• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘මිලියන 16ක් අවභාවිත වෙලා! බැලූ බැල්මට මේක පෞද්ගලික සංචාරයක්’ – මහෙස්ත්‍රාත් ! රනිල්ගෙ නඩුවේ උසාවිය ඇතුළේ සිදුවූ සියල්ල මෙන්න! රනිල් විත්ති කූඩුවේ වාඩිවීම ප්‍රශ්නයක්! මහෙස්ත්‍රාත් අවවාද කරයි! දැඩි සත්කාර ඒකකයේ කොටසක් වෙන් කරගෙන සහචරයන් සමග පොත් කියෙව්වා! මේක පළිගැනීමක්! අධිකරණය ඇතුළේ නොසන්සුන් තත්ත්වයක්! රනිල්ගේ නීතිඥයන් නීතිපති හමුවුණා! අපිව නොමග යවන්න හැදුවා! රනිල් උත්සවයේ හිටියේ බැල්කනියෙ වාඩිවෙලා! මෙය නිල කටයුත්තක් නොවේ… සාක්ෂි තියෙනවා…! ලන්ඩන් ගිය CID ටීම් එක විශ්වවිද්‍යාලයට ගිහින් නෑ…! Sri Lanka Latest News

January 31, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
‘මිලියන 16ක් අවභාවිත වෙලා! බැලූ බැල්මට මේක පෞද්ගලික සංචාරයක්’ – මහෙස්ත්‍රාත් ! රනිල්ගෙ නඩුවේ උසාවිය ඇතුළේ සිදුවූ සියල්ල මෙන්න! රනිල් විත්ති කූඩුවේ වාඩිවීම ප්‍රශ්නයක්! මහෙස්ත්‍රාත් අවවාද කරයි! දැඩි සත්කාර ඒකකයේ කොටසක් වෙන් කරගෙන සහචරයන් සමග පොත් කියෙව්වා! මේක පළිගැනීමක්! අධිකරණය ඇතුළේ නොසන්සුන් තත්ත්වයක්! රනිල්ගේ නීතිඥයන් නීතිපති හමුවුණා! අපිව නොමග යවන්න හැදුවා! රනිල් උත්සවයේ හිටියේ බැල්කනියෙ වාඩිවෙලා! මෙය නිල කටයුත්තක් නොවේ… සාක්ෂි තියෙනවා…! ලන්ඩන් ගිය CID ටීම් එක විශ්වවිද්‍යාලයට ගිහින් නෑ…! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පොදු දේපළ අවභාවිත කරමින් සිය බිරියගේ උපාධි ප්‍රදානෝත්සවයට සහභාගි වීම සඳහා ලන්ඩනයට යෑම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි නඩුව කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාරගේ මහතා හමුවේ පසුගිය 28 වැනිදා කැඳවනු ලැබීය.Sri Lanka Latest News

එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් දිලිප් පීරිස් මහතා අධිකරණය හමුවේ පැවැසුවේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකළ බවයි. එම අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා විත්ති කූඩුවේ අසුන්ගෙන සිටි අතර දිලීප පීරිස් මහතා විමසා සිටියේ ඔහුට අසුන් ගැනීමට අවසර දුන්නේ කවුරුන්ද යන්නයි.

අනතුරුව කොළඹ කොටුව මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා රනිල් වික්‍රමසිංහ මහතාට අවවාද කළ අතර මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ අධිකරණ ක්‍රියාදාමය ගලායන ක්‍රමවේදයක් පවතින බවයි. අනතුරුව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා අධිකරණයට කරුණු දැක්වූවා.

‘ස්වාමිනි, මුලින්ම කිව්වා වංගුවකින් රුධිරය යනවා කියලා. සැකකරුගේ ක්‍රියාකලාපය තුළම තියෙන්නේ වංගු. බන්ධනාගාරගත කරපු ගමන් එහේ රෝහලට යනවා. එතනින් ජාතික රෝහලට යනවා. එතනින් දැඩිසත්කාර ඒකකයට වංගු ගහනවා. ඔන්න දැන් යයි වගේ තමයි රටේ ප්‍රචාරයක් යැව්වේ. කොහොම හරි ඇපත් ගත්තා. ස්වාමිනි, මොහු දැඩි සත්කාර ඒකකයේ කොටසක් වෙන් කරගෙන සහචරයින් සමග පොත් කියවමින් ඉන්නවා. වෛද්‍යවරුන් එක්ක ඡායාරූප ගන්නවා. පොදු දේපළ අවභාවිත කරපු කෙනෙක් එහේ ගිහිල්ලා යළි පොදු දේපළ අවභාවිත කරනවා. ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයට යන්න බැරුව ලිස්ට් එකේ කීදෙනෙක් ඉන්නවද? ස්වාමිනි මේ ලැබිලා තියෙන ඇපය මතු සම්බන්ධ නැහැ. මම අනිවාර්යයෙන් ඉදිරියේදී මතක් කරනවා. මේක ඉවර නැහැ කියලා මම කියන්න කැමැතියි.’

එහිදී රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥවරුන් විමසා සිටියේ ‘ආ, ඒ කියන්නේ මේක පළිගැනීමක්’ යනුවෙනුයි. එම අවස්ථාවේදී දෙපාර්ශ්වය අතර උස් හඬින් වාද විවාද ඇතිවීමත් සමග අධිකරණයේ නොසන්සුන්තාවක් ඇති වුණා.

මහෙස්ත්‍රාත්වරයා තත්ත්වය සමථයකට පත්කළ අතර අතිරේක සොලිසිටර් ජනරාල්වරයා යළි කරුණු දැක්වූවා.

‘ස්වාමිනි, අපේ නිලධාරීන් කණ්ඩායමක් එංගලන්තයට යොමු කළා. එම අවස්ථාවේදී නීතිඥවරුන් වන රොනල් පෙරේරා, අනුජ ප්‍රේමරත්න ඇතුළු තිදෙනෙක් නීතිපතිවරයා හම්බවෙන්න ආවා. ඇවිල්ලා කිව්වා ශානි අබේසේකරගේ පොලිසිය නීතිපතිවරයාට කියන්නේ නැතුව එංගලන්තයට කොහොමද ගියේ කියලා. අදාළ ක්‍රියාව සම්බන්ධයෙන් නීතිපතිවරයා සියයට සියයක් සෑහීමට පත්වෙලා ඉන්නවා. අපිව කොටවලා බෙදීමක් ඇති කරන්න හැදුවා. අපි අතර එහෙම වෙන්නේ නැහැ කියලා මම කියන්න කැමැතියි.’
යළි දෙපාර්ශ්වය අතර උස් හඬින් වාද විවාද කිරීමත් සමග අධිකරණයේ නොසන්සුන්තාවයක් ඇති වූ අතර මහෙස්ත්‍රාත්වරයා මැදිහත් වී යළි තත්ත්වය පාලනය කළා.
‘ස්වාමිනි, අපි ලන්ඩනයේ අපගේ තානාපති කාර්යාලයෙන් ප්‍රකාශ ලබාගත්තා. එහිදී අපිට දැනගැනීමට හැකි වූයේ රනිල් වික්‍රමසිංහ අදාළ උත්සවයට ගිහිල්ලා සාමාන්‍ය බැල්කනියේ පුටුවක ඉඳගෙන හිටියා කියලා. වේදිකාවට ආරාධනා කිරීමක් සිදු වෙලා නැහැ.’

අනතුරුව මහෙස්ත්‍රාත්වරයා දිලීප පීරිස් මහතාගෙන් විමසා සිටියේ ‘බී’ වාර්තාවෙන් නිගමන 26ක් දක්වා ඇති අතර, එහි එක් කරුණකින් හෝ මෙය නිල සංචාරයක් බවට කරුණු පෙනී ගියාද යන්නයි.

‘ස්වාමිනි, නිල, රාජ්‍ය, රාජතාන්ත්‍රික, පෞද්ගලික ලෙස සංචාර හතරක් තිබෙනවා. නිල කටයුත්තක් වෙන්නේ ඒ රටේ රාජ්‍ය මැදිහත්වීමක් තිබුණොත් පමණයි. රනිල් වික්‍රමසිංහ පිළිගන්නවත් කවුරුත් එන්නේ නැහැ. ඔහු එක්ක ගිය සොමිසාර ඒකනායක එසේත් නැත්නම් සමන් ඒකනායක නමැත්තා ඇමෙරිකා සංචාරයට යනවා. නමුත් එක්සත් රාජධානියට එන්නේ නැහැ. ඒ වගේමයි ස්වාමිනි, සැකකරු ලිපියක් ඉදිරිපත් කර කිව්වා ඔහුට ආරාධනාවක් ලැබුණු බවට. නමුත් අදාළ ලිපිය තානාපති කාර්යාලයට ලැබුණේ නැහැ. මේ සියලු කාරණාවලින් අනාවරණ වන්නේ මෙය නිල කටයුත්තක් නොවන බවටයි. අනෙක් කාරණාව ස්වාමිනි, මළගෙදරක ගියත් පින්තූර දාන මිනිස්සු මෙහෙම නිල ගමනකට එක්වුණා නම් කෝ ඒවායේ ඡායාරූප? ජනාධිපති මාධ්‍ය ඒකකයේ එවකට ඡායාරූප ශිල්පියෙක් ප්‍රකාශ කරනවා එක්සත් රාජධානියේ කිසිදු ඡායාරූපයක් හෝ වීඩියෝවක් නොමැති බව. සමන් ඒකනායක කියනවා උපාධි ප්‍රදානෝත්සවයක් කියලා දන්නේ ලංකාවට ආවට පස්සේ කියලා.’

අනතුරුව මහෙස්ත්‍රාත්වරයා විමසා සිටියේ ලේඛනවල පෞද්ගලික ගමනක් වී පසුව එය නිල බවට වෙනස් වීමට හේතුවක් ඇද්ද යන්නයි. එයට ‘නැහැ’ යනුවෙන් දිලීප පීරිස් මහතා පිළිතුරු ලබා දුන්නා.

පසුව රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ තිලක් මාරපන මහතා අධිකරණයේ කරුණු දැක්වූවා.
‘ස්වාමිනි, අනම් මනම් දොඩවන්න මට පුරුදු නැහැ. කියපු ඒවා සියයට අනූවක් මට අදාළ නැහැ. අවස්ථා කිහිපයකදී කියනවා ව්‍යාජ ලිපියක් කියලා. ඇයි ඉතින් විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අස්සන් කරපු කෙනාගෙන් අහන්නේ නැත්තේ ඇත්තද බොරුද කියලා? ලන්ඩන් ගිහිල්ලා මොනවද කළේ කියලා අපි දන්නෙ නැහැ. ජනාධිපති ලේකම් කාර්යාලයෙන් සහ විදේශ අමාත්‍යාංශයෙන් ෆයිල් හොයන එක හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්.’

අනතුරුව මහෙස්ත්‍රාත්වරයා නීතිඥවරයාගෙන් විමසා සිටියේ විශ්වවිද්‍යාලයෙන් එන ආරාධනය නිල ආරාධනයක්ද යන්නයි. එයට ‘ඔව්’ ලෙස නීතිඥවරයා ප්‍රකාශ කළා.
අනතුරුව මහෙස්ත්‍රාත්වරයා එම ලිපිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලයෙන් ප්‍රකාශ ගත්තාද යනුවෙන් දිලීප පීරිස් මහතාගෙන් විමසා සිටියා.

‘ස්වාමිනි, එය අතිශය පෞද්ගලික විශ්වවිද්‍යාලයක්. බි්‍රතාන්‍ය රජයට අයත් එකක් නෙවෙයි. අර්ධ රාජ්‍ය අනුග්‍රහයක්වත් නැහැ. ස්වාමිනි, සැකකරු සම්බන්ධයෙන් සියලු විමර්ශන අවසන්. ත්‍රිපුද්ගල විමර්ශන සභාවක ඉදිරියේ පැමිණිල්ල මෙහෙයවන්න බලාපොරොත්තු වෙනවා. මාර්තු මාසයේදී අනිවාර්යයෙන් අධිචෝදනා භාර දෙනවා. ඒ වගේමයි කාලිංග ඉන්ද්‍රතිස්ස නීතිඥවරයා ප්‍රකාශ කළා සොමිසාර ඒකනායක ආවා කියලා. එහෙනම් ඔහුට කූඩුවට නගින්න කියන්න.’
අනතුරුව රනිල් වික්‍රමසිංහ මහතාගේ නීතිඥයන් යළි කරුණු දැක්වීමක් සිදුකළා.

‘ස්වාමිනි, එක ප්‍රශ්නයක් අහන්නම්. ජනාධිපති ලන්ඩන් ගිහිල්ලා අසනීප වුණොත් මොකද කරන්නේ? දැන් උදාහරණයකට අනුර ජනාධිපතිතුමා අම්මව බලන්න හත් වතාවක් ගියා.’

‘ස්වාමිනි, විරුද්ධ වෙනවා. මේක දේශපාලනීකරණය කරන්න හදනවා.’
අනතුරුව දෙපාර්ශ්වය අතර යළි නොසන්සුන්තාවක් ඇති වූ අතර, තත්ත්වය පාලනය කරමින් මහෙස්ත්‍රාත්වරයා ‘සද්දෙට නෙවෙයි කරුණුවලටයි තැන තියෙන්නේ’ යනුවෙන් ප්‍රකාශ කළා. පසුව අදාළ නඩුවේ දෙවැනි සැකකරු ලෙස සමන් ඒකනායක මහතා නම්කිරීමට අධිකරණය අවසර ලබාදුන්නා. එහිදී ඔහු වෙනුවෙන් ඉදිරිපත් වුණේ ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතායි.

‘ස්වාමිනි, මගේ සේවාදායකයා මෙහි ඇවිල්ලා ඉන්නවා. ඔහුට පැනලා යන්න අවශ්‍ය නැහැ. ඔහු හැංගිලා ඉන්නවා කියන එක ප්‍රතික්ෂේප කරනවා.’
‘පැහැදිලිව නීතිය මගහරින්න පුළුවන් අපරාධකරුවෙක්. 22 වැනිදායින් පසු එක ඇමතුමක්වත් නැහැ. බිරිඳත් එක්ක අතුරුදන් වෙලා. ඒකත් නිකන් යන්නේ නැහැ. අසල්වැසියාට මාළුයි හාල් මැස්සොයි තම්බලා දීලා යනවා පූසාට කන්න දෙන්න කියලා.’

‘ස්වාමිනි, මොහු මට කතා කළා. ඒ කියන්නේ මට කතා කළේ භූතයෙක්ද?’
‘මේ තියෙන්නේ ඔහුගේ බලසම්පන්න බව පෙන්වීමක්. සී.අයි.ඩී. එන්නේ නැහැ අපි අධිකරණයට එනවා කියලා කියන්න හදනවා. මහජන මුදල් අවභාවිතයට රාජ්‍ය ලාංඡනය තබන්නේ ඔහුයි. ඔහු අවසර දුන්නේ නැත්නම් මේක වෙන්නේ නැහැ. ඔහු සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් අවශ්‍යයි. සමහර විට ඔහුගෙන් ලබාගන්නා ප්‍රකාශ තුළින් රනිල් වික්‍රමසිංහ මහතාගෙන් යළි ප්‍රකාශ ලබාගන්නත් වෙයි.’

දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේ අදාළ සිද්ධියෙන් මිලියන දහසයකට ආසන්න මුදල් අවභාවිත වී ඇති අතර, ජනාධිපතිවරයාගේ සංචාරවලට යන වියදම් සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරයා පෞද්ගලිකව සොයාබැලිය යුතු බවයි. එමෙන්ම ඉදිරිපත් වී ඇති කරුණු අනුව බැලූබැල්මට මෙය පෞද්ගලික සංචාරයක් බවට පෙනීයන බවද මහෙස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළා.

මුදල් නිකුත් කිරීමේදී දෙවැනි සැකකරු හෙවත් සමන් ඒකනායක සුපිළිපන්භාවයෙන් සහ පරීක්ෂාකාරීභාවයෙන් තොර වීම නිසා ඔහුව ලබන 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන බවද මහෙස්ත්‍රාත්වරයා නියෝග කළා. එමෙන්ම ලිපිලේඛන සම්බන්ධයෙන් ලන්ඩන්හි වුල්ෆ්හැම්ප්ටන් විශ්වවිද්‍යාලයෙන් වහාම ප්‍රකාශයක් ලබාගන්නා ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළ අතර, එය මෙරට සිට සිදුකිරීමට හැකි නම් වඩාත් සුදුසු බවද මහෙස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නා.

SendShareShare
Previous Post

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව! Sri Lanka Latest News

Next Post

දිග පළලක් නැතුව ලැබෙන හැම චරිතයක්ම මම රඟපෑවා…! තවමත් මගේ වේදනාව තියෙනවා…! අමාරුවෙන් තමයි ඇවිදින්නේ…! සමහරු අපි කවුද කියලාවත් දන්නෙ නැහැ…! රූපා පතිරණ I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.