ජපානයේ ෂිමනේ ප්‍රාන්තයට මැග්නිටියුඩ් 6.2 ක ප්‍රබලත්වයෙන් භූමිකම්පාවක් සිදුව තිබේ.Sri Lanka Latest News
එරට වේලාවෙන් අද උදෑසන 10.18ට පමණ මෙය හට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
චුගෝකු කලාපයට බලපෑ මෙම ප්‍රබල භූමිකම්පාව හේතුවෙන් තොට්ටෝරි ප්‍රාන්තයේ සකායි-මිනාටෝ, හිනෝ සහ කොෆු ප්‍රදේශවලට මෙන්ම ෂිමනේ ප්‍රාන්තයේ මත්සූ සහ යසුගි යන නගරවලට ද එහි ප්‍රබලත්වය දැනී ඇත.
මීට අමතරව, පෙරවරු 10:30 ට පමණ යසුගි ප්‍රදේශයෙන් තවත් භූමිකම්පාවක් වාර්තා වූ අතර එහි මැග්නිටියුඩ් අගය 5.1 ක් ලෙසත් සටහන් වී තිබුණි.
මෙම භූමිකම්පා සම්බන්ධයෙන් ජපාන කාලගුණ විද්‍යා ඒජන්සිය කිසිදු සුනාමි අනතුරු ඇඟවීමක් සිදුකර නොමැත.











