මෙරට සමස්ත මත්පැන් භාවිත කරන්නන්ගෙන් 37%ක් පමණ නීති විරෝධී මත්පැන් භාවිතයට ගන්නා බව නවතම සමීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා පවසයි.Sri Lanka Latest News
කොළඹ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
මත්පැන් භාවිතය නුදුරේදීම මෙරට ආර්ථිකයට සහ සෞඛ්‍යයට බරපතළ අර්බුදයක් නිර්මාණය කරනු ඇති බවත්, තවදුරටත් ප්‍රමාද නොවී ඊට පිළියම් යෙදීමට වහාම මැදිහත් විය යුතු බවත් එහිදී ඔහු සදහන් කළේය.
මේ වනවිට ශ්‍රී ලංකාවේ හොර මත්පැන් භාවිතයේ 300%කින් පමණ ඉහළ ගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දී ඇති බව කී ඒ මහතා, ගෝලීය දත්ත වාර්තාවලට අනුව මෙරට මත්පැන් භාවිතය 95%කින් පමණ ඉහළ ගොස් ඇති බවත්, ඉන් හොර මත්පැන් භාවිතය 37%ක් පමණ වී ඇති බවත් ඔහු සඳහන් කළේය.
ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය දත්තවලට අනුව ලංකාවේ මත්පැන් භාවිතයෙන්ම වසරකට ලංකාවේ ඍජු හෝ වක්‍ර මරණ 15,000ත් 20,000ක් පමණ සිදුවන අතර, දිනකට පුද්ගල මරණ 40ත් 50ක් සිදුවන බවද ලේකම්වරයා සදහන් කළේය.










