මෙවර මහමැතිවරණයේදී ජනතාව මෙතෙක් පැවැති පරණ, වියපත් මුහුණු වෙනුවට අලුත් මුහුණු ඉල්ලූ අතර මේ වනවිට සියලුම පක්ෂවලින් 63%ක ප්‍රතිශතයක් අලුත් මුහුණු පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇති බව හෙළිව ඇත.
ඒ අනුව පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරුන් 128ක් තේරී පත්ව ඇති අතර ඉන් 64ක්, එනම් හරි අඩක් (50%) නවක මුහුණුය.
සමගි ජන බලවේගයෙන් මන්ත්‍රීවරුන් 47ක් තේරී පත්වූ අතර ඉන් නවක මුහුණු ප්‍රමාණය 6කි. එය ප්‍රතිශතයක් වශයෙන් 13%කි.
ජනතා විමුක්ති පෙරමුණෙන් මන්ත්‍රීවරුන් දෙදෙනෙක් තේරී පත්ව සිටින නමුත් ඒ දෙදෙනාම අලුත් මුහුණු නොව වසර ගණනාවක්ම පාර්ලිමේන්තුව නියෝජනය කළ අයය.










