කොහුවල සරණංකර පාර, බෝධියවත්ත ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමකින් ගැහැණු ළමයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News
පොලීසිය පැවසුවේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකු ඉලක්ක කර වෙඩි තැබීමක් සිදුකර ඇති අතර එය අසල නිවසක සිට අදාළ ළමයා වෙත එල්ල වී ඇති බවට සැක පලකරන බවය.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ මෙම ගැහැණු දරුවා ප්‍රතිකාර සඳහා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
මෙලෙස තුවාල ලබා ඇත්තේ 16 හැවිරිදි ගැහැණු ළමයෙකු බව සඳහන්ය.










