• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උදේ රේගු නිලධාරීන් හමුවූ අනුර දවල් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවෙයි! අපේක්ෂිත ආදායමට වඩා බිලියන 33ක් සොයා දුන්නාට ස්තූති කරයි! අවුරුදු 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රැස් කළ වැඩිම ආදායම! PHOTOS I Sri Lanka Latest News

December 30, 2025
in Exclusive
Reading Time: 9 mins read
A A
උදේ රේගු නිලධාරීන් හමුවූ අනුර දවල් දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරීන් හමුවෙයි! අපේක්ෂිත ආදායමට වඩා බිලියන 33ක් සොයා දුන්නාට ස්තූති කරයි! අවුරුදු 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රැස් කළ වැඩිම ආදායම! PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තු ඉතිහාසයේ රැස් කළ වැඩිම ආදායම වන රුපියල් බිලියන 2203ක ආදායමක් මෙවර උපයා ගැනීමට එම දෙපාර්තමේන්තුව සමත්ව ඇති බවත්, එය මේ වසරේ ආදායම් ඉලක්කයට වඩා රුපියල් බිලියන 33ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමක් බවත්, එය පෙර වසරේ උපයා ගත් ආදායමට සාපේක්ෂව 15%ක වර්ධනයක් බවත් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළාය.Sri Lanka Latest News

දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරිය මේ බව පෙන්වා දුන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) පෙරවරුවේ එම දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේදීය.

වසර 93ක දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉතිහාසය තුළ එම දෙපාර්තමේන්තුවට ජනාධිපතිවරයකු පැමිණි පළමු අවස්ථාව සනිටුහන් කරමින් අද පෙරවරුවේ එම දෙපාර්තමේන්තුව වෙත ගිය ජනාධිපතිවරයා 2025 වසරේදී ළඟා කරගත් ප්‍රගතිය සහ 2026 වසරේ නව සැලසුම් පිළිබඳ සොයා බලමින් කාර්ය මණ්ඩලය සමග හමුවකට එක් විය.

රජය අපේක්ෂා කළ ආදායම අභිබවා ඉහළ ආදායමක් ලබා දීම පිළිබඳව මෙහිදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සියලු කාර්ය මණ්ඩල වෙත ස්තූතිය පළ කළ ජනාධිපතිවරයා ඉදිරියටද සියලු දෙනා එකම අරමුණක් ඔස්සේ කටයුතු කරමින් රටට අවශ්‍ය ආර්ථික පරිවර්තනය සාක්ෂාත් කර ගැනීමට කැපවෙමු’යි සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේය.

බදු නොගෙවා සිටීමේ වරප්‍රසාදයක් කිසිවෙකුට හිමි නොවන අතර, පුද්ගල, ඥාති සහ දේශපාලන සබඳතා මත බදු සංස්කෘතිය ක්‍රියාත්මක වූ යුගය අවසන්ව ඇති බවත් සඳහන් කළ ජනාධිපතිවරයා බදු පැහැර හැරීම් සිදු කරන අයට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බවද අවධාරණය කළේය.

බදු අය කර ගැනීම මර්දනයක් හෝ බලහත්කාරයක් නොවන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එය රාජ්‍යයක හිමිකම බවත්, එම දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් නීති, අණපනත් සහ තනතුරු නාමවල මෙන්ම කාර්යමණ්ඩලවලද කළයුතු වෙනස්කම් සිදු කරන බවත් සඳහන් කළේය.

මෙම සියලු ආර්ථික ජයග්‍රහණවල ප්‍රතිලාභ රටේ ජනතාවට ගලා යාමට සැලැස්වීම රජයේ අරමුණ බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජන ජීවිතය ඉහළ නැංවීම වෙනුවෙන් අවශ්‍ය සේවා කාර්යක්ෂම කිරීමට රජය අවධානය යොමු කර තිබෙන බවත් ප්‍රවාහන පද්ධතියේ නව පරිවර්තනයක් සහ අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයන්හි දියුණුව වෙනුවෙන් අවශ්‍ය ප්‍රතිපාදන නොඅඩුව ලබා දීමට රජය කටයුතු කරන බවත් සඳහන් කළේය.

බදු සාක්ෂරතාව ඉහළ නැංවිම, බදු ක්‍රමයේ සරලභාවය සහ කාර්ය මණ්ඩල හිඟය පියවීම වැනි ගැටලු විසඳා ගනිමින් ආණ්ඩුවට හිමි විය යුතු බදු මුදල් නිසි ලෙස ලබා ගැනීමට ඉලක්ක සහගත වැඩපිළිවෙළක් ඔස්සේ කටයුතු කිරීමේ අවශ්‍යතාවද ජනාධිපතිවරයා මෙහිදී පැහැදිලි කළේය.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ලැබූ මෙම සාර්ථකත්වයට දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ වෘත්තීය නිපුණතාව සහ කැපවීම හේතු වූ බව දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය මෙහිදී වැඩිදුරටත් සඳහන් කළාය.

2026 වසර සඳහා රුපියල් බිලියන 2401ක ආදායම් ඉලක්කයක් ලබා දී ඇති බවත් බදු අනුකූලතාව ඉහළ නැංවීම සහ බදු පදනම පුළුල් කිරීම ආදී වැඩපිළිවෙළ මගින් එම ඉලක්කය සපුරා ගැනීමට අපේක්‍ෂා කරන බවත් ඇය සඳහන් කළාය.

එසේම 2026 වසරේදී තෙවන පාර්ශ්වීය දත්ත හුවමාරුව පුළුල් කිරීම, දෙස්-විදෙස් වත්කම් පිළිබඳවද පුළුල් ලෙස සොයා බැලීම, රැමිස් පද්ධතිය දෙපාර්තමේන්තුවට භාර ගැනීම, අවදානම් පාදක විගණනය ශක්තිමත් කිරීම, e ඉන්වොයිසිය හඳුන්වා දීම, බදු කටයුතු සඳහා නවීන තාක්ෂණය යොදා ගැනීම සහ බදු සදාචාරය ඉහළ නැංවීම වැනි කාර්යයන් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කළාය.

කම්කරු අමාත්‍ය සහ මුදල් සහ ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත ජයවීර යන මහත්වරු සහ දේශීය ආදායම් කොමසාරිස් ජනරාල් රුක්දේවී ප්‍රනාන්දු මහත්මිය ඇතුළු එහි ජ්‍යෙෂ්ඨ නිලධාරීහු සහ කාර්ය මණ්ඩලය මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2025-12-30

SendShareShare
Previous Post

විදුලි සැපයුමට කිසිම බාධාවක්ව නෑ! නොරොච්චෝලේ ජනක යන්ත්‍ර දෙකම ජනවාරියේ සිට යළි ක්‍රියාත්මකයි! විදුලිබල මණ්ඩලයෙන් නිවේදනයක්!  I Sri Lanka Latest News

Next Post

6 ශ්‍රේණිය ඉංග්‍රීසි භාෂා මොඩියුලයේ නුසුදුසු වෙබ් අඩවියක නමක් ඇතුළත් වෙලා! දැනටමත් මොඩියුලය මුද්‍රණය කොට අවසන්! බෙදාහැරීම වහාම අත්හිටුවයි! අධ්‍යාපන අමාත්‍යංශය CID යන්න ලෑස්ති වෙයි!  I Sri Lanka Latest News

MORE NEWS

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper