• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

AI වලට අල්ලන්න බැරි රෆෙල්ලාගේ ‘රියල්‘ මැජික් එක…! මේක සල්ලි හම්බකරන්න කරපු වැඩක් නෙවෙයි…! ඉන්ඩස්ට්‍රියට තියෙන ජෙනුයින් ආදරේට කරන දෙයක්…! මම ක්‍රොස් කරන්නේ නැති ලයින්ස් ටිකක් තියෙනවා…! රැෆෙල්ලා ෆර්නෑන්ඩෝ I Sri Lanka Latest News

January 17, 2026
in Heart
Reading Time: 6 mins read
A A
AI වලට අල්ලන්න බැරි රෆෙල්ලාගේ ‘රියල්‘ මැජික් එක…! මේක සල්ලි හම්බකරන්න කරපු වැඩක් නෙවෙයි…! ඉන්ඩස්ට්‍රියට තියෙන ජෙනුයින් ආදරේට කරන දෙයක්…! මම ක්‍රොස් කරන්නේ නැති ලයින්ස් ටිකක් තියෙනවා…! රැෆෙල්ලා ෆර්නෑන්ඩෝ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කැමරාවක් අතට ගත්ත කොල්ලෙක්ට විතරයි අපූරු දේවල් කරන්න පුළුවන් හිතන කාලෙක කැමරාවෙන් ලෝකයක් මවන්න ගැහැනියකටත් පුළුවන් කියලා ඔප්පු කරපු කෙනෙක් තමයි ඇය. හැබැයි ඇය නිකම්ම ෆොටෝග්‍රැෆර් කෙනෙක් විතරක් නෙවෙයි. ඇය කැමරාවෙන් අමුතුම හැඩයක් මවන්නේ ඇය ඇතුළේ ඉන්න ‘චිත්‍ර ශිල්පිනියයි‘, ‘මෝස්තර නිර්මාණ ශිල්පිනියයි‘ කියන දෙන්නාම එකතු වෙලා. ඒ නිසාම ඇයගේ වැඩවල තියෙන්නේ වෙනමම ආර්ට් එකක්.

ඇය මේ ඉන්ඩස්ටි්‍ර එකට ඇවිත් දැන් අවුරුදු 16ක්. ඇය රැෆෙල්ලා ෆර්නෑන්ඩෝ. කවුරුත් දන්න රැෆෙල්ලාගේ 14 වැනි තරු කැලැන්ඩර් එකත් ජනවාරිවල අවුට් වෙනවා කියපු ආරංචියට, ඒ ගැනත්, මේ ආපු ගමන ගැනත් හිතේ තියෙන දේවල් කියන්න අපි ඇයට ඉඩක් දුන්නා..

මුලින්ම කියමු කවුද මේ රැෆෙල්ලා කියන්නේ?
සරල චරිතයක්. චිත්‍ර ශිල්පිනියක්, මෝස්තර නිර්මාණ ශිල්පිනියක්, ඡායාරූප ශිල්පිනියක්. අවුරුදු 14 දී ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ. දැන් අවුරුදු 16ක් තිස්සේ ක්ෂේත්‍රයේ වැඩකරනවා. පවුලේ ඡායාරූප ශිල්පියෙක් විදියට වැඩකරන පළමුවැනියා මම.

ඔබ වඩා කැමැති ඡායාරූප ශිල්පිනියක් ලෙස හඳුන්වනවාටද, නැතිනම් මෝස්තර නිරූපණ ශිල්පිනියක් ලෙස හඳුන්වනවාටද?
මම වඩාත් කැමැතියි ඡායාරූප ශිල්පිනියක් විදියට මාව හඳුන්වනවාට.

අද ඕනෑම කෙනෙක්ට AIවලින් ලස්සන රූප මවන්න පුළුවන් යුගයක් මේක. හැබැයි ඒ ‘කෘත්‍රිම‘ ලෝකය අස්සේ, රෆෙල්ලා තාමත් මේ තරම් ස්වභාවිකව, ෆොටෝ එකක් ගන්නේ කොහොමද? ඒ රහස මොකක්ද?
ඒ.අයි. මගේ ඡායාරූපවලදී භාවිත කරන ප්‍රමාණය බින්දුවයි. මම එඩිට් කරනවා හා සමානවම පින්තූරයක් ගන්නවා. ඡායාරූප ශිල්පිනියක් විදියට ජාත්‍යන්තර තලයේ පවා අවස්ථා ලැබෙන්නේ මේ හැකියාව නිසා. ඒ.අයි. භාවිත නොකර ඒ හා සමානව පින්තූර ගැනීම තමයි මගේ සාර්ථකත්වය.

රැෆෙල්ලාල නිර්මාණයක් සාර්ථකව වෙන්න නම් ඒකට තියෙන ෆීලින් එකයි ඒක කරන ලොජික් එකයි එක්ක තාක්ෂණයයි, ක්‍රියේටිවිටියි මික්ස් වුණාම නේද නියම නිර්මාණයක් හැදෙන්නේ?
අනිවාර්යයෙන්ම හිතට දැනෙන දෙයක් කරන්න මේ හැමදේම ඕනෙ. ඡායාරූපය පිටුපස ස්ටෝරි එකක් තියෙන්න ඕනේ වගේම බලන කෙනාට ස්ටෝරි එක කියන්න කලින් ඒ හැඟීම දැනෙන්න ඕනෙ.

රැෆෙල්ලා කියන්නේ හරි නුපුරුදු නමක් නේද?
ඇත්තටම ඔව්. හරියටම කියනව නම් මගේ නම රෆායෙල්ලා. තේරුම තමයි ‘දෙවියන් විසින් සුව කරන ලද’ කියන එක.

තේරුම නම් ඔබටම ගැළපෙනවා. නමේ වෙනසත් බ්‍රෑන්ඩ් එකක් වෙන්න හේතුවක් නේද?
නමේ අන්කොමන් බවත් වැඩවල තියෙන වෙනසත් නිසා තමයි මිනිස්සුන්ට මගේ නම මතක තියෙන්නේ.

ඔබත් ඔබේ සැමියාත් එකටම වැඩ කරනවා අපි දකිනවා. ඔහුගේ සහයෝගය කොහොමද?
මම අද කරන හැම දේකම ක්‍රෙඩිට් එක එයාටත් යන්න ඕනේ. එයත් මේ ක්ෂේත්‍රයේම කෙනෙක්. අපි හම්බෙන්නෙත් මේ ෆීල්ඩ් එකේදිමයි. එයාගෙන් ලොකු සපෝර්ට් එකක් තියෙනවා වගේම පිටුපසින් ඉඳන් මාව පුෂ් කරන කෙනෙක්.

නිර්මාණකරණයේදී දෙන්නගේ වාද විවාද නම් එමටයි කියලා අපිට ආරංචි වුණා?
එයා ගොඩක් තරහා යන කෙනෙක්. මට එහෙම නැහැ. එයාට තරහා යනකොට මම අහන් ඉන්නවා. ගොඩක්ම කැලැන්ඩර් එකේ වැඩවලදී තමයි අපි අතර වාද විවාද වැඩි. මොකද අපි වැඩකරන්නේ රිදම් දෙකකට. නමුත් වැඩේ අවසන් වෙනකොට ඉතාමත් සාර්ථකයි.

මොකක්ද මේ කැලැන්ඩරේ කතාව?
2012 මම කරපු ඡායාරූප එකතුවක් ලස්සනයි කියලා හිතුණු නිසා ඩිජිටල් කැලැන්ඩර් එකක් නිර්මාණය කළා. 2015 ඉඳන් ප්‍රදර්ශන ශාලාවක කිරිබත් මේසෙකින් අවුට් කරන්න පටන් ගත්ත කැලැන්ඩර් එක අවුරුදු 14ක් වෙනකොට රෙඩ් කාපට් ඉවෙන්ට් එකක් දක්වා ඇවිල්ලා තියෙනවා. මෙරට සහ ජාත්‍යන්තර කලාකරුවන් යොදාගෙන කරන ලිමිටඩ් එඩිෂන් කැලැන්ඩර් එකක් නිසා අපි ඒක විකුණන්නේ නෑ. 2026 ජනවාරි මගේ 14 වැනි කැලැන්ඩර් එක තමයි අවුට් කරන්නේ.

ඇයි කැලැන්ඩර් එකට මිලක් තීරණය නොකරන්නේ?
මේක මම සල්ලි හම්බකරන්න කරපු වැඩක් නෙවෙයි. ඉන්ඩස්ටි්‍රයට තියෙන ජෙනුයින් ආදරේට කරන දෙයක්. ආටිස්ට්ලා වැඩේට දෙන සපෝර්ට් එකට සහ ආදරේට මිලක් නියම කරන්න බෑ.

ට්‍රැවල් කිරීමෙන් ඔබේ වෘත්තියට ලැබෙන පන්නරය මොන වගේද?
මම ගොඩක් රටවල ඡායාරූප සංචාර යනවා. ලංකාවේ දකින්නෙ නැති දේවල් එහෙ දකින්න ලැබෙනවා. එහෙන් දෙයක් ඉගෙනගෙන මෙහෙට ඇවිත් ලොකු දෙයක් කරන්න පුළුවන්.

නිරුවත මිනිසුන් ආකර්ෂණය කරගැනීමේ එකම ක්‍රමය කියන මතය ඔබ බිඳල තියෙනවා?
මම වැඩ කරද්දි ක්‍රොස් කරන්නේ නැති ලයින්ස් ටිකක් තියෙනවා. මම දෙයක් කරන්න කැමැති නැත්නම් ඒක තවකෙක් ලවා කරවන එක වැරදියි කියන තැන මම ඉන්නවා. ආර්ට් එකක් කියන්නේ ඊට එහා ගියපු දෙයක්

ඔබ, ලයික් කමෙන්ට්ස් වෙනුවෙන් ඡායාරූප ගන්න කෙනෙක් නෙවෙයි?
අනිවාර්යයෙන්ම. එහෙම නැත්නම් මේ තරම් ආටිස්ට්ලා මගෙත් එක්ක වැඩ කරන්නේ නෑ. කන්සෙප්ට් එක කිව්වාම මගෙන් ප්‍රශ්න නොකරන තරමට ඔවුන්ට මාව විශ්වාසයි. ඒක තමයි මගේ ලොකුම ජයග්‍රහණය. අපි ආටිස්ලාගේ ගෞරවය රකිනවා. සමහර ෂූට්වල කැමරාවක් අතේ තියාගෙන ඉන්න එකම මනුස්සයා මම විතරයි.

මේ රටේ ඔබ සන්නාමයක් වෙලා ඉවරයි. ජාත්‍යන්තර තලයේ ඔබේ බලාපොරොත්තුව මොකක්ද?
ජාත්‍යන්තර තලයේ ආටිස්ට්ලා ලංකාවට ඇවිත් අපෙන් ඡායාරූප ගන්න තැනට සහයෝගීතාවක් හදාගන්න පුළුවන් නම් ඒක තමයි මේ පුංචි රටට ගේන්න පුළුවන් ලොකුම ජයග්‍රහණය කියලා මම හිතනවා.

රසාංජලි වාසල

SendShareShare
Previous Post

ඒරාෂ්ටක මාරකයෙන් බේරෙන්න ඉසිවරු දුන් විස්මිත ‘මෘතුංජය’ දිව්‍ය ඖෂධය!මන්ත්‍ර බලය ජීවම් වීමට නම් මස් මාංශයෙන් තොරව පේවී සිටින්න…! Sri Lanka Latest News

Next Post

වැඩිය දඟලන්න එපා… වැඩ වරදියි! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.