දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන අය එම දඬුවමට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා මාර්තු මස 09වනදා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (20) දින නියම කර තිබේ. Sri Lanka Latest News
මෙම අභියාචනා පෙත්සම් අග විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල නියම කළේ අදාළ අභියාචනා පෙත්සම් විභාගය සඳහා මාර්තු මස 9 වනද කැඳවන බවය.
2015 වසරේ පැවැති ජනාධිපතිවරණය සමයේ සතොස ආයතනය හරහා කැරම්බෝඩ් 14000 ක් සහ දාම් ලෑලි 11000 ක් ආනයනය කිරීම තුළින් රජයට රුපියල් මිලියන පනහකට අධික පාඩුවක් සිදු කිරීමේ චෝදනාවට වැරදිකරු කරනු හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත් ගමගේ මහතාට බරපතළ වැඩ සහිත වසර 20ක සිර දඬුවම් හා නලින් ප්‍රනාන්දු මහතාට බරපතල වැඩි සහිත වසර 25 ක සිර දඬුවම් නියම විය.
එම දඬුවමට එරෙහිව මොවුන් මෙම අභියාචන ඉදිරිපත් කර ඇත.










