වන ලෙස ඉල්ලා සිටි බවත් එම සටහනේ සඳහන්.
එහිදී මෙම කරුණු සලකා බැලූ කොමිසම, අදාළ මුදල් පොත පරීක්ෂා කිරීමට මන්ත්‍රීවරයාට අවස්ථාව ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට නියෝග කර තිබුණද එම පොත තවමත් මන්ත්‍රීවරයාට නොපෙන්වන්නේ නිපුණාරච්චිට සහ ගලප්පතිගෙ බිරිඳට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ රෝහල් බිල් ගෙවා ඇත්තේ ජනාධිපති අරමුදලින් නිසා බවයි එම සටහනේ වැඩිදුරටත් සඳහන් වෙන්නේ.
එම සටහන පහතින්.
”දයාසිරි අදින කේස් එක නියෙමට යනව. දයාට ලක්ෂ දහයක ඉස්පිරිතාල බිලක් සිරිසේන ජනාධිපති ගෙව්ව කියල නලින්ද පාර්ලිමේන්තුවෙදි කිව්වනෙ. ඉතිං දයා ඉල්ලුව ජනාධිපති අරමුදලෙන් 2005 සිට 2010 දක්වා දේශපාලනඥයින්ට ගෙවල තියෙන මුදල් විස්තර. ජනාධිපති කාර්යයාලයෙන් ඒව දෙන්න බැහැ කිව්ව. දයා RTI කොමිසමට ඇපීල් කළා. එතනදි ජනාධිපති ලේකම් කාර්යයාලෙන් ආව ලේකම් කිව්ව ඒව නැහැ කියල. දයාසිරි කිව්ව හා, ඒ උනාට මුදල් පොත නැති වෙන්න බැහැනෙ ඒක තමන්ට බලන්න ඕන කියල. කොමිසම කිව්ව මුදල් පොත දයාට පෙන්නන්න කියල. තාම කොර වෙනව. හේතුව මොකද දන්නවද? නිපුණාරච්චිටයි, ගලප්පතිගෙ වයිෆ්ටයි මහින්ද රාජපක්ෂ රෝහල් බිල් ගෙවල ජනාධිපති අරමුදලින්! ඇපීල් එක ආයෙ 12දට අහනවා! ”










