නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට එරෙහිව හෝමගම ප්‍රාදේශීය සභාවේ විපක්ෂය නියෝජනය කරනු ලබන සභිකයින් පිරිසක් අද (20) කලු පටි පැළද විරෝධතාවක නිරත විය.Sri Lanka Latest News
හෝමගම සතිපොල අසලට රැස් වූ එම පිරිස එම ස්ථානයේ සිට කලු පටි පැළද විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් හෝමගම ප්‍රාදේශීය සභාව දක්වා පාගමනින් පැමිණ ඇති අතර සභා රැස්වීම ශාලාව වෙත ද පැමිණ එහිදී ද විරෝධතා පාඨ කියමින් සිය විරෝධය දක්වා ඇත.
මෙම විරෝධතාවයට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සර්වජන බලය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන සභිකයින් එක්ව තිබේ.










