• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගංවතුර ආපදා කළමනාකරණයේදී ආණ්ඩුව නොකරපු දේවල්.. මගහැරපු දේවල්.. ඉටුනොකරපු දේවල්.. කරපු වැරදි දේවල් එකින් එක විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! කළ යුතුව තිබූ දේත් පෙන්වා දෙයි! විපක්ෂය කරපු දේත් නොකරපු දේත් එකින් එක කියයි! VIDEO I Sri Lanka Latest News

January 21, 2026
in Exclusive
Reading Time: 5 mins read
A A
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අප රටේ සාමාන්‍ය සම්ප්‍රදාය වුයේ ජනතා සේවාව ඉටු කරන්නේ රාජ්‍ය බලය ලැබුවම වුවත් පවතින රජය නොතේරෙන දෙයක් වූයේ ආපදා අවස්ථාවේ සියලු දෙනා එකට එකතු වී විපතට පත් ජනතාවට සහන සලසන්න කටයුතු කළ බවත් මේ සම්බන්ධයෙන් අසාධාරණ විවේචන රැසක් සිදු වූ බවත් එක්සත් ජාතීන්ගේ ප්‍රධානියා කියුවේ රජයේ ආපදා කළමනාකරණය ගැන නොව මේ දිට්වා ආපදා සමයේ මිනිසුන් විසින් එකට එකතු වී සිදු කළ ආපදා කළමනාකරණය ගැන බවත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානියා කියූ දේ සමන්ත විද්‍යාරත්න ඇමතිවරයා විසින් වැරදියට වටහා ගෙන රජයට ලකුණු දමාගන්න යන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.Sri Lanka Latest News

මේ ආපදා සමයේ සහන ලබා දීම උන්හිටිතැන් නැති වූ ජනතාවට නිවාස ඉඩකඩම් ලබා දීම පූර්ණ හානි අර්ධ හානි සහන ලබා දීම අද මන්දගාමී වී ඇති බවත් මේ විනාශය සිදු වූ මොහොතේ ජනාධිපතිවරයා දුරකථන ඇමතුමක් දුන් බවට අමාත්‍යවරයා කියු බවත් ජනාධිපතිවරයා ඒ දුරකථන ඇමතුම දෙන විට විපක්ෂය සියලු වැඩ නතර කර ජනාධිපතිවරයා හමු වී එකමුතුභාවයෙන් මුහුණ දෙන්න පැමිණි බවත් එවැනි තත්ත්වයක් උඩ 2005 අංක 13 දරණ ව්‍යවසන කළමනාකරණ පනතේ 11 වැනි වගන්තිය බලාත්මක නොකළේ ඇයි ද කියා ගැටලුවක් බවත් හදිසි තත්ත්වයක් බලාත්මක නොකලේ ඇයි ද කියා ගැටලු ඇති බවත් 11 වැනි වගන්තිය යටතේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කළා නම් 12 වැනි වගන්තිය යටතේ සහන කඩිනමින් සලසන්න තිබු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ලක්ෂ 50 සහනය පූර්ණ හානි සදහාත් අර්ධ හානි සදහා රු. ලක්ෂ 25ක් දෙනවා කියූවත් අවම වශයෙන් මරණයක් සදහා වන රු. ලක්ෂ 10වත් හරියට දී නැති බවත් කුලියට නිවාසවලට යන අයට වන මුදල් පවා හරියට දී නැති බවත් කඳවුරුවල සිටින අයට අවදානම් තත්ත්වය හමුවේ නැවත නිවෙස්වලට යන්න යැයි කියන නිසා කඳවුරු අවම වන බවත් තහඩුවට ලබා දෙන ලක්ෂ 10වත් නොමැති බවත් මේ අවස්ථාවේ ආණ්ඩුව චෝදනා නොකර හරියට වැඩ කළ යුතු බවත් රජය දුන් පොරොන්දු වට්ටටෝරුවක් තිබුණත් ඒවා ක්‍රියාත්මක කරන්න නිසි ක්‍රමවේද සකස් කර නොමැති නිසා මේ සහන නිසි පරිදි දෙන්න නොහැකි වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේදී දිට්වා සුළි කුණාටුවෙන් පසු ඇති වූ ආපදා තත්ත්වය රජයට කළමනාකරණය කර ගැනීමට නොහැකි වීම සම්බන්ධ පාර්ලිමේන්තු විවාදයට එක්වෙමිනි.

දැන්වත් ජනතාවට දෙනවා කියූ සහන ටික හරියට දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් මේවා දෙනව කියා රු. බි. 500ක් අනුමත කර ගත්තත් ඒ කිසිවක් නොමැති බවත් මේ සහන හරියට දෙනවා නම් විපක්ෂය උපරිම සහයෝගය ලබා දෙන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් මේ ආපදාවෙන් පාඩමක් ඉගෙන ගන්න

අප රට සුනාමියෙන්වත් පාඩම් ඉගෙන නොගත් බවත් සුනාමියෙන් පාඩම් ඉගෙන ගත්තා නම් නිවැරදි ආපදා කළමනාකරණ සැලසුමක් සකස් කළ හැකි බවත් දැන්වත් ආපදා කළමනාකරණය සම්බන්ධයෙන් වෙනමම කැබිනට් අමාත්‍යාංශයක් සකස් කර නව ව්‍යවසායන කළමනාකරණ පනතක් ඇති කර නව ආයතන නිර්මාණය කළ යුතු බවත් මේ අවස්ථාවේ විශිෂ්ට ලෙස සේවාවක් ඉටු කළ රණවිරුවන්ට, ජනතාවට රාජ්‍ය සේවකයන්ට මෙන්ම ආධාර උපකාර කළ දෙස් විදෙස් සියලුම පාර්ශ්වයන්ට සිය ස්තූති ය සහ ගෞරවය පුදකර සිටින බවත් විපක්ෂ නායකවරයා මෙහි දී පැවසීය.

දැන්වත් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවන්න

ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැඳවන්න යැයි පුනපුනාම විපක්ෂය ඉල්ලා සිටියත් ජනාධිපතිවරයා අනේ ප්ලීස් යැයි කියමින් සිටියත් මේ අවස්ථවේ ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවීම අවශ්‍ය බවත් මේ අවස්ථාවේ අප රට සම්බන්ධයෙන් ලෝකයේ අවධානය යොමු වී ඇති නිසා දැන්වත් ජාත්‍යන්තර ආධාරක සමුළුවක් කැදවන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

මේ යන විදිහට ගියොත් නම් 2028 ණය ගෙවනවා බොරු

මහබැංකු අධිපතිවරයා දැන් නව IMF ගිවිසුමකට යා යුතු බවත් පවසන බවත් ලෝක බැංකු වාර්තාව අනුව 2026 ආර්ථික වර්ධන වේගය 3.5ටත් 2027 දී 3.1ට අඩුවන බව පවසන නමුත් මේ අගය වැඩි වේවා කියා ප්‍රාර්ථනා කරන බවත් මෙවැනි ආර්ථික වර්ධන වේගයක් තියාගෙන වසරකට ඇත ඩොලර් බිලියන 4.5ක ණයක් 2028 සිට ගෙවිය නොහැකි බවත් රජයට IMF එක සමග තනිවම සාකච්ඡා කළ නොහැකි නම් විපක්ෂය ද මේ සඳහා සහයෝගය ලබා දීමට සූදානම් බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

SME සහ උඩරට වතු ප්‍රජාව සවිබල ගන්වන්න

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට රජයෙන් ණය යෝජනාවක් ක්‍රියාත්මක කළත් මේ අයගෙන් 50%ක් පමණ අසාදු ලේඛන ගත වී ඇති නිසා මේ අයට ද විසදුම් දිය යුතු බවත් පාස්කු ප්‍රහාරයේ සිට දිට්වා සුළි කුණටුවා දක්වා ඛේචවාචක 4කට මේ අය මුහුණ දී ඇති නිසා දැන්වත් මේ අය ගැන සිතිය යුතු බවත් ඊට අමතරව උඩරට වතු ප්‍රජාවට රු. 1750ක් දෙනවාට විපක්ෂය විරුද්ධ නැති බවත් මේ රු. 1750න් ඔබ්බට ගොස් වගා නොකළ මුඩු ඉඩම් ‌බෙදා දී කුඩා තේ වතු හිමියන් ලෙස සවිබල ගැන්විය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

ඇමතිවරු ආපදා සමයේ කළේ හෙලිකොප්ටර් අරන් ගිහින් සංදර්ශන පැවැත්වීම විතරයි

ආපදාවකදී හෙලිකොප්ටර් භාවිත කර සහන ලබා දීම නිවැරදි බවත් මෙවර ආපදාවේදී එක් හෙලිකොප්ටර් නියමුවෙක් පවා ජිවිතක්ෂයට පත් වූ බවත් ඊට අමතරව රණවිරුවන් සහ ස්වේච්ඡා ජනතාව කීප දෙනෙකු ද මිය ගිය බවත් එවැනි කැපකිරීම් කරන විට රජයේ ඇමතිවරු හෙලිකොප්ටර් භාවිත කර මඩකලපු ගොස් මාධ්‍ය සංදර්ශන දැමූ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

දැන්වත් සෙන්දායි ක්‍රමවේදය බලාත්මක කරන්න

ආපදා කළමනාකරණ සදහා ලොවම පිළිගත් සෙන්දායි ක්‍රමවේදය ක්‍රියාත්මක කරන ලෙසත් හියුගෝ ව්‍යුහයේ සිට සෙන්දායි ව්‍යුහයට රට අත්සන් කර ඇති නිසා එය දැන්වත් සජීවිකරණය කළ යුතු බවත් මේ තුළින් ආපදාවකදී මරණ, බලපෑම් සිදුවන කණ්ඩායම්, යටිතල පහසුකම් හානි ආදිය අවම කර ගෙන අවදානම් අවම කර ගත හැකි බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

ආණ්ඩුව දැක්කෙ නැති වුණාට අපි දැනටමත් ලක්ෂ 438ක රෝහල් උපකරණ ආපදාවෙන් පසු බෙදුවා

පසුගිය කාලයේ ආපදා නිසා සහන සොයන්න දන්නා සියලුම තානාපතිවරු, මූල්‍ය ආයතන නියෝජිතයන්, ලෝක බැංකු ආදී සියලුම ආයතනවලට කතා කර උපරිම ආධාර ගන්න කටයුතු කළ බවත් විපක්ෂයෙන් ඒ සියලු පාර්ශ්ව හමුවූ බවත් ජනතාව ගැන විපක්ෂයේ සිටත් සේවය කළ බවත් ඊට අමතරව හුස්ම වැඩසටහන යටතේ රෝහල් 13කට ලක්ෂ 438ක අරමුදල් යටතේ ආධාර ලබා දී ඇති බවත් විවිධ ධානපතියන් සම්බන්ධ කර ගෙන මේ සියලු පරිත්‍යාග කළ බවත් අඩබෙර ගසා ආධාර කරපු ආණ්ඩුවේ අය අද අතුරුදන් වුවත් සමගි ජන බලවේගය තවමත් ජනතාවට ආධාර කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසීය.

SendShareShare
Previous Post

වැරදුණා.. වැරදුණා..! UN එකේ‌ ලොක්කා කරපු කතාව සමන්ත වරද්දාගත්තාද? සජිත් අධ්‍යාපනයෙන් උත්තර දෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

රාගම ශාන්ත අන්තෝනි පෙරපාසල තෛපෝංගල් උත්සවය සමරයි! Sri Lanka Latest News

MORE NEWS

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

නිමක් ‌නැතිව පාතාලය මරාගනී! අද හික්කඩුවේ පත්තු වුණේ කටා රොෂාන් මරපු එකේ උත්තර වෙඩිල්ලද?
Exclusive

දින 7ට වෙඩි 7යි! පාතාලය ඇවිස්සෙයි! හැම තැනම වෙඩි පිට වෙඩි! Sri Lanka Latest News

Load More
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

මේක ඇත්ත කතාවක්… ගොඩක් දේවල් මඟහැරුණා… ! රත්නපුරේ ගොඩකවෙලින් පාසල් ගිහින් ටවර්හෝල් එකෙන් රංගනය උගත් ඇය, අද තමන්ගේම සිනමා නිර්මාණයකින්...

Read more
ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.