දේවානි නෝනා සම්බන්ධව අපගේ කිසිදු අමනාපයක් හෝ තරහක් මරහක් නැත. කොටින්ම කියනවා නම් අපට ඇය සමග පුද්ගලික ආරෝවක් නැත. ඇය දක්ෂ රාජ්‍ය නිලධාරියකු ලෙස කාලයක් තිස්සේ වැඩ කළ බව අපගේ විශ්වාසයයි. ඇයගේ සමහර ක්‍රියාකාරකම් සම්බන්ධව අපටද ප්‍රශ්න තිබිණි. සමාජය විසින් ඇයගේ සමහර දේවල් උත්කර්ෂයට නගන විට අපි ඇයගේ ක්‍රියාකාරකම් පිළිබඳ ඇතැම් ප්‍රශ්න නැගුවෙමු. ඒවායේ ගැටලුසහගත තැන් ඇතැයි අපි සඳහන් කළෙමු. ගැටලුසහගත තැන් සම්බන්ධව අපි තොරතුරු සොයා ගියෙමු. එවිට අපට ලැබුණු තොරතුරු අපි ඔබට ලීවෙමු.Sri Lanka Latest News
මුලින්ම මීගමුවේ දූපතේ කතන්දරය අවසානයේ නිමාවූයේ සනත් නිශාන්ත මිනිස්සුන්ට ඔක්සිජන් අවශ්‍ය නැතැයි කියන නරුමයකුගේ ලේබලය අලවා සමාජයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවය. ඔහුගේ මරණයේදී පවා බූරුවෙක්ගේ මරණයක් යැයි මිනිස්සු කතාකරන තත්ත්වයට පත්වුණේ මේ සිදුවීම් සමගය. නමුත් සැබෑ යථාර්ථය අනුව ගත්විට එය වෙනත් වුවමනාවක ප්‍රතිඵලයක අවසාන කතාව බවත් අප දුටුවේ, අප ඇසුවේ සැබෑ යථාර්ථය නොවන බවත් ඇතැම්හු සඳහන් කළහ. ඉන් දේවානිටද යම් චෝදනා කොටසක් එල්ල වූ අතර දේවානි එය කළාද නොකළාද, එය කාගේ හෝ අවශ්‍යතාවකට කළාද නැද්ද කියන එක සම්බන්ධව අප සතුව පැහැදිලි සාක්ෂි සහිත සඳහන් කිරීමක් නැත. නමුත් දේවානි එවෙලේ රජයේ ප්‍රබල අමාත්‍යවරයකු සමග නොබියව සටන් කළ බව පමණක් අප විශ්වාස කරමු. එය සිදුකළේ කාගේ හෝ වුවමනාවකට යැයි බොහෝ දෙනෙක් සඳහන් කළද එහි න්‍යායපත්‍රයක විශේෂතාව ගැන අප දන්නේ නැත.
පඬුකරඳ ගහේ කතන්දරයේදී නම් දේවානි නෝනාට එල්ල වූයේ සුළුපටු චෝදනාවක් නොවෙයි. පඬුකරඳ ගහ ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙරට ආ ඇය එසේ පෙරට ආවේ පඬුකරඳ ගහක් වෙනුවෙන් නොව අධිවේගී මාර්ගයේ ගමන නතර කොට සංවර්ධනය පමා කරන්නට යැයි ඇතැම්හු චෝදනා කළහ. එම චෝදනාවලින් බොහෝ කොටසක් සැබෑවක් යැයි හිතෙන තරමටම සමහර සිදුවීම් සිදුවෙද්දී දේවානි නෝනලාගේ පඬුකරඳ ගස් හතර අතින් මතුවෙන්නට විය. ඒ නිසාම පඬුකරඳ ගහ යනු මහා නරක වස්තුවක් නොවන බව සමාජයට පසක් විය. වනාන්තර සම්බන්ධව නිලධාරීන් නම් ඇත්තටම යථාර්ථය දැන සිටිය යුතුය. අප දියුණු වෙද්දී ඉදිරියට යද්දී බොහෝ දේ අතහැර දැමිය නොහැක. ආරක්ෂා කළ යුතු දේවල් ආරක්ෂා කළ යුතුය. නිතැතින්ම අප ඉන්නේද එවැනි තැනකය. නමුත් පඬුකරඳ ගහේ මහා නරක බව සඳහන් කරමින් අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් සිදුකළ පමාව දැන් තවමත් අධිවේගී මාර්ගය ඉදිකර ගැනීමට නොහැකි වන තැනින් කෙළවර වී තිබේ. ඒ නිසා මෙවැන්නක් යළි නොවැන්නට අප වග බලාගත යුතුයැයි සමහරු කියන තැනට ප්‍රශ්නය වෙනස් විය.
දැන් දේවානි නෝනා සමාජය ඉදිරියේ නගන පැනයක් තිබේ. ඒ, ඇයට ලැබිය යුතුව තිබූ තනතුරක් නොලැබෙන්නේ ඇයිද කියන කාරණාවය. මෙහිදී ඇය මේ ආණ්ඩුව වෙනුවෙන් හැකි පමණ කඩේ ගිය, මේ ආණ්ඩුව පත්කරන්නට හැකි පමණින් කටයුතු කළ බොහෝ න්‍යායපත්‍ර කටයුතුවලට සහාය දුන් කෙනෙකු බව සමාජ මාධ්‍ය ඇතුළේ සඳහන් කොට තිබේ. දේවානි නෝනා බොහෝ දේ සිදුකළේ තමන්ට තනතුරක් බලාපොරොත්තුවෙන් යැයි අප විශ්වාස නොකරමු. නමුත් මේ මොහොතේදී අවංක රාජ්‍ය නිලධාරිනියක ලෙස සේවය කළා නම් එම තනතුර ඇයට ලැබිය යුතුය. ඇය සිදුකරන ලද සේවය පිළිබඳ තර්කයක් ඇත්තටම අප සතුව නැත.
දේවානි නෝනා මේ සමාජය තුළ කතාබහට ලක්වන චරිතයක් බවට පත්විය. එසේ සමාජයේ කතාබහට ලක්වන චරිතයක් වූ ඇය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක්ව සිටි ඇය රජයේ තනතුරුවලට නිසි සුදුසුකම් සපුරා ඇත්නම් ඇයට තනතුර නොදෙන්නට හේතුව කුමක්ද කියා අපද ප්‍රශ්න කරමු.
නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දේ සිදුවන ක්‍රමවේදයක් තිබේ. පසුගිය ආණ්ඩු විසින් තමන්ගේ පක්ෂවලට හිතවත් අයට පමණක් තනතුරු ලබාදී තමන්ගේ පක්ෂවලට අකමැති අයට තනතුරු ලබා නොදීමට තරම් රාජ්‍ය සේවය පහළට ඇද දැමූ බව අපි කවුරුත් දන්නා යථාර්ථයකි. නමුත් එවැන්නක් යළි සිදු නොවේ යැයි විශ්වාස කරන මේ ආණ්ඩුවෙන් දේවානිට තනතුර නොදී සිටින්නේ ඇයිදැයි අපි දන්නේ නැත. දේවානි නෝනාට සුදුසු නම් තනතුර ලබා දෙන්න. දේවානි නෝනා තනතුර ඉල්ලා දුකෙන් පසුවන බව අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට කියන්න. දේවානි නෝනා ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගිය බව සමාජය විසින් කියන කාරණය ගැන පමණක් ඔහු දැනුවත් කරන්න.
දේවානි ඇත්තටම රජය වෙනුවෙන් කඩේ ගියාද? එහෙම නැත්තම් සමාජය වෙනුවෙන් කඩේ ගියාද? මහපොළොව ආරක්ෂා කිරීමේ දේවදූතියක්ද යන්න ඔබට දැන් අමතක වී ඇතැයි අපි විශ්වාස කරමු. හැබෑවටම දේවානි නෝනාට දෙවියෙක් යැයි කී මිනිස්සු දැන් චෝදනා කරන්නේ තනතුර ඉල්ලා හඬාවැටෙන අයකු යැයි කියාය. ඇත්තටම ඇය ලැජ්ජා නැති ගැහැනියක නොවන වග අපි විශ්වාස කරමු. ඇය අවංකවම මේ මහපොළොවට සේවය කළාද නැද්ද කියන එක වෙනම කතාවකි. ඇය සිදුකළේ න්‍යායපත්‍රික වගකීමක්ද නැද්ද කියන එක අප දන්නේ නැත. නමුත් තනතුරු ලැබිය යුතු නම් ලබාදිය යුතුය. යමක් ලැබිය යුතු නම් එය සුදුස්සාට ලබා නොදෙන්නට තරම් සාධාරණ හේතු නැත. ඔබ කුමන හේතුවක් නිසා එය ලබා නොදී සිටියද එය කිසිසේත්ම සාධාරණීකරණයට ලක්කිරීමට අපි එකඟ වන්නේ නැත.
මේ තත්ත්වය යටතේ බොහෝ විට මිනිස්සු මන්දෝත්සාහී වනු ඇත. තමන්ගේ කටයුතු සිදු නොකරන්නට ඔවුන් පෙළඹෙනු ඇත. තමන්ට ලැබිය යුතු තනතුරු ලැබෙන්නේ නැත්නම් මේ රාජ්‍ය සේවකයන්ට ලැබෙන ලබ්බක් නැත. රාජ්‍ය සේවකයා සේවිකාවක් ලෙස තමන්ගේ නමටද කැළැල් කොටගෙන තමන්ගේ තනතුර හැකි උපරිමයෙන් සිදුකොට රාජ්‍ය සේවකයා සමග හැප්පී ආණ්ඩුව වෙනුවෙන්ද කටයුතු කොට ආණ්ඩුව පත් කරන්නටද වැඩි දායකත්වයක් ලබාදුන් දේවානි නෝනාට මේ තනතුර ලබා අනේ අනිච්චං නෝනේ අපිත් ඕවා දන්නෑනේ
දේවානි නෝනා සම්බන්ධව අපගේ කිසිදු අමනාපයක් හෝ තරහක් මරහක් නැත. කොටින්ම කියනවා නම් අපට ඇය සමග පුද්ගලික ආරෝවක් නැත. ඇය දක්ෂ රාජ්‍ය නිලධාරියකු ලෙස කාලයක් තිස්සේ වැඩ කළ බව අපගේ විශ්වාසයයි. ඇයගේ සමහර ක්‍රියාකාරකම් සම්බන්ධව අපටද ප්‍රශ්න තිබිණි. සමාජය විසින් ඇයගේ සමහර දේවල් උත්කර්ෂයට නගන විට අපි ඇයගේ ක්‍රියාකාරකම් පිළිබඳ ඇතැම් ප්‍රශ්න නැගුවෙමු. ඒවායේ ගැටලුසහගත තැන් ඇතැයි අපි සඳහන් කළෙමු. ගැටලුසහගත තැන් සම්බන්ධව අපි තොරතුරු සොයා ගියෙමු. එවිට අපට ලැබුණු තොරතුරු අපි ඔබට ලීවෙමු.
මුලින්ම මීගමුවේ දූපතේ කතන්දරය අවසානයේ නිමාවූයේ සනත් නිශාන්ත මිනිස්සුන්ට ඔක්සිජන් අවශ්‍ය නැතැයි කියන නරුමයකුගේ ලේබලය අලවා සමාජයෙන් ඉවත් කිරීමෙන් අනතුරුවය. ඔහුගේ මරණයේදී පවා බූරුවෙක්ගේ මරණයක් යැයි මිනිස්සු කතාකරන තත්ත්වයට පත්වුණේ මේ සිදුවීම් සමගය. නමුත් සැබෑ යථාර්ථය අනුව ගත්විට එය වෙනත් වුවමනාවක ප්‍රතිඵලයක අවසාන කතාව බවත් අප දුටුවේ, අප ඇසුවේ සැබෑ යථාර්ථය නොවන බවත් ඇතැම්හු සඳහන් කළහ. ඉන් දේවානිටද යම් චෝදනා කොටසක් එල්ල වූ අතර දේවානි එය කළාද නොකළාද, එය කාගේ හෝ අවශ්‍යතාවකට කළාද නැද්ද කියන එක සම්බන්ධව අප සතුව පැහැදිලි සාක්ෂි සහිත සඳහන් කිරීමක් නැත. නමුත් දේවානි එවෙලේ රජයේ ප්‍රබල අමාත්‍යවරයකු සමග නොබියව සටන් කළ බව පමණක් අප විශ්වාස කරමු. එය සිදුකළේ කාගේ හෝ වුවමනාවකට යැයි බොහෝ දෙනෙක් සඳහන් කළද එහි න්‍යායපත්‍රයක විශේෂතාව ගැන අප දන්නේ නැත.
පඬුකරඳ ගහේ කතන්දරයේදී නම් දේවානි නෝනාට එල්ල වූයේ සුළුපටු චෝදනාවක් නොවෙයි. පඬුකරඳ ගහ ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙරට ආ ඇය එසේ පෙරට ආවේ පඬුකරඳ ගහක් වෙනුවෙන් නොව අධිවේගී මාර්ගයේ ගමන නතර කොට සංවර්ධනය පමා කරන්නට යැයි ඇතැම්හු චෝදනා කළහ. එම චෝදනාවලින් බොහෝ කොටසක් සැබෑවක් යැයි හිතෙන තරමටම සමහර සිදුවීම් සිදුවෙද්දී දේවානි නෝනලාගේ පඬුකරඳ ගස් හතර අතින් මතුවෙන්නට විය. ඒ නිසාම පඬුකරඳ ගහ යනු මහා නරක වස්තුවක් නොවන බව සමාජයට පසක් විය. වනාන්තර සම්බන්ධව නිලධාරීන් නම් ඇත්තටම යථාර්ථය දැන සිටිය යුතුය. අප දියුණු වෙද්දී ඉදිරියට යද්දී බොහෝ දේ අතහැර දැමිය නොහැක. ආරක්ෂා කළ යුතු දේවල් ආරක්ෂා කළ යුතුය. නිතැතින්ම අප ඉන්නේද එවැනි තැනකය. නමුත් පඬුකරඳ ගහේ මහා නරක බව සඳහන් කරමින් අධිවේගී මාර්ගය සම්බන්ධයෙන් සිදුකළ පමාව දැන් තවමත් අධිවේගී මාර්ගය ඉදිකර ගැනීමට නොහැකි වන තැනින් කෙළවර වී තිබේ. ඒ නිසා මෙවැන්නක් යළි නොවැන්නට අප වග බලාගත යුතුයැයි සමහරු කියන තැනට ප්‍රශ්නය වෙනස් විය.
දැන් දේවානි නෝනා සමාජය ඉදිරියේ නගන පැනයක් තිබේ. ඒ, ඇයට ලැබිය යුතුව තිබූ තනතුරක් නොලැබෙන්නේ ඇයිද කියන කාරණාවය. මෙහිදී ඇය මේ ආණ්ඩුව වෙනුවෙන් හැකි පමණ කඩේ ගිය, මේ ආණ්ඩුව පත්කරන්නට හැකි පමණින් කටයුතු කළ බොහෝ න්‍යායපත්‍ර කටයුතුවලට සහාය දුන් කෙනෙකු බව සමාජ මාධ්‍ය ඇතුළේ සඳහන් කොට තිබේ. දේවානි නෝනා බොහෝ දේ සිදුකළේ තමන්ට තනතුරක් බලාපොරොත්තුවෙන් යැයි අප විශ්වාස නොකරමු. නමුත් මේ මොහොතේදී අවංක රාජ්‍ය නිලධාරිනියක ලෙස සේවය කළා නම් එම තනතුර ඇයට ලැබිය යුතුය. ඇය සිදුකරන ලද සේවය පිළිබඳ තර්කයක් ඇත්තටම අප සතුව නැත.
දේවානි නෝනා මේ සමාජය තුළ කතාබහට ලක්වන චරිතයක් බවට පත්විය. එසේ සමාජයේ කතාබහට ලක්වන චරිතයක් වූ ඇය ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරිනියක්ව සිටි ඇය රජයේ තනතුරුවලට නිසි සුදුසුකම් සපුරා ඇත්නම් ඇයට තනතුර නොදෙන්නට හේතුව කුමක්ද කියා අපද ප්‍රශ්න කරමු.
නමුත් ශ්‍රී ලංකාවේ බොහෝ දේ සිදුවන ක්‍රමවේදයක් තිබේ. පසුගිය ආණ්ඩු විසින් තමන්ගේ පක්ෂවලට හිතවත් අයට පමණක් තනතුරු ලබාදී තමන්ගේ පක්ෂවලට අකමැති අයට තනතුරු ලබා නොදීමට තරම් රාජ්‍ය සේවය පහළට ඇද දැමූ බව අපි කවුරුත් දන්නා යථාර්ථයකි. නමුත් එවැන්නක් යළි සිදු නොවේ යැයි විශ්වාස කරන මේ ආණ්ඩුවෙන් දේවානිට තනතුර නොදී සිටින්නේ ඇයිදැයි අපි දන්නේ නැත. දේවානි නෝනාට සුදුසු නම් තනතුර ලබා දෙන්න. දේවානි නෝනා තනතුර ඉල්ලා දුකෙන් පසුවන බව අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමාට කියන්න. දේවානි නෝනා ආණ්ඩුව වෙනුවෙන් කඩේ ගිය බව සමාජය විසින් කියන කාරණය ගැන පමණක් ඔහු දැනුවත් කරන්න.
දේවානි ඇත්තටම රජය වෙනුවෙන් කඩේ ගියාද? එහෙම නැත්තම් සමාජය වෙනුවෙන් කඩේ ගියාද? මහපොළොව ආරක්ෂා කිරීමේ දේවදූතියක්ද යන්න ඔබට දැන් අමතක වී ඇතැයි අපි විශ්වාස කරමු. හැබෑවටම දේවානි නෝනාට දෙවියෙක් යැයි කී මිනිස්සු දැන් චෝදනා කරන්නේ තනතුර ඉල්ලා හඬාවැටෙන අයකු යැයි කියාය. ඇත්තටම ඇය ලැජ්ජා නැති ගැහැනියක නොවන වග අපි විශ්වාස කරමු. ඇය අවංකවම මේ මහපොළොවට සේවය කළාද නැද්ද කියන එක වෙනම කතාවකි. ඇය සිදුකළේ න්‍යායපත්‍රික වගකීමක්ද නැද්ද කියන එක අප දන්නේ නැත. නමුත් තනතුරු ලැබිය යුතු නම් ලබාදිය යුතුය. යමක් ලැබිය යුතු නම් එය සුදුස්සාට ලබා නොදෙන්නට තරම් සාධාරණ හේතු නැත. ඔබ කුමන හේතුවක් නිසා එය ලබා නොදී සිටියද එය කිසිසේත්ම සාධාරණීකරණයට ලක්කිරීමට අපි එකඟ වන්නේ නැත.
මේ තත්ත්වය යටතේ බොහෝ විට මිනිස්සු මන්දෝත්සාහී වනු ඇත. තමන්ගේ කටයුතු සිදු නොකරන්නට ඔවුන් පෙළඹෙනු ඇත. තමන්ට ලැබිය යුතු තනතුරු ලැබෙන්නේ නැත්නම් මේ රාජ්‍ය සේවකයන්ට ලැබෙන ලබ්බක් නැත. රාජ්‍ය සේවකයා සේවිකාවක් ලෙස තමන්ගේ නමටද කැළැල් කොටගෙන තමන්ගේ තනතුර හැකි උපරිමයෙන් සිදුකොට රාජ්‍ය සේවකයා සමග හැප්පී ආණ්ඩුව වෙනුවෙන්ද කටයුතු කොට ආණ්ඩුව පත් කරන්නටද වැඩි දායකත්වයක් ලබාදුන් දේවානි නෝනාට මේ තනතුර ලබා නොදෙන්නේ ඇයිදැයි දැනගන්නට අපද කැමැත්තෙමු.
ජීවන පහන් තිළිණනොදෙන්නේ ඇයිදැයි දැනගන්නට අපද කැමැත්තෙමු.

ජීවන පහන් තිළිණ