මොඩියුල පෙන්න පෙන්නා අවුළුවති රට
මතුවෙයි විරෝධය දෙපසින් හතර වට
කල් දැමූ බව කීවත් එය තව වසරකට
පිරිසක් එයම ඉල්ලති මේ වසරෙ සිට
අධ්‍යාපනයෙ දැකුමට අප දරුවන්නේ
කොයි කවුරුද අහෝ එරෙහිව නැගිටින්නේ
නූගත් පිරිස් නම් ඒ ගැන වලි කන්නේ
දරු පරපුරට පිහිටයි මතු දෙවියන්නේ
ගුණනැණ වඩනු වෙනුවට අපෙ දරුවන්ට
හොඳ නැහැ වැරදි මත හිසමත පටවන්ට
නොහැකිය අහෝ සිදුවන දෙය අදහන්ට
දෙවියන්ගේ හාල් කැවිලද බොල මුන්ට
තැන තැන නැගෙන මත සවනට ඇසේදෝ
මොඩියුලයකට වලිකන හැටි පෙනේදෝ
දෙස්පාලුවොත් මෙතැනදි මග හැරේදෝ
නිලදරුවන් පිටින් වස් දොස් මැකේදෝ
පෑදී දියට බොරදිය මුසු කරනු එපා
හෙළ හැදියාව සහ සැබි බව නසනු එපා
එක එක විදෙස් ගත මොඩියුල අපට එපා
ලක්මව හොඳයි පර අම්මල රටට එපා










