• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘අපිට නුඹලා ඇහෙනවා… නමුත් විශ්වාස කරන්නේ නෑ’! ‘සිනහ මුහුණ’ ! ශ්‍රී ලංකාවේ දේශපාලන බලයට එරෙහි භයානක විසම්මුතිය! Sri Lanka Latest News

January 18, 2026
in Exclusive
Reading Time: 7 mins read
A A
‘අපිට නුඹලා ඇහෙනවා… නමුත් විශ්වාස කරන්නේ නෑ’! ‘සිනහ මුහුණ’ ! ශ්‍රී ලංකාවේ දේශපාලන බලයට එරෙහි භයානක විසම්මුතිය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1960 තරම් ඈත කාලයක ජර්මනියේ සිටි මානව විද්‍යාඥයකු වූ එරික් ෆ්‍රොම් සිදුකළ ප්‍රකාශයකින් මෙම සටහනට ප්‍රවේශයක් ලබාගැනීම සුදුසු බව හැඟෙයි. එනම් ‘අතීතයේ පැවැති අනතුර වූයේ මිනිසුන් වහලුන් වීමයි. අනාගතයේ සිදුවිය හැකි අනතුර වන්නේ මිනිසුන් රොබෝවරුන් බවට පත්වීමයි.’ එයින් ඔහු අදහස් කළේ, වහල් සමාජය තුළ ක්‍රියාත්මක වූ විවිධ පීඩනයන් හා බලහත්කාරයන් ගැනය. එනම් රජවරුන්, අධිරාජ්‍යයන්, පල්ලිය හෝ ස්වාමිවරුන් විසින් මිනිසුන් පාලනය කරනු ලැබීය. එහිදී බිය, ප්‍රචණ්ඩත්වය, සහ නීතිය හරහා කීකරුකම බලාත්මක කරන ලදී. ආධිපත්‍යය පිටතින් පැමිණි දෙයක් නිසා මිනිස්සු තමන් නිදහස් නොවන බව දැන සිටියහ. නමුත් අනාගත රොබෝ තත්ත්වයකදී මිනිසුන් කීකරු වන්නේ ඔවුන්ට බලකරන නිසා නොව, කීකරුකම සාමාන්‍ය දෙයක් ලෙස හැඟෙන නිසාය. එනම් වහල්භාවයේදී, ආත්මය තළා දමනු ලැබීය. එහෙත් රොබෝ පැවැත්මේදී, ආත්මය හිස් කරනු ලැබේ.Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ එවකට පැවති ගෝඨාභය පරිපාලනයට එරෙහිව, මිනිසුන් සටන් පාඨ කියමින්, කෝපයෙන් අරගල කළේය. එහිදී දක්නට ලැබුණේ වෛරී, සහ ඝෝෂාකාරී හඬකින් සොරුන්, බොරුකාරයන් යන සදාචාරාත්මක කෝපය මුසු භාෂාවේ දෝංකාරයයි. ඒ සමාජ විරෝධය සිය දේශපාලන ජයග්‍රහණයක් ලෙස යොදා ගනිමින් වත්මන් ජවිපෙ මූලික එන්.පී.පී. සන්ධාන ආණ්ඩුව රාජ්‍ය බලය ලබාගැනීමට සමත් විය. අද ඔවුන්ගේ රාජ්‍ය පාලනයට එරෙහිව සමාජය වෙතින් මතුව එන විරෝධය, කෝපය වෙනුවට ඊටත් වඩා නොසන්සුන් එහෙත් වෙනස් මුහුණුවරක් ගෙන තිබේ.

රජය නියෝජනය කරන ප්‍රබල ඇමැතිවරයෙක් හෝ වෙන යම් නියෝජිතයෙක් සිදුකරන ඕනෑම ප්‍රකාශයකට අන්තර්ක්‍රියා ලෙස සමාජ මාධ්‍ය තුළ සිනාසෙන මුහුණක් සහිත ඉමෝජියකින් ප්‍රතිචාර දක්වයි.

ජනාධිපතිවරයාගේ ප්‍රකාශයක් නිකුත් වූ සැණින් එය ප්‍රවෘත්තියක් වීමටත් පෙර විහිළුවක් බවට පත්වන ස්ටිකරයක් බවට පත්වී සමාජ මාධ්‍ය තුළ වේගයෙන් සැරිසරයි.
ආණ්ඩුවේ කිසියම් වගකිව යුත්තෙක් හෝ නිලධාරියෙක් හාස්‍යයට ලක්කිරීමට භාවිත කරන ‘සිනහ මුහුණ’ හුදෙක්ම දේශපාලන උදාසීනත්වය ප්‍රකාශ කිරීමක් නොවේ. එමගින් ඒකාබද්ධ බරපතළ දේශපාලන ප්‍රකාශනයක් රැගෙන එයි. එනම් අවිශ්වාසය, ප්‍රතිරෝධය, කලකිරීම සහ නොසලකා හැරීම වැනි සාමූහික විනිශ්චයන් තනි සංකේතයකින් සංඥා කරනු ලබයි. දේශපාලන අධිකාරිය කෙරෙහි විශ්වාසය ඛාදනයවී ඇති තත්ත්වයක, සිනහව පුරවැසිභාවයේ අවසාන භාෂාව බවට පත්ව ඇත්තේ එලෙසිනි.
කෙටියෙන් කිවහොත්, මේ දිනවල සමාජ මාධ්‍ය තුළ අපට හමුවන සිනහ මුහුණ අහිංසක එකක් නොවේ. එය නිහඬව, සාමූහිකව සහ සමච්චල් සහගත සිනහවකින් ආපසු කතාකරන බලයකි.

මෙය හුදු විරෝධතාවක් පමණක් නොවේ. සාම්ප්‍රදායික අර්ථයෙන් විවේචනයක් පමණක්ද නොවේ. එය දේශපාලන අධිකාරි බලය තවදුරටත් කිසිසේත් බැරෑරුම් ලෙස සැලකීම නතර කරන මොහොතකි.

එන්.පී.පී. ආණ්ඩුකරණයට වසරකුත් මාස කීපයක් ඇතුළත පුරවැසි සමාජයෙන් එවන් ප්‍රතිචාර ලැබෙන්නේ ඇයි? එහි සලකා බැලිය යුතු දේශපාලන සමාජ විද්‍යාවක් ඇත. මෙය සමාජ විද්‍යාඥ එමිල් ඩර්කයිම්ට අනුව පවසන්නේ නම්, සාමූහික සමාජ විඥානය පිළිබඳ අදහස මත පදනම්ව, ආණ්ඩුවකට සමච්චල් කිරීම කොන්කර දැමීමේ ආකාරයක් ලෙස ක්‍රියා කරනු ලබයි. මෙහි සිනහවකින් ප්‍රතිචාර දැක්වීම පාලන අධිකාරිය විහිළුවක් සේ සැලකීමකි. සමාජයට ආණ්ඩුව සිදුකරන බොහෝ දේ දිස්වන්නේ විහිළුකරුවන්ගේ නාටකයක් මෙනි. එයට ප්‍රතිචාර ලෙස රැගෙන එන සිනහ මුහුණ හුදු විනෝදයක් පමණක් නොව සාමූහික අනුමැතියකි.
මෙහි ඇති බරපතළකම වන්නේ ආණ්ඩුවත් සමග සාමූහික සමාජය ගැටෙන්නේ හොරුන්, දූෂිතයින්, වංචාකාරයන් ආදී ප්‍රචණ්ඩ ආකෘතියකින් නොව ජෝකර් කෙනෙක් හා සමාන ගනුදෙනු කරන්නෙක් මෙනි. ඒ අනුව සදාචාරාත්මක විනිශ්චය ප්‍රකාශ කරන පුද්ගලයා, දේශපාලන අධිකාරිය සමග තවදුරටත් බැරෑරුම් බැඳීමකට හෝ ගනුදෙනුවකට සුදුසු නොවන බවට සලකුණු කරයි.

සුළුකොට තැකීමේ දේශපාලනය අනතුරුදායකය
කිසියම් රටක පාලන අධිකාරියක් විහිළුකාරයන් ලෙස සමාජය තුළ තහවුරු වීමේදී පුරවැසි කතිකාව බැරෑරුම් නොවන සරල ප්‍රවේශයන් වෙත යොමුවේ. එනම් පාලකයන්ගේ ප්‍රකාශ තවදුරටත් සංවාදයට ලක් නොකෙරේ. ඒවා උපහාසයට ලක්කෙරේ. මහජනතාව ඔවුන්ගේ කතාවලට වගකීමකින් යුතුව සවන් නොදෙනවා පමණක් නොව ඒවා හාස්‍ය උපදවන වීඩියෝ දර්ශනවලට පමණක් ක්ලිප් කරනු ලැබේ.

දේශපාලන සමාජ විද්‍යාඥයන් විසින් පාලන අධිකාරිය සුළුකොට සලකා නොසලකා හැරීම ලෙස විග්‍රහ කරන්නේ මෙම සිද්ධාන්තයයි. එලෙස පාලක ආණ්ඩුවක් පුරවැසියන්ගේ නොසැලකීමට ලක්වීමේදී, ආණ්ඩුවක බලය ජනතාව ඉදිරියේ පෙනී සිටීමේ ගෞරවය, ඉවසීම හෝ විශ්වාසය, ජනතාව සංවිධානය කිරීමේ හැකියාව ආදී අත්‍යාවශ්‍ය ගුණාංග ස්වාභාවිකවම අහෝසි වී යයි.

මෙවැනි තත්ත්වයකට ප්‍රතිචාර ලෙස සමාජ මාධ්‍ය ක්‍රියාකාරුවන් දෙස ඔරවා බැලීම හෝ බලපෑම් කිරීම පිළිතුර නොවේ. එසේත් නොමැතිනම් ඔවුන් සී.අයි.ඩී. කැඳවීම හෝ පොලිසිය යොදවා නඩු ඇසීමද පිළියම නොවේ. එහෙත් අද බොහෝ විට දක්නට ලැබෙන්නේ එවැනි පීඩාකාරී, අදේශපාලනික ප්‍රවණතාවන්ය.

ආණ්ඩුවෙන් විහිළුවක් සපයන තෙක් බලාසිටින සමාජයක්
අද අපේ රටේ ජනාධිපතිවරයාගේ සිට අගමැතිවරිය දක්වා සහ කැබිනට් අමාත්‍යවරුන්ගේ සිට පසුපෙළ මන්ත්‍රීවරුන් දක්වා වූ දේශපාලන ඒජන්තයන්ගේ ප්‍රසිද්ධ කතා සමාජය බැරෑරුම්ව සලකන්නේ නැත. මෙයට පාදක වූ විෂය මූලික නිදර්ශන නිමක් නැති ලැයිස්තුවකින් පෙන්වා දියහැකි අතර, ඉන් කීපයක් පමණක් දැක්විය හැක.
දිට්වා කුණාටු ආපදාවෙන් පසුව වින්දිතයින්ට සහන සැලසීම වෙනුවෙන් පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශයකින් කියවුණේ ‘තහඩුවක් ගියත් ලක්ෂ දහයක් දෙනවා’ යනුවෙනි. එහෙත් ප්‍රායෝගික ලෝකයේදී එවැනි දෙයක් දක්නට නොමැත.

තවත් උදාහරණයක් වන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වෙනුවෙන් සැකසූ මොඩියුලයක දෝෂයක් ඇති බවට එම අමාත්‍යාංශයේ ලේකම් විසින් සී.අයි.ඩී.යට පැමිණිලි කිරීමයි. ඇත්තෙන්ම මේවා විකාරසහගත රට්ටු හිනස්සවන මෝඩ වැඩ බව නොරහසකි. තවත් මැති ඇමැතිවරුන්ගේ කතා සමාජයට සිනා සාගරයක් රැගෙන එයි.

මෙවැනි වටපිටාවක ආණ්ඩුව පවත්වන ඕනෑම මාධ්‍ය සාකච්ඡාවක් හුදු කොමඩි රංගනයන් මෙන් මහජන අවකාශය තේරුම් ගනී. එමෙන්ම වල් පැළ ඉවත්කර මල් පැළවලින් පුරවපු පාර්ලිමේන්තුව, අද එහි පවතින විවාද පෙරහුරු කරන ලද නාට්‍ය ශාලාවකට සමානය. එබැවින් බලධාරීන්ගේ ප්‍රකාශ සමාජයට තවදුරටත් අර්ථ කැටුව නොඑන අතර ඒවාට අවධානයෙන් සවන් නොදෙන යථාර්ථයක් නිර්මාණය වෙමින් ඇත. එසේ නමුත් ඔවුන්ගේ ප්‍රකාශ උපුටා දක්වමින් හාස්‍ය ගොඩනැගීම පුරුද්දක් ලෙස අඛණ්ඩ වේගයකින් සමාජ මාධ්‍ය අවකාශ හරහා සැරිසරමින් ඇත. ඒවායින් දේශපාලන විනෝදය අපේක්ෂා කරන පිරිස් ආණ්ඩුවේ ඊළඟ විකාර විහිළුව පැමිණෙන තෙක් පරීක්ෂාවෙන් සහ සීරුමෙන් බලා සිටිනු දක්නට ලැබේ.

ඇත්ත වශයෙන්ම සමාජ මාධ්‍ය මෙම තත්ත්වය ස්වේච්ඡාවෙන් නිර්මාණය කළේ නැත. එම ක්‍රියාකාරීත්වය විසින් සිදුකළේ කාටත් ප්‍රථම මෙම දේශපාලන උත්ප්‍රාසය හෙළිදරව් කිරීමය. එය කෙතරම් ප්‍රබල වී ඇත්ද යත්, සිනහ මුහුණ අද දවසේ අප රටේ විපක්ෂයේ සියලු දේශපාලන ආඛ්‍යානවලට වඩා වඩාත්ම කාර්යක්ෂම දේශපාලන භාෂාව බවට පත්ව අවසානය. ඇතැම් විට විපක්ෂ කඳවුර පවා සිය වදනික දේශපාලන කටගැස්ම සරිකර ගන්නේ සමාජ මාධ්‍ය තුළ රස්තියාදු ගැසීමෙනි. එය වෙනම කතා කළ යුතු මාතෘකාවක් බව කිව යුතුය.

යම් දිනක රාජ්‍ය බලය අපේක්ෂාවෙන් ඉන්න විපක්ෂයේ මහත්වරුන්ද මේ තත්ත්වය නිවැරදිව කියවා ගැනීම දේශපාලන සෞඛ්‍යයට ඉතාමත් හිතකරය. එනම් සිනහ මුහුණෙන් රැගෙන එන සංකේතීය පණිවුඩය වන්නේ, ‘අපිට නුඹලාව ඇහෙනවා, නමුත් අපි නුඹලාව විශ්වාස කරන්නේ නැහැ’ යනු ඒ පණිවුඩයයි.

න්‍යාය සහ භාවිතය අතර ගොඩනැගෙන පරස්පරතාව
මෙම මහජන අවිශ්වාසයේ මුල තනි පුද්ගල සාධක හෝ අඩුපාඩුවලට වඩා ගැඹුරු කලාපයකට විහිදී යයි. වත්මන් එන්.පී.පී. ආණ්ඩුවට අදාළව එය දරුණු පරස්පර විරෝධතාවකින් පෝෂණයවී වැඩි වර්ධනය වන දෙයකි.

විශේෂයෙන් බලය ලබාගැනීම පමණක් අරමුණු කරගෙන සිදුකළ බොහෝ ව්‍යාජ දේශනා සහ බලය අත්පත් කරගැනීමෙන් පසු අද ක්‍රියාත්මක වන ප්‍රායෝගික දේ අතර පවතින නිරුවත් පරස්පරය දෙස බලන්න. ඇමෙරිකන් යැංකි බලහත්කාරය විසින් වෙනිසියුලාව වෙත මුදාහළ මිලිටරි ආක්‍රමණය ඉදිරියේ වෙනිසියුලාවටත් වඩා අද අසරණව සිටින්නේ ලංකාවේ පාලක ජවිපෙ ඊනියා වාමාංශික ආණ්ඩුවයි. ඉඳින්, පුරවැසියන් ඔවුන්ට සිනාසීම අරුමයක් නොවේ.

ඓතිහාසිකව ජනතා විමුක්ති පෙරමුණ සිය වාමාංශික දෘෂ්ටිවාදී සම්ප්‍රදාය තුළ ආගම සැලකුවේ සමාජයක් නිර්වින්දනය කරන ‘අබිං’ වැනි දෙයක් ලෙසය. එම ඉගැන්වීමට අනුව අද ආණ්ඩුවේ ප්‍රබල ඇමැතිවරයෙක් වගේම පාර්ලිමේන්තුවේ සභා නායකයාද වන බිමල් රත්නායක ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටියේ ගස් ගල් සහ ප්‍රතිමා වන්දනාව, ගෝත්‍රික සමාජයට අයිති පුරුද්දක් බවය.

කෙසේ වෙතත්, අද වනවිට, රටේ පාලන බලය හොබවන එම දේශපාලන පරම්පරාවම ආගමික යුක්තිය පතා වෙහෙර විහාර, දේවාල, පමණක් නොව දළදා මාලිගාවද වන්දනාවට යන්නේ රූපවාහිනී, ඇතුළු මාධ්‍ය කැමරා අටවාගෙනය.

ජනාධිපතිවරයා කිසියම් ජාතික වැදගත්කමක් ඇති කටයුත්තක් වෙනුවෙන් රටේ ප්‍රධාන මහානායක හිමිවරුන් බැහැදැකීමට යාමේ පුවත පවා සමච්චලයට ලක්වන්නේ ඔවුන්ගේ ඓතිහාසික වැරදිකාරීත්වය පුපුරා යාමක් ලෙසය. රටක වෙසෙන මිනිසුන් තමන් පාලනය කරන්නේ විහිළුකාරයන් පිරිසක් ලෙස සලකන කල්හි, පාලක බලයට හිමි ආකර්ෂණ බලය අහෝසිවී යයි. එවැනි තත්ත්වයකදී අධිකාරියේ නියෝග කෙරෙහි පාලිතයන් තවදුරටත් අවනත වන්නේ නැත.

සිස්ටම් චේන්ජ් වෙනුවට බලයේ ඛාදනයක්
තම පාලනයට එදිරිව සමාජයෙන් මතුව එන උත්ප්‍රාසයේ බලවත් ඛේදවාචකය වන්නේ අදාළ බලධාරීන් බොහෝ විට ඒ සිනහව තමා හමුවට එන රැකවරණයක් ලෙස වරදවා වටහා ගැනීමයි. එනම් විරෝධතාවලට වඩා විහිළු හොඳ බව, පෙළපාළිවලට වඩා වීඩියෝ කාටූන් සුවපහසු බව ඔවුන් විශ්වාස කරන බව දක්නට ඇත.

මෙවැනි නිර්දය සමච්චල් කිරීම් පාලනය කෙරෙහි උපන් අනුකම්පාවක් නිසා නොවන බව ඔවුන් තේරුම් ගැනීමට අසමත්ව තිබේ. එනිසාම එකම වරද නැවත නැවතත්, එකම දේ තව තවත් ආදී ලෙස උත්ප්‍රාසයන් ගලා ඒම පුරුද්දක් බවට පත් වී ඇත. එය සාමාන්‍යකරණය වීමෙන් තම පාලකයන්ට සිනාසෙන සමාජයක් දක්වා වැඩී වර්ධනය වී රාජ්‍ය පාලනය හුදු විකාරයක් වන තරමට රූපාන්තරණය වෙමින් තිබේ.

ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය පරීක්ෂා කිරීමේදී පෙනී යන්නේ, එය සදාචාරාත්මක පිබිදීම් වගේම කලකිරීම් සහ බිඳවැටීම් චක්‍රයකින් පිරී ඇති බවයි. අද අපට දක්නට ලැබෙන්නේ එහි නව ස්වරූපයකි. එනම් දේශපාලන අධිකාරිය කෙරෙහි වූ සමාජ කලකිරීම උපහාසය දක්වා පරිණත වී ඇති ආකාරයයි. අනතුරුව එකී උපහාසය උදාසීනත්වයක් දක්වා වැඩිවී ප්‍රසාරණය වෙමින් ඇත.

එනිසා පාලකයන්ගේ සෑම ප්‍රකාශයක්ම සිනහ මුහුණකින් පිළිගැනීමට සමාජය සාමූහික වෙමින් තිබේ. ඒ වගේම, සෑම ප්‍රතිවිරෝධතාවක්ම විනෝදාස්වාදය බවට පත්වීම නොවැළැක්විය හැක. එය දිට්වා සුළි කුණාටු ව්‍යසනය සහ පශ්චාත් ආපදා කළමනාකරණයේ සිට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පවා විහිළු ලෙස අවශෝෂණය වී එහි පැවැතිය යුතු සාධනීය අර්ථය අහෝසි වීමේ අවදානමක් පවතී. එසේ වීමෙන් සිදුවන්නේ පාලනාධිකාරියක පැවැතිය යුතු ‘බලය’ නමැති අත්‍යාවශ්‍ය ගුණාංගය වැහැරී යාමයි. බලයේ අර්ථය අහෝසි වූ පසු, බලය පෙරළා දැමීමට අවශ්‍ය නොවේ. එය තමන්ගේම විකාරයේ බරට යට වී නිහඬව කඩාවැටීමට නියමිතය.
‘සිනහ මුහුණ’ එතරම්ම ප්‍රබලය.

විජේපාල දිසානායක ([email protected])


SendShareShare
Previous Post

මම එහෙම කියලත් නැහැ…! ඒ ගැන කතා කරන්නත් කැමැති නැහැ…! හොඳ නරක නපුරු ශුද්ධවන්ත කියලා බෙදීමක් තියන් රඟපාන්න බැහැ…! ඕනෙම එකක් කරන්න ඕනේ…! මට කැමැති අය මට හැමදාමත් ආදරෙයි…! සංජනා ගමාරච්චි I Sri Lanka Latest News

Next Post

කරනවා නම් කරන්න ඕනේ පට්ට චැලෙන්ජ් එකක් තියෙන වැඩක්…! නැත්නම් ඒකේ කිසි කික් එකක් නෑ…! වැඩිය ඔළුවට ගන්න යන්නේ නැහැ…! කරනව නම් එක වැඩයි කරන්නේ….! ඒක අස්සේ තව එකක් කරන්නේ නැහැ…! අෂාන් ඩයස් I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.