විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා එදා කළ ප්‍රකාශ සහ කළ ක්‍රියාවන් අද වනවිට ආණ්ඩුව විසින් පිළිගෙන තිබීම සතුටට කරුණක් බව මන්ත්‍රී චිත්‍රාල් ප්‍රනාන්දු මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කියු දේවල් අද වනවිට තහවුරු වී තිබෙන බව ජනතාව ප්‍රකාශ කරනවා. දිට්වා සුළි කුණාටුවෙන් පසු ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සමාලෝචනයකට පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා ආන්ඩුවෙන් ඉල්ලා සිටියා. නමුත් එය පිළිනොගත් ආණ්ඩුව දැන් එය ක්‍රියාත්මක කරන්න සුදානම් වෙනවා. ඒ වගේම ආධාරක සමුලුවක් පවත්වන්නැයි බිමල් රත්නායක ඇමැතිවරයා ප්‍රකාශ කරනවා. එවැන්නක් අවශ්‍ය නැති බව ආණ්ඩුව ප්‍රකාශ කලත් දැන් එය සිදුකරන්න සුදානම් වෙනවා. සජිත් ප්‍රේමදාස මහතා පාසල්වලට සුහුරු පන්තිකාමර ලබාදීමෙදී ආණ්ඩුවේ පිරිස් හිනා වුණා. තනි මනුස්සයෙක් සුහුරු පන්තිකාමර 300 ක් ලබාදෙන්න මේ වනවිට කටයුතු කර තිබෙනවා.‘‘Sri Lanka Latest News










