• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යූ.ඇන්.පී.කාරයෝ බලා සිටි ප්‍රේමදාසලා – ගාමිණීලා යළි එකතු වීම වෙනවා! සජිත් එක්ක කරපු කතාව ගැන නවීන් කට අරී! Sri Lanka Latest News

January 10, 2026
in Exclusive
Reading Time: 3 mins read
A A
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වය යටතේ සන්ධානගත වීම සම්බන්ධයෙන් පසුගියදා පැවැති සාකච්ඡාවට එක්වූ එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපති නවීන් දිසානායක මහතා, හිරු ටීවී නාලිකාව සමග පැවැත්වූ කෙටි සාකච්ඡාවකදී පළකළ අදහස් පහත දැක්වේ.

ප්‍රශ්නය
මොනවද ඔබයි, රුවනුයි, අකිලයි, සජිත් ප්‍රේමදාස මහත්තයා හම්බවෙලා කතා කළේ?

නවීන් දිසානායක
කතා කළේ ඇත්ත වශයෙන්ම මේ පක්ෂ දෙක එකට වැඩකරන්නෙ කොහොමද කියන මතය.
ප්‍රශ්නය
මේ සාකච්ඡාව රනිල් වික්‍රමසිංහ මහත්මයා දැනුවත්ව කරපු සාකච්ඡාවක්ද?
නවීන් දිසානායක

පැහැදිලිවම.
ප්‍රශ්නය
මෙහෙම සාකච්ඡාවක් කරනවයි කියලා කවුද දැනගෙන හිටියේ?

නවීන් දිසානායක
මමයි, රුවනුයි, සජිතුයි, අකිලයි, නායකතුමයි.
ප්‍රශ්නය
මීට ඉස්සෙල්ලත් ඔය වගේ සාකච්ඡා තිබ්බනේ. ඒ සාකච්ඡාවල නොගත්තු, මේ සාකච්ඡාවේ ගත්තු තීරණ මොනවාද?
නවීන් දිසානායක

සජිත් ප්‍රේමදාස මහත්තයා අපිට කිව්වේ එතුමා මේවා මේ කරන්න කැමැතියි කෙළින් කතා කරලා, ගේම් ගහන්නේ නැතුව, පක්ෂ දෙක අතර විශ්වාසය ගොඩනගන එක. ඉතින් ඒකට තමයි මූලික වශයෙන් එතුමා අපි තුන් දෙනාව තෝරාගත්තේ කතාකරන්න. එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ පැත්තෙනුත්, එතුමා අපිව මෙතැනට එවන්නේ එකක් දක්ෂ, පළපුරුදු කට්ටියක්. මම දැන් අවුරුදු 20ක් පාර්ලිමේන්තුවේ ඉඳලා තියෙනවා. එතකොට එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහත්මයත්, ඒ වගේම එතුමාට විශ්වාසවන්ත පුද්ගලයෙක් වන අකිල විරාජ් මහත්මයාව.
ප්‍රශ්නය
එකතු වෙනවා නම් එකතු වෙන්නේ තනි පක්ෂයක් විදිහටද, නැත්නම් සන්ධානගතවද?
නවීන් දිසානායක

මගේ මොඩ්ල් එක ඇත්ත වශයෙන්ම එම්.ඕ.යූ. එකක්. අවබෝධතා ගිවිසුමක් අස්සන් කරන්න නායකයෝ දෙන්නා අතර ඉලෙක්ටොරල් පැක්ට් එකකට. ඒ කියන්නේ විශේෂයෙන්ම පළවෙනි මැතිවරණය එනවා නම් එන්නේ පළාත් සභා මැතිවරණය හෝ මහ මැතිවරණයක්. එතකොට අපිට දිස්ත්‍රික් මට්ටමේ තීරණය කරන්න පුළුවන් යූ.ඇන්.පී. එකට කී දෙනෙක්ද, සජබයට කීදෙනෙක්ද කියන එක. ඒක එක. දෙක, මේ ක්‍රියාවලිය ඉදිරියට ගෙනියන්න සාමූහිකව වැඩකරන්න පුළුවන් මැනේජ්මන්ට් කමිටි එකක්, ලීඩර්ෂිප් කවුන්සිල් එකක්. ඉතින් ඒකට එක්සත් ජාතික පක්ෂයෙන් හතර දෙනෙක් හෝ පස් දෙනෙක්, සජබෙන් හතර දෙනෙක් හෝ පස් දෙනෙක්. ඒගොල්ලන්ට ඕනෙනම් තනතුරු ටිකකුත් අපිට ක්‍රියේට් කරන්න පුළුවන්. පක්ෂ දෙකටම විශ්වාස කරන්න පුළුවන් මහලේකම් කෙනෙක්.
ප්‍රශ්නය
සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අදහස මොකක්ද ඒ ගැන?
නවීන් දිසානායක

මම දැක්කා සජබයෙ දෙන්නෙක් තුන්දෙනෙක් කියනවා සජිත් නායකයා විය යුතුයි මේ සන්ධානයේ. ඉතින් ඒක ඇත්ත වශයෙන්ම ප්‍රශ්නයක් නැහැ. මොකද සජබෙට තමයි වැඩි පිරිසක් ඉන්නේ, වැඩි ඡන්ද තියෙන්නේ. එක්සත් ජාතික පක්ෂය ඒක යථාර්ථයක් හැටියට පිළිගත යුතුයි.
ප්‍රශ්නය
ඒ කියන්නේ සජිත් නායකයා විදිහට පිළිගන්න ඔබතුමා සූදානම්?
නවීන් දිසානායක

ඔව්, පොදු සන්ධානයේ නායකයා හැටියට ඒක අපිට ගැටලුවක් නැහැ.
ප්‍රශ්නය
එතකොට රනිල් වික්‍රමසිංහ මහත්මයා?
නවීන් දිසානායක

එතුමා එක්සත් ජාතික පක්ෂයේ නායකයා හැටියට ඉන්න පුළුවන්.
ප්‍රශ්නය
ඒකට රනිල් වික්‍රමසිංහ මහත්මයා කැමැතිද?
නවීන් දිසානායක

මම හිතන්නේ දැන් වෙනසක් තියෙනවා එතුමාගේ. එතුමාට පේනවා මේ පොදු පාක්ෂිකයාගේ මතය මොකක්ද කියලා.
ප්‍රශ්නය
සමහරුන්ගේ මතයක් තියෙනවා රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ සැරෙත් ගහන ගැටයක්ද කියලා?
නවීන් දිසානායක
නැහැ, මම හිතන්නේ නැහැ ගැට ගහලා හැමදාම ඉදිරියට යන්න පුළුවන් කියලා.
ප්‍රශ්නය

රවී කරුණානායක මහත්මයා කියනවා භූතයෝ දෙන්නෙක් පක්ෂේ ඉන්නවා කියලා. කවුද භූතයෝ දෙන්නා?
නවීන් දිසානායක
මම හිතන්නේ රවී තමයි ඕක කිව්වේ. ඉතින් රවීගෙන්ම ඒක ඇහුවොත් හොඳයි.
ප්‍රශ්නය
ඔය එකතු වීමට වජිර අබේවර්ධන මහත්මයා, එතකොට සාගල රත්නායක මහත්තයා කැමැතිද?
නවීන් දිසානායක

ඇත්ත වශයෙන්ම ඒගොල්ලොත් එක තැනකට එන්න අවශ්‍යයි. මොකද මේ පක්ෂයේ බහුතරය කෘත්‍යාධිකාරී මණ්ඩලය එක තැනක ඉන්නවා නම්…
ප්‍රශ්නය
ඔවුන් මොන තැනද ඉන්නේ?
නවීන් දිසානායක

ඒක මං දන්නේ නැහැ. ඒක ඔවුන්ගෙන් අහන්න, මං ඒක දන්නේ නැහැ. පොහොට්ටුවත් එක්ක නම් අපිට ගමනක් යන්න බැහැ. පොහොට්ටුව කියන්නේ ඉතින් රාජපක්ෂලා. ඉතින් රාජපක්ෂලාත් එක්ක එහෙම ගමනක් යන්න, මහින්ද රාජපක්ෂ මහත්මයා තාමත් ඉන්නවා චරිතයක් හැටියට. ගොඩක් කට්ටිය කියනවා මේ පොහොට්ටුවත් එක්ක ගමනක් යන්න පුළුවන් කියලා. ගොඩක් කට්ටිය කියනවා බැහැ කියලා. නමුත් හැමෝම කියනවා යූ.ඇන්.පී. එකයි සජබයයි එකතු වුණොත් ගේම් එකක් ගහන්න පුළුවන් කියලා.

SendShareShare
Previous Post

ලංකාවෙ 35%ක් හොර අරක්කු බොනවා ! මරණත් වැඩිවෙලා ! Sri Lanka Latest News

Next Post

හරිනිට එරෙහිව දැවැන්ත විරෝධතාවක් පටන්ගන්න පෙරටුගාමීන් සූදානම් වෙයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News
Exclusive

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

Load More
රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!
Exclusive

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

මහබැංකුව සතුව තිබූ ඩොලර් සංචිතය මේ වනවිට ඩොලර් මිලියන 6800 සිට 6400 දක්වා අඩුවී ඇති බව හිටපු මුදල් අමාත්‍ය රවී...

Read more
ඩොලර් මිලියන 2ක අල්ලස! ශ්‍රී ලන්කන් හිටපු CEO කපිල යළි ඇතුළට!  I Sri Lanka Latest News

මැරිලා දවස් 76ක්! තාම මරණ පරීක්ෂණ වාර්තා නෑ! රස පරීක්ෂක වාර්තා නෑ! ෆෝන් එක අන්ලොක් කරගෙන නෑ! කපිල චන්ද්‍රසේනගේ විමර්ශන ගැන මහේස්ත්‍රාත් කනස්සල්ල පළ කරයි! I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.