විදුලි නිෂ්පාදනයේ අතිශය වැදගත් බලාගාරයක් වන නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයට ගල් අඟුර සපයන ටෙන්ඩර් ක්‍රියාවලියේ අසාර්ථකත්වය සහ විනිවිදභාවයෙන් තොර තීරණ ගැනීම ගැන මහජන අවධානය යොමුව ඇති බවත් ගල් අඟුරු සදහා ප්‍රශ්නගත ටෙන්ඩරය කැදවු ආකාරයත් මෙගාවෝට් 900ක බලාගාරයකට ගල් අඟුරු මෙට්‍රික් ටොන් 2500ක් සහ වාර්ෂිකව මිලියන 1.5ක් යොදයන බවත් මැයි මාසයේ වාරකන් නිසා ගොඩබැම අපහසු නිසා අප්‍රේල් මාසයේ ඇණවුම් කළත් රජය මේ වැඩපිළිවෙළින් බැහැර වී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. Sri Lanka Latest News
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී ස්ථාවර නියෝග 27 (2) යටතේ ගල් අඟුරු ගැටලුව ගැන ප්‍රශ්න කරමිනි.
ටෙන්ඩරයක් දින 42ක් ක්‍රියාත්මක විය යුතු වුවත් මේ සදහා ලබා දී ඇති කාලය දින 21 දක්වා අඩු කර ඇති බවත් එයට අනුමැතිය දුන් වාර්තා සභාගත කරන ලෙසත් මීට පෙර සහ මෙවර ගල් අඟුරු ටෙන්ඩර් සදහා පැවැති තාක්ෂණික උපදෙස් සහ කොන්දේසි ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
මෙම ටෙන්ඩරය සදහා ඉදිරිපත් වු ලන්සු සංඛ්‍යාවත් රජය තෝරාගත් සැපයුම්කරුවන්ට මෙවැනි බලාගාරවලට අත්දැකීම් තිබේ නම් ඒවා ඉදිරිපත් කරන ලෙසත් රටේ මූලික විදුලි නිෂ්පාදන වගකීම නුසුදුසු සමාගමකට දුන්නේ නම් එහි වගකීම ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මේ ටෙන්ඩරයට අනුව ගල්අගුරුවල ශුද්ධ NCP අගය 5900ක් විය යුතු බැවින් එම අගයට මේ ටෙන්ඩරය නොගැලපෙන බවට වාර්තා ලැබී ඇත්නම් ඒවා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසත් පරීක්ෂණ වාර්තා ලැබීමට පෙර මේවා බොයිලේරුවලට ඇතුළත් කර ඇත්නම් ඒ සම්බන්ධයෙන් දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කරන ලෙසත් ඒ සදහා බලපැ නීති සහ අනුමැතිය දුන් අයත් මේ ගල්අඟුරු සාම්පල් ඉන්දියාවට යවා පරීක්ෂා කරා නම් ඒ වාර්තා ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.
මේ නිසා රු. බි. 10ට වැඩි පාඩුවක් රජයට සිදුව ඇත්ද කියා දැන ගැනීමට අවශ්‍ය බවත් මේ සදහා හේතු වු අමතර විස්තර ඉදිරිපත් කරන ලෙසත් අමතර ගල් අඟුර දහනය නිසා වසරට අවශ්‍ය ප්‍රමාණය අඩුවන බවත් බාල ගල් අඟුර නිසා බොයිලේරුවලට වන හානි ඉදිරිපත් කරන ලෙසත් විපක්ෂ නායකවරයා පැවසීය.
මේ සම්බන්ධයෙන් ටෙන්ඩර් පටිපාටිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් අවශ්‍ය බවත් ආංශික අධීක්ෂණ කාරක සභාව හරහා ප්‍රශ්න කරන විට අඩුපාඩුවක් සිදුව ඇති බව පිළිගෙන ඇති නිසා මේ සම්බන්ධයෙන් ෆොරෙන්සිස් ඔඩිට් එකක් කරන ලෙසත් විපක්ෂ නායකවරයා යෝජනා කළේය.










