• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

විජේවීර දීලා හරිනි ගත්තා වගේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

January 11, 2026
in Exclusive, Gurudawa
Reading Time: 7 mins read
A A
විජේවීර දීලා හරිනි ගත්තා වගේ! උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

2024 ජනාධිපතිවරණයේදී සමගි ජන බලවේගයෙන් තලතා අතුකෝරල ඉවත් වුණාට පසු නුවර සජිත්ගේ වේදිකාවට පොදුජන පෙරමුණු මන්ත්‍රිනී ජනප්‍රිය නිළි ගීතා කුමාරසිංහ නැග්ගාය. ගීතා සජිත්ගේ වේදිකාවට නැග සජිත්ට සහාය පළකොට පැය 24ක් යන්නට මත්තෙන් ජවිපෙ ජනාධිපති අපේක්ෂක අනුර ගීතාව උපහාසයට ලක් කළේ තලතා දීලා ගීතා ගත්තා වගේ කියාය. ඒ සමගම ජවිපෙ සමාජ මාධ්‍ය ගීතාට එරෙහිව දැවැන්ත මඩ ප්‍රහාරයක් දියත් කරනු ලැබීය.Sri Lanka Latest News

ගීතාට පමණක් නොව සමගි ජන බලවේගයේ ප්‍රබල කාන්තා චරිත වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර අරගලයේ සිට සජිත්ට සහාය පළකරන්න ආ ප්‍රවීණ නිළි දමිතා අබේරත්නට ජවිපෙ සමාජ මාධ්‍ය මඩ තලිවලින් දමලා ගැසූහ. විරෝධතාවකදී හිරුණිකා පොලිසියට මැදිව ඇයගේ අඟපසඟ පොලිස් නිලධාරීන්ගේ හැඩිදැඩි සිරුරට හිරවී තිබූ ඡායාරූප පළකොට ජවිපෙ සමාජ මාධ්‍ය අසභ්‍ය වැකි ලියූහ.
ගීතා කුමාරසිංහ කියන්නේ ලංකාවේ ජනප්‍රියතම නිළියකි. ඇය හොඳම නිළිය, ජනප්‍රියතම නිළිය ලෙස සම්මානයට පාත්‍ර වූවාය. දමිතා අබේරත්න ජාත්‍යන්තර සම්මාන දිනපු නිළියකි. හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ගෝඨාට එරෙහි පළමු කාන්තා අරගලය ගෝඨාගේ දොරකඩ පාමුලට ගෙනගිය කාන්තාවය.

හරිනි විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියකි. ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි කාන්තාවකි. 2015 රාජපක්ෂලාට එරෙහි අරගලයේදීත්, 2022 රාජපක්ෂලාට එරෙහි අරගලයේදීත් ඇය කොහේ හිටියාද දන්නේ නැත. හිරුණිකාලා දමිතාලා ගෝඨාභයට එරෙහිව අරගල කරද්දී හරිනිගේ නමක්වත් කොහේවත් කියවුණේ නැත.

අරගලය අවසන් වී රාජපක්ෂලා ගෙදර ගොස් රනිල් ජනාධිපති වූවාටත් පසුව එළිමහනේ පැවැති විදේශ මාධ්‍ය සාකච්ඡාවකදී හරිනි මතුවිය. එතැනින් විශ්වවිද්‍යාල ප්‍රජාව, රාජ්‍ය නොවන සංවිධාන, ප්‍රභූ පන්තිය අතර තාරකාවක් වූ හරිනිට ‘ගැහැනු අපි එක මිටට’ හදන්න ජවිපෙ පක්ෂයේ කාන්තා බළකාය භාරදුන්නේය. හරිනි රටේම තරුවක් වූයේ ජවිපෙ ‘ගැහැනු අපි එක මිටට’ බළකාය හරහාය. ඇය කොපමණ ජනප්‍රිය තරුවක් වූවාද කියනවා නම් ජවිපෙ විජේවීර තරුව අතුරුදන් වී ජාතික ජන බලවේගය හරහා හරිනි තරුව මතුවිය.

‘අනුරට දිනන්න බැහැ. ජනාධිපතිවරණයට හරිනි දැම්මොත් දිනයි…’

ඉහළ මධ්‍යම පන්තියේ දේශපාලන ඕපාදූප සංගම් ඇය ආක්‍රමණය කළේ එහෙමය.

ජවිපෙ නැග්ම අනුර නොවේ. ජවිපෙ නැග්ම අනුර නම් 2019 ජනාධිපතිවරණයේදී අනුර 3%ක් ගන්නේ නැත. ජවිපෙ නැග්ම හරිනිය. ඒ බව තේරුම් ගෙන ජවිපෙ විජේවීරගේ වාමවාදය හලලා හරිනිගේ ලිබරල්වාදය වැලඳ ගත්තේය.

හැබැයි ජවිපෙ විනාශ කරන්නේ හරිනිගේ ලිබරල්වාදය බව ඒ වෙලාවේ ජවිපෙට තේරුණේ නැත.

‘විජේවීරව දීලා හරිනිව ගත්තා වගේ..’

තලතා දීලා ගීතා ගත්තා වගේ කීව අනුරට වෙලා තියෙන්නේ විජේවීර දීලා හරිනි ගත්තා වගේ වැඩක්ය. හරිනිගේ අධ්‍යාපන මොඩියුලය ආණ්ඩුව පමණක් නොව ජවිපෙද අමාරුවේ දමා ඇත.

කෙහෙළිය රඹුක්වැල්ලට හිරේට යන්න සිදුවූයේ රෝගීන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කළ නිසාය. හරිනි දැනුවත්ව හෝ නොදැනුවත්ව සෙල්ලම් කරන්නේ කුඩා ළමුන්ගේ මනස එක්කය.

විජේවීර හිරෙන් නිදහස් වී පැමිණ ජේ.ආර්.ගේ ආණ්ඩුවට එරෙහිව ගහපු පළමු ප්‍රජාතන්ත්‍රවාදී කැරැල්ල රනිල්ගේ ධවල පත්‍රිකාවට එරෙහි කැරැල්ලය. ඔහු ජවිපෙ දෙවැනි නැගිටීමට විශ්වවිද්‍යාල සහ පාසල් පද්ධතිය නෙට්වර්ක් කළේ ධවල පත්‍රිකාවට එරෙහිව සටන් කරලාය. ධවල පත්‍රිකාවට එරෙහිව විජේවීරගේ අරගලය කෙතරම් සාර්ථක වුණාද කියනවා නම් ගැහැනියක් මිනිහෙක් කිරීමත්, මිනිහෙක් ගැහැනියක් කිරීමත් හැර අනෙක් ඕනෑම දෙයක් කළ හැකි යැයි කී ජේ.ආර්. ධවල පත්‍රිකාවට එරෙහි අරගලයට බය විය. ඔහු 80 ජූලි වර්ජනයටත් බය වුණේ නැත. හැබැයි ධවල පත්‍රිකාවට එරෙහි අරගලයට බය විය.

ඔහු තම බෑණා වූ රනිල් කැඳවා අවවාද කළේ වහාම ධවල පත්‍රිකාව හකුළා ගන්නා ලෙසය. රනිල් පාර්ලිමේන්තුවට පැමිණ තමන් ධවල පත්‍රිකාව අත්හිටුවන බවට ප්‍රසිද්ධ ප්‍රකාශයක් කළේය.

‘ජේ.ආර්.ට අධ්‍යාපනය ගැන තිබුණු හැඟීම ජවිපෙට නැත්තේ ඇයි…?’

සී.ඩබ්ලිව්.ඩබ්ලිව්. කන්නන්ගර ලංකාවට නිදහස් අධ්‍යාපනය දුන්නේය.

ජේ.ආර්. පාසල් ළමුන්ට නොමිලේ පොත් දුන්නේය.

රණසිංහ ප්‍රේමදාස පාසල් ළමුන්ට නොමිලේ නිල ඇඳුම් සහ දිවා ආහාරය දුන්නේය.

‘එතකොට ජවිපෙ ආණ්ඩුව දෙන්නේ අසභ්‍ය වෙබ් අඩවි මොඩියුලයද…?’

මේ අසභ්‍ය වෙබ් අඩවි මොඩියුලය වෙනුවෙන් හරිනි පළමුවෙන්ම අධ්‍යාපන ඇමැති ලෙස ජාතියෙන් සමාව ගත යුතුය. දෙවැනුව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළාගෙන නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනාවලියක් සකස් කිරීමට සියලු පක්ෂ නියෝජනය වන සේ පාර්ලිමේන්තු තේරීම් කමිටුවක් පත්කළ යුතුය. ඒ තේරීම් කමිටුවට සහාය වීමට අධ්‍යාපන විශේෂඥ කමිටුවක් පත්කරගත හැකිය.
මේ දෙකම කරන්න බැරි නම් හරිනි අධ්‍යාපන ඇමැතිකමෙන් ඉවත් විය යුතුය.

බැඳුම්කර වංචාව කරළියට ආ විට එවක ජනාධිපති මෛත්‍රීපාල මුදල් ඇමැති රවීට ඉල්ලා අස්වෙන ලෙස කීවේය. ඔහු ආණ්ඩුව ආරක්ෂා කරගන්න ඉල්ලා අස්විය.

බෙහෙත් වංචාව ආ වෙලාවේ සෞඛ්‍ය ඇමැති කෙහෙළියට ඉවත්ව යන්නැයි ජනාධිපති රනිල් කීවේය. ඔහු ආණ්ඩුව ආරක්ෂා කරගන්න ඉවත් විය.

අධ්‍යාපන සුදුසුකම් ප්‍රශ්නය මත අනුර කතානායක රන්වලට ඉල්ලා අස්වෙන්න කීවේය. රන්වල ඉවත් විය.

‘ඉතින් උපන් ගෙයි ජේ.වී.පී.කාරයෙක් වූ රන්වලට ඉවත් වෙන්න කිව්වා නම් ජවිපෙ විසින් නිර්මාණය කරපු චරිතයක් වූ හරිනිට ඉවත් වෙන්න කියන්න අනුර බය ඇයි…?’

‘ධවල පත්‍රිකාව හකුළා ගන්න යැයි ජේ.ආර්. තම බෑණා වූ රනිල්ට කීවා සේ එක්කෝ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හකුළා ගන්න කියන්න අනුර බය ඇයි…?’

ජවිපෙ හිතන්නේ මේ ආණ්ඩුව බලයට ගෙන ආවේ ජවිපෙ කාඩර්ලා කියාය. අනුර හිතන්නේ මේ ආණ්ඩුව බලයට ගෙන ආවේ හරිනිගේ ලිබරල් බළකාය කියාය.

‘මවුබිම නැත්නම් මරණය’
‘මවුබිම සුරකිමු…’

මේ, රෝහණ විජේවීර ජවිපෙට කියලා දුන්න සටන් පාඨය.

‘හරිනි නැත්නම් මරණය’
‘හරිනි සුරකිමු’

මේ, දැන් ජවිපෙ සටන් පාඨය.

‘රෝහණ විජේවීරව පෙරටුගාමී පක්ෂයට දීලා ජවිපෙ හරිනි අරන්’ කියන්නේ ඕකටය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මාතලේ මිනිස්සු පාරට බැහැලා උද්ඝෝෂණ කරද්දී ආපු මාලිමා සභාපතිට ගම්මුන්ගේ විරෝධය! රතු ටී ෂර්ට් එකක් ඇඳන් ආපු කෙනෙක් ලොකු සද්දයක් දාලා ගහගන්නත් එයි! සභාපතිට ගම්මු හූ තියා එලවයි! VIDEO I Sri Lanka Latest News

Next Post

දවස් ගානක් හිරකරන් හිටපු කතාවක් ලිව්වා…! ආදරෙයි පැළෙන්න…! Sri Lanka Latest News

MORE NEWS

කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News
Exclusive

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…
Exclusive

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News
Exclusive

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

අද උදේ පාස්පෝට් පෝලිමේ සිටි මව ප්‍රසූත කළ දරුවා මියයයි! වැරැද්ද කාගේද?
Exclusive

අවුරුදු 4ක දැරියක් ඩෙංගු මාරයාට බිළිවෙයි! මරණ ගණන 56ට නගී! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

Load More
කඳු ටික ඉවරයි! දියතලාවම ඉවරයි! එන්න එපා ඕවා කරන්න! චාමර බදුල්ලේ මිනිස්සු වෙනුවෙන් පාර්ලිමේන්තුවේ ලොකු සටනක! VIDEO I Sri Lanka Latest News
Exclusive

චාමරත් ආණ්ඩුවට හොඳ කියයි! දැන් ඉතින් මිනිහටත් ඩීල් කියලා මඩ ගහපල්ලා! VIDEO I Sri Lanka Latest News

දැන් ජනාධිපති අරමුදලේ මුදල් වියදම් වෙන්නේ මෙහෙමයි..! පා.ම. චාමර සම්පත් දසනායක Sri Lanka Latest News

Read more
මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ලස්සන නුවරඑළිය විනාශයි! දිගට හරහට අනවසර ඉදිකිරීම්! බලධාරීන් බුදි! ඔක්කොම කරන්නේ දේශපාලන හයියෙන්ලු! මුන්ට දෙන දඬුවම් මොනවාද? PHOTOS I Sri Lanka Latest News

ඕමල්පේ සෝභිත හාමුදුරුවනේ ඔබ වහන්සේ වෙත ගෞරවසම්ප්‍රයුක්තව ලියා දක්වන වග නම්…

මැරෙනකම්ම නායක පුටුවල එල්ලිලා ඉන්න දේශපාලනඥයන්ට සෝභිත හිමිගෙන් වටිනා පාඩමක්! තනතුරෙන් ඉල්ලා අස්වෙයි! කිසිම නායක තනතුරක් ජීවිත කාලය පුරා දැරිය යුතු නෑ…! Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

ඩොලර් මිලියන දෙකේ එයාර් බස් අල්ලස් ගනුදෙනුවට කපිල චන්ද්‍රසේනගේ බිරියයි චමල් රාජපක්ෂගේ පුතාවයි අල්ලන්න වරෙන්තුවකුත් අරන් CIDයයි අල්ලස් කොමිසමයි ඕස්ට්‍රේලියාවට ගිහින්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.