• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දන්න දේ නොදන්නවා වගේ ඉන්න පට්ටිගෙදර සුද්දා…! ඇතුළේ හිටියෙ මට අභියෝග කරන කසුන් කෙනෙක්…! කසුන් තාරක I Sri Lanka Latest News

February 1, 2026
in Heart
Reading Time: 2 mins read
A A
දන්න දේ නොදන්නවා වගේ ඉන්න පට්ටිගෙදර සුද්දා…! ඇතුළේ හිටියෙ මට අභියෝග කරන කසුන් කෙනෙක්…! කසුන් තාරක I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලාව යනු සාමූහික ප්‍රයත්නයකි. එම ප්‍රයත්නය තුළ තමන්ට ලැබෙන භූමිකාව හුදෙක් රංගනයකට පමණක් සීමා නොකර, එහි මනෝවිද්‍යාත්මක පැතිකඩ පවා සොයා යන ඔහු, වර්තමාන ටෙලි තිරයේ අප දකින සුවිශේෂ තරුණයෙකි. ‘ටේක් කෙයා’ ටෙලිනාට්‍යයේ කසුන් ලෙස ප්‍රේක්ෂක ආදරය දිනාගත් ඔහු, අද වනවිට ‘පට්ටිගෙදර’, සුද්දා ලෙසින් අපේම පවුලේ සාමාජිකයකු වී හමාරය. හොඳම නැගී එන නළුවා ලෙස ඇගයීමට ලක්වූ කසුන් තාරක, සිය කලා දිවියේ තොරතුරු ‘හාට්’ අප සමග මෙලෙස බෙදාගත්තා.Sri Lanka Latest News

මේ දිනවල ඔබව ගොඩක් දෙනෙක් දන්නේ පට්ටි ගෙදර සුද්දා නමින්?
ඔව් මේ දවස්වල ස්වාධීන රූපවාහිනියේ විකාශය වන අනුශ්ක රසාංජනගේ පට්ටිගෙදර ටෙලිනාට්‍යයේ කැලුම් කියන චරිතය රඟදක්වනවා. මේ චරිතය ගොඩක් වෙලාවට සුද්දා කියන ගෙදරට කියන නමින් තමයි ප්‍රේක්ෂකයන් අතර කතාබහට ලක් වෙන්නෙ. ඉතිං මම ඉතාම සතුටින් සම්බන්ධ වෙලා ඉන්න නිර්මාණයක් තමයි මේ නිර්මාණය.
‘පට්ටිගෙදර’ කියන්නේ වෙනස්ම නිර්මාණයක් කොහොමද ලැබෙන ප්‍රතිචාර?
වෙනස් කියන්නෙ මම හිතන්නේ මේ නිර්මාණය අපේ පොළොව ස්පර්ශ කරන නිර්මාණයක්. මේ නිර්මාණය තුළ තියෙන්නේ අපේ මහ පොළොවේ තියෙන අපි දන්න ඒත් නොදන්නවා වගේ ඉන්න වෙලා තියෙන යථාර්ථය තමයි.
මේ නිර්මාණයේ ඉන්න හැම චරිතයක්ම වගේ ලියවිලා තියෙන්නේ ප්‍රේක්ෂකයාගේ භාවමය පක්ෂය සියුම් ලෙස ස්පර්ශ කරන්න හැකි වෙන විදිහට. ඒ නිසා මේ නිර්මාණය ප්‍රේක්ෂක ජනතාව අතරට ගිහින් තියෙනවා කියලා හිතෙනවා. හොඳ ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා
කොහොමද මේ ගමනට සම්බන්ධ වුණේ?
මම කලා කේෂ්ත්‍රයට සම්බන්ධව වැඩ කරන්නෙ කුඩා කාලේ ඉඳලාම තමයි. නමුත් උසස් පෙළ හැදෑරීමෙන් පසු විශ්වවිද්‍යාලයට ආවාට පස්සෙ තමයි පුංචි තිරය, ප්‍රසිද්ධ වේදිකාවේ රංගන කටයුතු වල නිරත වෙන්නෙ.
‘ටේක් කෙයා’ සාර්ථක ලෙස අවසන් වුණත්, කසුන් කියන්නේ මතකයේ රැඳුණු චරිතයක්. ඒ ගැන කතා කළොත්?
මගෙ නමත් කසුන්. ඒ චරිතයත් කසුන්. නමුත් ඒ චරිතය ඇතුළේ හිටියෙ මට අභියෝග කරන කසුන් කෙනෙක්. ඉතින් ඒ චරිතය ඇතුළේ තියෙන මනෝවිද්‍යාත්මක කාරණා වගේ ඒවා හොයන්න වුණා. ඒ වගේ චරිත අපිට එදිනෙදා ජීවිතයෙ ඕනෙ තරම් දකින්න ඉන්නවා. හැම වෙලාවෙම ඔවුන්ව නරක විදිහට විවේචනයට ලක්වෙනවා. ඒකට හේතුව තමයි ඔවුන්ගේ ඒ හැසිරීමට පදනම් වුණු මනෝවිද්‍යාත්මක කාරණා ගැන සමාජය දැනුවත් නැහැ. ඉතින් ඒ චරිත නිර්මාණයකට ගේන එකෙත් යම්කිසි අවදානමක් තියෙනවා. නමුත් එහෙම නොවෙන්න අනුශ්ක මේ චරිතය ගොඩනගලා තිබුණා. ඒ නිසා තමයි මිනිස්සුන්ට ඒ චරිතය මතක කියලා මම හිතනවා.
කසුන්ව දන්නේ පුංචි තිරයේ විතරයි. රිදී තිරයෙන් ආරාධනාවක් එනකම් බලන් ඇති?
ලංකාවේ සිනමාව ඉතාම හොඳ තැනක තියෙනවා. මේ වගේ මොහොතක ඉතින් ඇත්තටම හොඳ සිනමා නිර්මාණයක් හම්බවෙනවනම් සතුටුයි. ලැබුණොත් දෙවරක් හිතන්නෙ නැහැ හොඳ නිර්මාණයක් නම් භාර ගන්නවා.
අලුත් අවුරුද්දේ ඉදිරි වැඩකටයුතු ගැන කතා කළොත්?
අලුත් අවුරුද්දේ නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා ඉන්නවා. ඉදිරියෙදී බලන්න පුළුවන් වෙයි.

අසිංසලා වීරහිංගේ

SendShareShare
Previous Post

බුදු පිළිම අත්අඩංගුවට ගන්න ආණ්ඩුවක්! බුද්ධ ශාසන අමාත්‍යංශයක් නෑ! බුද්ධාගම අවසානයි! ඉතිහාසය අවසානය! සදාචාරය අවසානයි! VIDEO I Sri Lanka Latest News

Next Post

කුණාටුව රේල්පාරට කරපු විනාශය බිලියන 320ක්! I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.