• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව කරන බියවැද්දීමක් ගැන නාමල්ගෙන් ප්‍රකාශයක්! I Sri Lanka Latest News

January 21, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
Share on WhatsAppShare on Facebook

නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණය බිය ගන්වා තමන්ට ඕන දේ කරගන්න මෙම ආණ්ඩුව උත්සාහ කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසිය.Sri Lanka Latest News

මේ රටේ නිතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණ පද්ධතියත් මේ ආණ්ඩුවේ මර්දනයට යට වෙන්නේ නැති බවට තමාට දැඩි සේ විශ්වාස බවද නාමල් රාජපක්ෂ පැවසීය.

මෙම ආණ්ඩුව පන්ති පහ සමත් වුවත් හය වසර ෆේල් බවත් ඔහු පැවසීය.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ නෙළුම් මාවතේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමිනි.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ

“දැන් ජනාධිපතිතුමාගේ ක්‍රමවේදයට අනුව නාගදීපයේ සිල් ගන්නත් බෑ යාපනය අයට පොංගල් සමරන්න දකුණට එන්නත් බෑ.ඒක තමයි වර්තමාන ජනාධිපතිවරයාගේ දේශපාලන න්‍යාය.ඉතින් ජනාධිපතිවරයා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කරගන්න වෛරය පතුරවමින් මේ රටේ දේශපාලන පක්ෂ කෙරෙහි සහ ආයතන වගේම සභාපතිවරු හා නිලධාරින් කෙරෙහි පතුරපු වෛරය හා සමානව දැන් ඔවුන් වෛරයක් උත්පාදනය කරන්න හදනවා මේ රටේ ජාතින් අතර.ඉතිං ඒ ජනාධිපතිතුමාගේ දේශපාලන න්‍යාය පත්‍රය.අතිගරු ජනාධිපතිතුමා තේරුම් ගත යුතුයි තවදුරටත් ඔය දේශපාලනය වලංගු නැහැ.ජනාධිපතිතුමාට යාපනයේ ගිහිල්ලා කියන්න දෙයක් ඇත්තෙම නැත්තං අඩුම තරමේ දමිළ සංස්කෘතිය ආරක්ෂා කරගෙන ඉස්සරහට යන වැඩපිළිවෙළක්වත් හදලා දුන්නොත් හොඳයි.

රාජපක්ෂ දේශපාලනය ඇතුලේ හෝ ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණ දේශපාලනය තුළ ජාතිවාදයක් නෑ.හැබැයි අපි හරි දේ වෙනුවෙන් පෙනී සිටියා.ඒ හරි දේ පන්සලක් වෙනුවෙන්ද කෝවිලක් වෙනුවෙන්ද කතෝලික පල්ලියක් වෙනුවෙන්ද ඉස්ලාම් දේවස්ථානයක් වෙනුවෙන්ද කියන කාරණය අදාළ වුණේ නෑ.මඩු මෑනියන්ගේ ප්‍රතිමාව එල්ටීටීඊ ත්‍රස්තවාදී උස්සගෙන යනකොට එදා අපේ ආණ්ඩුව තමයි යුද්ධය අවසන් කරලා මඩු මාතාව වඩම්මලා මඩු මංගල්‍ය කරන තැනට කටයුතු සකස් කළේ.ඒ වගේම මුලතිව් කෝවිලට මේ රටේ ඕනෑම කෙනෙකුට යන්න නිදහස හදලා දුන්නේ.හැබැයි ඉතින් සමහර අයගේ දේශපාලනය තමයි අනෙකාට චෝදනා කරමින් සැබෑ ප්‍රශ්න යට ගහන එක.ඔය ස්වාමීන් වහන්සේලා අත්අඩංගුවට අරගෙන රක්ෂිත බන්ධනාගාරගත කරානේ, දැන් බුදුපිළිම වැඩම්මුවේ පොලිස් නිලධාරීන් දෙවැනි වතාවට.එතකොට ඒ පොලිස් නිලධාරීනුත් වැරදි වෙන්න එපැයි.දැන් එක වතාවක් කිව්වා බුදුපිළිම වහන්සේ වැඩම්මුවේ ආරක්ෂාවට කියලා,ආරක්ෂාවට පොලිසිය වැඩම කරපු බුදුපිළිම වහන්සේ නැවත වතාවක් විහාරස්ථානයට වැඩම කෙරෙව්වේ කවුද පොලිසියෙන් මුතු කුඩයකුත් ඉහළගෙන හේවිසි ගහලා.දැන් පොලිසියට එක නීතියක් හාමුදුරුවන්ට එක නීතියක් එහෙම බලනකොට. ඒවගේම කුරුණෑගල දිස්ත්‍රික්කයේ පස් කැපුවා ගිහිල්ලා. වනාන්තරයක් සුද්ද කරා අඩුම තරමේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක්වත් දාලා තියෙනවද නැත්නම් භූ විද්‍යා එකේ පැමිණිල්ලක්වත් දාලා තියෙනවද නෑ.මොකද මාලිමාව ඒකට සම්බන්ධ නිසා.සමහරවිට අත්අඩංගුවට ගත්තනම් මේ වෙනකොට ඒ නිලධාරීන්ව එක්කෝ වැඩ තහනම් කරලා ඇති ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරානම් ඒ අයට ස්ථාන මාරුවීමක් ලබා දීලා ඇති.ආණ්ඩුව පැහැදිලිවම මේ රටේ තමන්ගේ දේශපාල න්‍යාය පත්‍රය ඉටු කරගන්න අවශ්‍ය න්‍යාය පත්‍රයක ඉන්න බවක් පේනවා.ඒ සඳහා බෞද්ධ භික්ෂූන් වහන්සේලාට ඒ වගේම මේ රටේ ආගමික නායකයින්ට කතෝලික වෙන්න පුළුවන් බෞද්ධ වෙන්න පුළුවන් ඉස්ලාම් වෙන්න පුළුවන් හින්දු වෙන්න පුළුවන් ඒ ආගමික නායකයින් විවේචනය කරමින් මිනිස්සුන්ව ආගමෙන් ඈත් කරන්න උත්සාහයක නිරත වන බවත් පේනවා.මොකද ජේවීපි එකේ න්‍යාය පත්‍රය ආගමක් දහමක් නැතිවෙන්න එක වෙන්න පුළුවන්.හැබැයි අපි මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරන්න ඕන.සංස්කෘතිය ආරක්ෂා කරගෙන මේ රටේ අනන්‍යතාවය එක්ක අපි ඉස්සරහට යන්න ඕනෙ.එහෙම කරන්න බැරි වෙන ආණ්ඩුව එක පැත්තකින් මහා සංඝරත්නයට කෙනෙහිලිකම් කරනවා.අනිත් පැත්තෙන් විවේචනය කරනවා තවත් පැත්තකින් මාලිමාවේ අයට නැති නීතියක් ක්‍රියාත්මක කරලා රක්ෂිත බන්ධනාගාර ගතකරනවා.

ඕක හොඳටම දැනෙනවා මේ කට්ටිය පාලම් ටික විවෘත කරනකොට කියපු කතා ටික බැලුවනම්.හොඳටම දැනෙනවා පාලම විවෘත කරන්න ඒ අය ගියේ කොහොමද කියලා ඒ අයටත් හිතාගන්න බැරි වෙන්න දැනෙන්න ඒ අය විසින්ම ඔය ගැන කලින් ප්‍රකාශ කරලා තියෙනවා.හැබැයි ඉතින් කවුරුහරි කමක් නෑ මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා 2012 /13 පටන් ගත්ත වැඩ යහපාලන ආණ්ඩුවෙනුත් නවත්තලා කෝවිඩ් වලිනුත් නැවතිලා ආර්ථික අර්බුදය නිසාත් නතර වෙලා අවුරුදු දහයක් දොළහක් කියලා හෙමින් හෙමින් හරි වැඩ අවසන් වීම ගැන අපිත් සතුටු වෙනවා.ඒක මේ නගරාධිපතිතුමිය අමාත්‍යවරු හැමෝම ගිහිල්ල විවෘත කිරීම ගැනත් සතුටුු වෙනවා.කලින් එය අපට විවේචනය කරානේ එකසුමන්දිරන් එක ඒවා විවෘත කරන්න යනවා කියලා හැබැයි එහෙම විවේචනය කරපු අය දැන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පටන් ගත්ත ව්‍යාපෘති හරි කියලා අනුමත කරන ගමන් ඒවා විවෘත කරන එක ගැන මම සතුටු වෙනවා.

මම අද වෙනකම් බලන් ඉන්නවා උගන්ඩාවේ ඩොලර් බිලියන 18 ගේනකන්.ඩුබායිවල මැරියට් හෝටලේ ගේනකම් ඒ වගේම තමයි ලම්බෝගිනි ටික කියනකන්.හැබැයි ආණ්ඩුව එදා අපට අසීමිත බොරු කියලා ඔවුන් විසින්ම ගිහින් බොරු පැමිණිලි දාලා බොරු දූෂණ විරෝධී කමිටුවේ ලේකම්වරයා විදියට හිටියෙ කවුද දැන් පොලිස් ඇමතිවරයා.ඉතිං ඒ අය එකතු වෙලා එතකොට සී අයිඩී එකේ යහපාලන කාලයේ ප්‍රධානිය හිටියේ කවුද දැන් සී අයි ඩි එකේ ප්‍රධානියා.පාස්කු ප්‍රහාරයේ සාක්කි නැත්නම් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම් හැංගුවේ කවුද දැන් එන සී අයිඩී එකේ ප්‍රධාන නිලධාරියෙක්.ඔහු දේශපාලන වේදිකාවේ ඉඳලා පත්කරා.හැබැයි මේ අය පත්කරලා තමන්ගේ දේශපාලන වේදිකාවේ ගොඩනඟපු තර්කයන් නීතිපතිවරයා හමුවේ ඔප්පු කරන්න උත්සාහ කරනවා.බොරු සාක්කි හදලා.එතනින් එහාට නීතිපතිවරයාට හෝ අධිකරණ පද්ධතියට පොලිසිය සහ ආණ්ඩුව එකතුවෙලා කොච්චර බොරු සාක්ෂි ඉදිරිපත් කරන්න හැදුවත් බොරු කට උත්තර හැදුවත් බොරු විස්තර කිව්වත් පවත්නා නීති අනුව කටයුතු කරන්නන ඕන.එහෙම නොවුනම ආණ්ඩුව තමන්ගේ සුපුරුදු දේශපාලනීකරණය පටන් ගන්නවා.අපි දැක්කා පහුගිය කාලේ ගරු විනිශ්චකාරවරුන්ගේ ස්ථාන මාරුවීම ලබා දීපු ආකාරය සම්බන්ධයෙන්.ඒ වගේම දැන් උත්සාහ කරනව නීතිපතිවරයාත් නීතිපති දෙපාර්තමේන්තුවත් බයකරලා තමන්ට ඕන විදිය කරගන්න.දැන් මේ ආණ්ඩුවේ උත්සාහය දේශපාලනඥයා බය කරලා උත්සාහ කළා එක වෙලාවක නිලධාරීන් බය කරලා උත්සාහ කළා තවත් එක වෙලාවක දැන් උත්සාහ කරනවා නීතිපති දෙපාර්තමේන්තුව සහ අධිකරණ පද්ධතිය බය කරලා තමන්ට ඕන දේ කරගන්න.මට දැඩි විශ්වාසයක් තියෙනවා මේ රටේ නිතිපති දෙපාර්තමේන්තුවත් අධිකරණ පද්ධතියත් මේ ආණ්ඩුවේ මර්දනයට යට වෙන්නේ නෑ.

හය වසරේ පොතේ ලින්ක් එක බැලුව්ද නැද්ද කියන කාරණයට වඩා පන්ති පහම කරලා හය වසරෙදි ෆේල් උනා.හැබැයි පන්ති පහ පාස් හය වසර ෆේල්.ඒ හින්දා ආණ්ඩුවට අපි කියන්නේ කරුණාකරලා ඔය ලින්ක් එක දාන්න කලින් පොඩ්ඩක් ඔබලා බලන්න.එහෙම නැත්නම් වගකීම බාරගන්න.එහෙම නැතුව අපෙන් බැලුවද නැද්ද කියලා අහලා වැඩක් නෑ.ඒ වගේම පංති පහ පාස් උනාට වැඩක් නෑ ගරු අගමැතිතුමිය හය වසර ෆේල් වුනොත්.ඒ නිසා හය වසරේ ඉඳලා පාස් වෙන්න මේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරලා දෙන්න.

දැන් ගල් අඟුරු සම්බන්ධයෙනුත් අනිවාර්යයෙන් නිලධාරීන් ඇතුලට යයි.එහෙම නෙමේ ආණ්ඩුව කරන්නේ දේශපාලඥයෝ හොඳයි මේ ආණ්ඩුවේ.හැබැයි පහුගිය ආණ්ඩුවේ කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා කාලයේ බාල බෙහෙත් ගෙනාව කියලා චෝදනාව ලැබුවේ ඇමතිවරයා.හැබැයි මේ ආණ්ඩුවේ බාල බෙහෙත් ගෙනල්ලා ජීවිත දෙකක් නැති උනා ආණ්ඩුවේ කිසි සද්දයක් නෑ ඒ ගැන කතාවක් නෑ හැබැයි ඒකේ චෝදනාව නිලධාරීන්ට.අධ්‍යාපන ක්ෂේත්‍රයෙත් එහෙමයි.නිලධාරින් වැරදියි දේශපාලනඥයෝ හරි.දැන් යම්කිසි කෙනෙක් බීලා ගියාද නැද්ද කියලා මම දන්නේ නැහැ හැබැයි රිය අනතුරක් වුණා.අන්තිමට වැරදිකාරය වෙලා තියෙන්නෙ පොලිසියේ ඕඅයිසී තුමා.වැඩ තහනම් කරලා ස්ථාන මාරුවකුත් හම්බවෙලා.පොලිස් නිලධාරින් ගිහිල්ලා ගංජා හේනක් ඇල්ලුවා.වැඩ තහනම් වෙලා හිරෙත් ගියා.ඉතින් මේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රය අනුව සියලු දෙනාම වැරදි. මේ එකසිය පනස් නවයයි ජනාධිපතිවරයයි එක්ක මේ එකසි හැටදෙනා විතරයි හරි දේ කරනවා කියලා මේ අයගේ මානසිකත්වය තියෙන්නේ.ඒ හින්දා අපි ආණ්ඩුවට කියන්නෙත් කරුණාකරලා තමන් ජනතාවට වෙච්ච පොරොන්දු තියෙනවා ඒ වගේම තමා මේ රටේ ජනතාවට ලබා දුන්න පොරොන්දු සහ ඒ පොරොන්දු ඉටුකරන්නත් ඔබතුමන්ලා කටයුතු කෙරුවොත් හොඳයි මේ එකිනෙකාට ඇඟිල්ල දික් කරලාා තමන්ගේ හොරකම් අපි දැක්කනේ ගල් අගුරු ටෙන්ඩරය ආපු විදිය ,හමුදාවට කෑම දීපු විදිය මාසෙට කෝටි දහයක් පාඩුව ආණ්ඩුවට.හැබැයි ඒ පාඩු ගැන හොයන්න මේ ආණ්ඩුව මැදිහත් වෙන්නෙ නෑ. ඒවා ටෙන්ඩර්දීලා.හැබැයි ජනාධිපතිවරයාගේ තමයි අමාත්‍යංශය.එතකොට කන්ටේනර් 323 මම දැක්කා තව නියෝජ්‍ය ඇමතිවරයෙක් කියනවා තව අටදාහක් එලියට දාන්න තියෙනවා කියලා.ඉතින් මේවටත් නීතිය ක්‍රියාත්මක වෙන්න ඕනේ.පහුගිය ආණ්ඩුවට බැන බැන පිට් පොකට් න්‍යාය ක්‍රියාත්මක කරන්න නම් ලෑස්ති වෙන්නඑපා.

පැහැදිලිවම මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වෙන්න ඕන.නූතනත්නයට ගැලපෙන විදිහට වෙනස් වෙන්න ඕනේ. හැබැයි ඔබතුමාලා මයික් එහමුදාවට කරලා දෙමව්පියන්ගෙන් අහන්න ඕන අර ලින්ක් එක තියෙන්න ඕනෙද කියලා.ප්‍රතිසංස්කරණ ඕනද එපා ද කියලා අහන්නඑපා.ඔබතුමන්ලා මාධ්‍යවේදීන් විදියට ගියාම අහන්න අර විෂයයන් ළමයින්ට උගන්වන්නද කියලා.අර කියන කාරණා සම්බන්ධයෙන් ළමයින්ට උගන්නන්නද, නැත්තං අර ලින්ක් එක මේකෙ තියන්නද.ඒ ප්‍රශ්නෙට උත්තරය ගන්න.දැන් ආණ්ඩුව ඒ ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුව ඒ ටික ඒ විදිහටම යට ගහගෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සම්බන්ධයෙන් කතා කරන්න උත්සාහ කරනවා.ඒ හින්දා අපි ඒ දෙමව්පියන්ටත් කියන්නේ ඔබතුමියන්ගේ ඒ දෙමාපියන්ගේ සටනෙම තමයි අපිත් ඉන්නෙ.හැබැයි අපිට තියෙන ප්‍රශ්නෙ අර ලින්ක් එකයි අපිට ගැලපෙන්නැති සමහර සංස්කෘතීන් හය වසරේ දරුවාගේ මනස දූෂණය කරන තැනට මේ ආණ්ඩුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් පරිවර්තනය කිරීමට උත්සාහ කිරීමක් ගැන පමණයි.නැත්තන් මම පැහැදිලිවම ඉන්න මතය තමයිමේ රටේ අධ්‍යාපන නූතනත්වයට ගැලපෙන විදියට වෙනස් වෙන්න ඕන.හැබැයි නූතනත්වයට හරි යන්නේ හය වසරේ දරුවාගේ මනස විකෘති කිරීම තුළින් නෙවෙයි කියන එකත් අපි දෙමව්පියෝ විදියට මතක තියාගන්න ඕන.

SendShareShare
Previous Post

මම නීතියට උඩින් නෑ! මම වැරැද්දක් කරලා තියෙනවා නම් අභියාචනාධිකරණයට හරි ශ්‍රේෂ්ඨාධිකරණයට හරි යන්න පුළුවන්! නීතිපතිගේ පළමු ප්‍රකාශය එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Next Post

හැමදාම කම්කරුවො ගැන කතාකරපු ජවිපෙ ඇමැතිට කම්කරුවො ගැන සජිත් විපක්ෂේ ඉඳන් දුන්න විනාඩියේ පාඩම! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News
Exclusive

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News
Exclusive

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.