‘සිනමන් එයාර්’ සමාගමට අයත් සී ප්ලේන් යානයක් පසුගියදා දහවල් නුවරඑළියේ ග්‍රෙගරි වැවට කඩා වැටීමෙන් පසු මේ වනවිට ආන්දෝලනාත්මක තත්ත්වයක් මතුව ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News
සිනමන් එයාර් සී ප්ලේන් යානය ග්‍රෙගරි වැවට ගොඩබැස්සවීමේදී අනතුරට ලක්වීම සම්බන්ධ වීඩියෝව සමාජ මාධ්‍යයේ ‘වයිරල්’ වීමත් සමග දේශීය සංචාරකයන් මෙන්ම විදෙස් සංචාරකයන්ද ලංකාව තුළ අභ්‍යන්තර ගුවන් ගමන්වල යෙදීමේදී සිය ආරක්ෂාව පිළිබදව දෙවතාවක් සිතා බලන තත්ත්වයට පත්ව සිටීම ඊට හේතුව බව දැනගන්නට ඇත.
මේ තත්ත්වය යටතේ බොහෝ පිරිස් අවධාරණය කරන්නේ තවත් අනතුරක් වීමට ප්‍රථම මේ සම්බන්ධයෙන් සොයා බලා සංචාරකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසය.
අනතුර සිදුවන අවස්ථාවේ එහි කිහිපදෙනෙකු සිට ඇති අතර, ඔවුන් තුවාල ලබා ඇතැයි වාර්තා වේ.










