2026 ජනවාරි මාසය ආරම්භයේ සිට දැඩි ශීත කාලගුණයක් රටට බලපාන බව තාරකා කාලගුණ විද්‍යාවට අනුව පුරෝකථනය කළ ප්‍රවීණ ජ්‍යොතිෂවේදී කේ.සී.ජේ. රත්නායක මහතා, ඉදිරි පෙබරවාරි මාසය සම්බන්ධයෙන්ද එවැනිම පුරෝකථනයක් ඉදිරිපත් කර ඇත. පහත පළවන්නේ ‘විශ්ව දිනපොත’ යූටියුබ් නාලිකාවට රත්නායක මහතා ඉදිරිපත් කළ එම කෙටි පුරෝකථනයයි.Sri Lanka Latest News
ඔබට මතක ඇති මම ගිය වතාවෙ කිව්වා දෙසැම්බර් මාසෙ 28 සිට ජනවාරි මාසෙ අවසානය දක්වා දැඩි සීත කාලගුණයක් හෝ වැසි සහිත කාලගුණයක් පැතිරෙන්න පුළුවන් කියන පුරෝකතනය. දැන් ඔබ ඒක අත්දකිනවා. සාමාන්‍යයෙන් දෙසැම්බර් – ජනවාරි මාස සීතලයි කියල කිව්වට මෙවර දැනුණෙ ඉතා අසාමාන්‍ය සීත ස්වභාවයක්. ඒක තවම ඉවර නෑ. ඉතින් ඒක කිව්වෙ තාරකා කාලගුණ විද්‍යාවේ පුරෝකථන සිද්ධාන්ත අනුවයි. ඔබ එය අත්දකිනවා. ඒ දැඩි සීත කාලගුණයක් බවට පත්වෙනවා. ඇතැම් කෙනකුට ඒකෙන් පීඩාවල් දැනුණා. සමහර කෙනෙකුට ඒක අලුත් අත්දැකීමක් බවට පත්වුණා. ඉතින් ඒක තමයි මේ විෂයේ සිද්ධාන්ත දැනගෙන සිටීමේ වැදගත්කම. පුරෝකථන කියන ඒවා හැමවිටම 100%ක් සාර්ථක නොවුණත් අනාගතයේ කාලගුණ ගැන ස්වභාවික පැටර්න්ස් හඳුනාගන්න මේ විෂය වැදගත් වෙනවා.
දෙයක් වුණාට පස්සෙ නොයෙකුත් කතන්දර කියනව අපිට පේනවා. අපිට පේනව සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙකුත් දේවල් කියනවා. පෘථිවිය සූර්යයාගෙන් ඈතට ගියාම වෙනවලු. දැන් තමයි මේ ඔක්කොම විවිධ කතන්දර කියන්නෙ. ඉතින් හැම දෙසැම්බර් මාසයකම, ජනවාරි මාසයකම සූර්යා සහ පෘථිවිය පිහිටන්නෙ ඔය විදිහට තමයි.
නමුත් මෙවර වුණේ එවැනි අසිරිමත් අසාමාන්‍ය සීත කාලගුණ තත්ත්වයක් ඇතිවීම සඳහා උචිත වූ ග්‍රහ පිහිටීමක් තිබුණා. තාරකා කාලගුණ විද්‍යාව කියන කෘතියෙන් අපි විස්තර කරලා කියලා දුන්නෙ ඒ සිද්ධාන්ත. ඒ ගණනය කරන හැටි. නැත්නම් ගිය අවුරුද්දෙත් තිබුණනෙ. ඊට කලින් අවුරුද්දෙත් තිබුණනෙ. සාමාන්‍යයෙන් කට්ටිය නොදන්නකමට කියනවනේ කොහොමත් දෙසැම්බර් සීතලයි කියල. මම ඔබට පෙන්නුව ඒ පසුගිය අවුරුදු පහක විතර එහෙම සීතක් තිබුණෙ නෑ. නමුත් මෙවර අපිට දැනෙන්නම ඒ සීත කාලගුණය ක්‍රියාත්මක වුණා.
කොහොම නමුත් මම අද කියන්න යන්නෙ අලුත් පුරෝකථනයක්. දැනට දැනෙන ඒ සීත ස්වභාවය පෙබරවාරි මාසෙ 06 වැනිදායින් පසුව හමාර වීමට නියමිතයි. ඊළඟට එන්නෙ දැඩි උණුසුම් කාලගුණයක්. ඒ උණුසුම් කාලගුණය මැදත් විටින් විට වැසි තත්ත්වයන් අපේක්ෂා කරන්න පුළුවන්. ඊට වඩා මම තරමක් අවදානම්සහගත දෙයක් කියන්නයි උත්සාහ කරන්නෙ. ඒ තමයි පෙබරවාරි මාසෙ 20 සිට 28 දක්වා කාලය මුළු ලෝකයටමත් විශේෂයෙන් ආසියාවටත් අපේ රටටත් ගින්න සහ ගිනි හුළංවලින් ගිනිගැනීම්, පිපිරීම්වලින් ඇති වෙන්න පුළුවන් හානිය උපරිම මට්ටමකට එන බව පේනවා. ඇතැම් විට ඒවා සමාජ දේශපාලන ප්‍රචණ්ඩ ක්‍රියා හැටියට හෝ සාහසික අපරාධ හැටියට මතු වෙන්න පුළුවන්. දැඩිම අවදානම් කාලය පෙන්නන්නෙ පෙබරවාරි 20 සිට 28 අතර කාලය.
මෙය කෙටි පුරෝකථනයක්. ඉතින් මේ කාලය ගැනත් දැනුවත් කළේ මේ පුරෝකථනය කරන්නෙත් තාරකා කාලගුණ විද්‍යාවෙ සිද්ධාන්ත අනුවයි. අපි ගියවර වගේම සමීපව නිරීක්ෂණය කරලා බලමු ඒ සිද්ධාන්ත අනුවම පාරිසරික වශයෙන් ඇතිවෙන උණුසුම, ගින්න සහ හුළඟ නිසා ඇති වෙන්න පුළුවන් ව්‍යසනකාරී තත්ත්වයන් වළක්වාගන්නෙ කොහොමද වගේම සමාජ දේශපාලන වශයෙන් ප්‍රචණ්ඩ ක්‍රියා වශයෙන් ඇතිවිය හැකි අවදානම්සහගත තත්ත්වයන්ගෙන් අපි හැමෝම කල් තබා පරිස්සම් වීම වැදගත් වෙනවා.
ඉතින් මේ පුරෝකථනය කිරීමේ අරමුණ ඒකයි. බලමු අපි පෙබරවාරි 20 සිට 28 අතර කාලය පෞද්ගලිකවත් රටක් හැටියටත් ලෝකයක් හැටියටත් සියලු දෙනාටම යහපත වෙන්න කියලම ප්‍රාර්ථනා කරමු.










