• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හිතට එකඟව රඟපාන්න බැරි චරිත මම කරන්නේ නැහැ…! ඒක රිජෙක්ට් කරන්න හරි ලෝභ හිතුණා…! තුන් පාරක් සම්මාන ලැබුණා…! හිතේ අමාරුවෙන් කළ එපා කිරීමක්…! ලෝචනා ඉසුරින්දි I Sri Lanka Latest News

January 25, 2026
in Heart
Reading Time: 2 mins read
A A
හිතට එකඟව රඟපාන්න බැරි චරිත මම කරන්නේ නැහැ…! ඒක රිජෙක්ට් කරන්න හරි ලෝභ හිතුණා…! තුන් පාරක් සම්මාන ලැබුණා…! හිතේ අමාරුවෙන් කළ එපා කිරීමක්…! ලෝචනා ඉසුරින්දි I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෑත කාලයේ අලුතින් ටෙලි කලාවට ආව නිළියන් අතර ‘ලෝචනා ඉසුරින්දි’ හුඟක්ම සුවිශේෂ කෙනෙක් කියලා විවාදයක් නැතිව කියන්න පුළුවන්. ලෝචනා ඉසුරින්දි කියන නමට වැඩිය බොහෝ දෙනා ඇයව හඳුන්වන්නේ ‘ඉරගිනි මද්දහන’ ටෙලි කතාවේ ‘චූටි’ විදියට එහෙමත් නැත්නම් මේ දවස්වල විකාශය වන ‘පට්ටි ගෙදර’ මාලි හෝ බේබි විදියටයි.Sri Lanka Latest News

ඒ මොන විදියට හැඳින්වුවත් ලෝචනා කියන්නේ එකෙන්ම නවකයන් අතර අතිදක්ෂ සුපිරි ටෙලි තරුවක්. කෙටි කාලයකින්ම සම්මානනීය වූ ටෙලි තරුවක්. ඒ නිසාමයි ‘මව්රට’ ‘හාට්’ එකට පොඩ්ඩකට ඇවිදින් යන්න එන්නය කියලා අපි ඇයට ආරාධනා කළේ. හරි සිනහ මුසුව නිහතමානීව ඈ ඒ ආරාධනාව පිළිගත්තා.

කොහොමද ලෝචනා ඉතින් ඔබේ සුව දුක් සහ අලුත් තොරතුරු?
මම සුවෙන් ඉන්නවා. සතුටින් කාලය ගතකරනවා. මේ දවස්වල ‘පට්ටි ගෙදර’ ෂූටින්වලට යනවා එනවා. රංගනයෙන් දායක වූ ටෙලි ඩ්‍රාමා කිහිපයක්ම විකාශය වීමට නියමිතව තිබෙනවා. ඒ අතර මගේ ගුරු වෘත්තියත් ව්‍යාපාරයත් අතර දවස ගෙවනවා.
ඔබේ පළමු ටෙලි නිර්මාණය ‘ඉරගිනි මද්දහන’ නෙවෙයි.
නැහැ. මුලින්ම මට ටෙලි තිරයට එන්න ආරාධනා සහ ඉඟි ලැබෙන්නේ 2015 අවුරුද්දෙයි. ඒ ඇයි කියනවා නම් මම ඒ අවුරුද්දේ හේමාස් ආයතනයේ අනුග්‍රහයෙන් පැවැත්වූ අවුරුදු කුමාරි තරගයක අවුරුදු කුමාරි ලෙස කිරුළ පලඳිනවා. ඊට පසු රූපවාහිනී චැනල් කිහිපයකින්ම පැවැත්වූ අවුරුදු කුමාරි තරග කිහිපයකටද මම සහභාගි වෙනවා. අන්න එතැනදී තමයි රංගනයට ඇරයුම් එන්නේ. ඒත් මට ඒ වෙනුවෙන් කාලය දෙන්න බැරි වෙනවා. මොකද එතකොටත් මම ඉන්නේ මගේ අධ්‍යාපන කටයුතුවල හිරවෙලයි. ඒ නිසා මම රංගනයට එන්න තියෙන කැමැත්ත යටපත් කරගන්නවා.
‘ඉරගිනි මද්දහන’ට ආරාධනා ලැබුණෙ ඉන් පස්සෙද?
තවම මම ඉරගිනි මද්දහනට ඇවිදින් නැහැ. අධ්‍යාපන කටයුතු හමාර වෙලා ගුරු වෘත්තියේ පත්වීම ලැබුණට පස්සේ ගෙවීයන ගාය තුළදී ‘මිහිකතගේ හුස්ම’ ටෙලියට කුලුඳුලේම ආරාධනා ලැබෙනවා. ඒ ආරාධනාව ලැබෙන්නේ මධු රත්නායක සහ කුමාරි විජේතුංග යන අක්කලාගේ අනුග්‍රහය නිසයි. ‘මිහිකතගේ හුස්මට’ පස්සේ තව ටෙලි කිහිපයක පොඩි චරිත ලැබුණා. ඒත් ඉතින් නිළිකම ගැන උමතුවක් හෝ පස්සෙන් යන උනන්දුවක් ඒ වනවිටත් ලොකුවට හිතේ තිබුණේ නැහැ කියමුකො.

ඒ අතර තමයි ඉරගිනි මද්දහනට ආරාධනා ලැබෙන්නේ. ලලිත් රෝහිත එදිරිසිංහ අයියගෙන් තමයි ඒ ආරාධනාව ආවේ. එතැනත් ඔන්න ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙ ෂූටින්වලට යන්න එන්න තියෙන දුර ප්‍රමාණය. මගේ ගම කලවාන. ඉරගිනි මද්දහන ෂූටින් තිබුණේ ඊට යොදුන් ගණනක් ඈත. ඒ තරම් අපූරු චරිතයක් රිජෙක්ට් කරන අදහස තමයි තිබුණේ. ඒත් තිර නාටකය කියෙව්වම චූටිගේ චරිතය ගැන හිතුවම ඒක රිජෙක්ට් කරන්න හරි ලෝභ හිතුණා. අම්මට මාව දැනුණා. ඈ හරිම දයාවෙන් මට කියනවා ඒ ටෙලි චරිතය භාරගන්න, මගේ තනි නොතනියට එයා ළඟින්ම ඉන්නම් කියලා. ඉරගිනි මද්දහන භාරගත්තා. චූටිට රඟපෑවා. ඒ සෙට් එකේ ගෙවුණු ලස්සනම ලස්සන කාලෙත් චූටිගේ චරිතයට ලැබුණු නොසිතූ ප්‍රතිචාරයත් නිසා ඔන්න රංගනය සහ නිළිකම ගැන පුදුම ආශාවක් හිතට ආවා.
චූටිගෙ චරිතය නිසා ඔබ සම්මානනීය වුණා?
තුන් පාරක් සම්මාන ලැබුණා. හොඳම නැගීඑන නිළිය ලෙස සම්මාන දෙකකුත්, හොඳම සහාය නිළිය ලෙස එක පාරකත් සම්මානයට පාත්‍ර වුණා.
චූටිගේ චරිතයෙන් තමයි ඔබ ප්‍රේක්ෂක සිතට සමීප වුණේ?
ඔව්. එතැනින් තමයි මට යමක් කරන්න පුළුවන් කියන හැඟීම ප්‍රේක්ෂකයන්ට වගේම ටෙලි නිර්මාණකරුවන්ටත් දැනුණේ. කතාබහට ලක්වන හිතට දැනෙන්න රඟපාන්න පුළුවන් චරිත ලැබෙන්න ගත්තේ ඊට පස්සෙයි.
‘පට්ටි ගෙදර’ අධ්‍යක්ෂ අනුෂ්ක රසාංන ද සිල්වා බේබිගෙ චරිතයට මට ආරාධනා කළා. ඔහු ප්‍රවීණ නිර්මාණ ශිල්පියෙක්. අනෙක බට්ටිගෙ චරිතයෙ තිබුණු විශේෂත්වයන් නිසා ඒ චරිතය මම හුඟක් ආශාවෙන් භාරගත්තේ. ඒ වගේ හොඳ චරිත ලැබුණෙ චූටි නිසයි. මගේ රංගන ජීවිතයේ ටර්නින් පොයින්ට් එක. චූටිගෙ චරිත නිරූපණයයි.
සමහර හොඳ චරිත රිජෙක්ට් කරන්නේ ඇයි කියලා ඇහුවොත්?
මට නොගැළපෙන චරිත හිතට එකඟව රඟපාන්න බැරි චරිත මම භාරගන්නේ නැහැ.
එයට හේතුව ඔබ ගුරුවරියක් ලෙස රැකියාව කිරීමද?
සුවිශේෂම හේතුව එයයි. ගුරුවරියක ලෙස මම මගේ සිසු දරුවන්ට ආදර්ශයක් විය යුතුයි. ඔවුන්ට මුහුණ දෙන්න බැරි මට්ටමක චරිතයක් රූපවාහිනියේ විකාශය වනවිට ගුරුවරියක ලෙස මම පාසලට ගොඩවෙන්නේ කොහොමදැයි කියන කාරණය මට කවදාවත් අමතක කරන්න බැහැ. අනෙක මට මගේ පවුලෙ අය ගැනත් එතැනදී හුඟක්ම හිතනවා.
ඔය සියලු කරුණු මැද සම්මාන ගන්නට පවා පුළුවන් හොඳ චරිතයන් ඔබ රිජෙක්ට් කළා?
සත්තකින්ම ඔව්. ඉතාම සුහදව එම නිර්මාණකරුවන්ට මම කරුණු වටහාදීලා මම එවැනි චරිත ප්‍රතික්ෂේප කරනවා.
ලලිත් රෝහිත එදිරිසිංහගේ ‘දොරකඩ දෙවොල’ ටෙලිය රිජෙක්ට් වුණෙත් ඒ කාරණය නිසාද?
අපොයි නැහැ. දොරකඩ දෙවොල ටෙලියට ලැබුණු ආරාධනාව. විශේෂයෙන් චූටිව මගේ ජීවිතයට නිර්මාණය කරදුන් රෝහිත අයියාගේ ටෙලිය අතහරින්න සිද්ධ වුණේ දින ගණන් ප්‍රශ්නය නිසයි. හුඟක් දුකෙන් හිතේ අමාරුවෙන් කළ එපා කිරීමක්. තවමත් ඒ ගැන හිතට වේදනයි. රෝහිත අයියා එක්කත් මම ඒ ගැන කතා කළේ මනස්තාප හිතින්.
කියන්න තව යමක් තියෙනවද ලෝචනා?
යම් කෙනකුට යම් විශේෂයක් හිතට දැනෙන ආකාරයට ලෝචනා ඉසුරින්දි කියන මාව මේ තැන තියන්න දායක වෙච්ච හැම නිර්මාණකරුවකුටම වගේ මම ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් හද පතුලෙන්ම ඒ ගැන ස්තුතිවන්ත වෙනවා.

මල්මි කෞෂල්‍යා

SendShareShare
Previous Post

මැදිරිගිරිය මාලිමා සභාපතිගේ කැබ් එක ඇක්සිඩන්ට් වුණාට පස්සේ නවත්වන්නේ නැතිව ගිහින්! බයික් එකේ ආ කෙනාගේ කකුලට බරපතළ හානි! ගම්මු පන්නගෙන ගිහින් සභාපතිගේ වාහනය නවත්වා රියැදුරුට රිදෙන්නම දීලා! I Sri Lanka Latest News

Next Post

නමට විතරක් තියෙන.. වැඩිය ගණන් ගන්නෙ නැති ‘ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම’? I Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News
Heart

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News
Heart

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News
Heart

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

නීතිවිරෝධීව මෙරටට ගෙන්වන ලද නවීන ස්මාර්ට් ජංගම දුරකථන තොගයක් කොල්ලුපිටියේ පිහිටි සුපිරි සාප්පු සංකීර්ණයක බිම් මහලේ ගබඩාවක තිබී සොයාගෙන තිබේ.Sri...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.