සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයන් සම්බන්ධයෙන් එම පක්ෂ නායකයන්ගේ විශේෂ සාකච්ජාවක් අද (08) සවස එම පක්ෂ කාර්යාලයේදී පැවැත්විණ.
මෙහිදී ජාතික ලයිස්තුව සම්බන්ධයෙන් ඇති කරගත් මූලික එකගතා පිළිබදව පක්ෂ නායකයන් වන පාඨලි චම්පික රණවක, මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන්, පලනි දිගම්බරම් යන මහත්වරුන් දීර්ඝ වශයෙන් සජිත් ප්‍රේමදාස මහතා සමග සාකච්ජා කොට තිබේ.
මැතිවරණයට පෙර මෙම පක්ෂ නායකයන් අතර එකගතාව තිබී ඇත්තේ ජාතික ලයිස්තුවේ පළමු ස්ථාන 6 සමගි ජන බලවේගයට ලබා දීමටත්, ඉන් අනතුරුව ලැබෙන ආසන සෙසු පක්ෂ අතරේ බෙදාහැරීමටත්ය.
ඒ අනුව පළමු ආසන 6 සමගි ජන බලවේගයට ලබාදී සෙසු ආසනය පිරිනමන පාර්ශ්වය සම්බන්ධයෙන් පිරිස සාකච්ජා කොට ඇත.
එම සාකච්ජාවේදී සමගි ජන බලවේගය පක්ෂය පිහිටුවීම සදහා පක්ෂය ලබා දුන් ඩයනා ගමගේ මහත්මිය වෙත පිරිනැමීමට සියල්ලන්ම එකගතාව පළ කොට ඇත.
ඒ අනුව සමගි ජන බලවේගයේ ජාතික ලයිස්තුව මෙසේය.
රන්ජිත් මද්දුම බන්ඩාර
තිස්ස අත්තනායක
ඉමිතියාස් බකීර් මාකර්
එරාන් වික්‍රමරත්න
හරින් ප්‍රනාන්දු
මයන්ත දිසානායක
ඩයනා ගමගේ










