• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Business

දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය “ONE LOVE 2026” බෙන්තොට වෙරළේදී! NUWA Sri Lanka ප්‍රසංගයේ සමාරම්භය පිළිබඳ මාධ්‍ය දැනුවත් කරයි! Sri Lanka Latest News

December 22, 2025
in Business
Reading Time: 9 mins read
A A
දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය “ONE LOVE 2026” බෙන්තොට වෙරළේදී! NUWA Sri Lanka ප්‍රසංගයේ සමාරම්භය පිළිබඳ මාධ්‍ය දැනුවත් කරයි! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලාංකේය සංගීත සංදර්ශන ක්ෂේත්‍රයට නවමු අත්දැකීමක් එක් කරමින් දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගය වන ‘’ONE LOVE 2026 – A Tribute to Bob Marley” 2026 මාර්තු 27 සිට 29 දක්වා ආකර්ෂණීය බෙන්තොට වෙරළ තීරයේදී පැවැත්වීමට නියමිතය. සංගීත ප්‍රසංගය දින 3ක් පුරා පැවැත්වෙනු ඇති අතර ඒ සෑම දිනකම සවස 6ට සංදර්ශනය ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත. දකුණු ආසියානු කලාපය තුළ ගෝලීය රෙගේ සංගීත සංස්කෘතියේ ඓතිහාසික සැමරුමක් සනිටුහන් කරන එම සුවිශේෂී ප්‍රසංගය පිළිබඳව නිවේදනය කිරීම හා මාධ්‍ය දැනුවත් කිරීම පසුගියදා කොළඹ සුඛෝපභෝගී සංචාරක නවාතැන වන NUWA Sri Lanka හිදී පැවැත්විණ.Sri Lanka Latest News

මෙම අවස්ථාව සඳහා ජාත්‍යන්තර කීර්තියට පත් රෙගේ කලාකරුවන් 6 දෙනෙකු සහභාගී වීමට නියමිතය. එය ආසියාවේ මෙන්ම පැසිෆික් කලාපය තුළ මෙතෙක් අත්විඳ ඇති රෙගේ හැකියාවන් සියල්ල එකම තැනකදී නැරඹිය හැකි විශාලතම අවස්ථාව බවටද පත් වනු ඇත. මීට සහභාගී වන කලාකරුවන් අතරට,

  • Maxi Priest – The “Prince of Reggae”
  • The Wailers
  • Julian Marley සහ Ky-Mani Marley රෙගේ නිර්මාතෘ Bob Marley ගේ පුතණුවන් 
  • Inner Circle
  • Big Mountain ඇතුළත් වේ.

ඊට අමතරව ජාත්‍යන්තර සංගීත ශිල්පීන් 4 දෙනෙකුද මෙම ප්‍රසංගයේදී සිය දක්ෂතා ප්‍රදර්ශනය කරනු ඇති අතර සෑම දිනකම රෙගේ කලාකරුවන් දෙදෙනෙකු ප්‍රසංග වේදිකාවට එක් වනු ඇත. ඒ අනුව

මාර්තු 27 – The Wailers සහ Maxi Priest

මාර්තු 28 – Inner Circle සහ Big Mountain

මාර්තු 29 – Julian Marley සහ Ky-Mani Marley ලෙස කලාකරුවන් ප්‍රසංග වේදිකාව වර්ණවත් කරනු ඇත.

මෙම ප්‍රසංගයේ සුවිශේෂීත්වය නිසාම රෙගේ සංගීතයට ප්‍රිය කරන ඉන්දියාව, මාලදිවයින, බංග්ලාදේශය යන රටවල සංචාරකයින් සහ බටහිර සංචාරකයින් ඇතුලු දහස් ගණනක ශ්‍රී ලාංකේය රසිකයින් මෙම ප්‍රසංගය දැකබලා ගැනීමට පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරයි.

යුරෝපයේ සහ කොළඹ මූලස්ථානය පිහිටා ඇති ශ්‍රී ලංකාවට අයත් One In A Million Entertainment Ltd. විසින් Caribbean Entertainment හි සහයෝගය ඇතිව සංවිධානය කරනු ලබන මෙම ප්‍රසංගය Shaggy, Diana King, Maxi Priest, සහ Big Mountain වැනි ගෝලීය කලාකරුවන් ශ්‍රී ලංකාවට ගෙන ඒමේ උත්සාහයක ප්‍රතිඵලයක් ලෙසද සඳහන් කළ හැකිය.

මෙම අවස්ථාවට තවත් ආකර්ෂණයක් එක් කරමින් 2024 සංගීතමය නාට්‍යයේ ප්‍රධාන නළුවා ලෙස කටයුතු කළ Kingsley Ben-Adir සහ එහි අධ්‍යක්ෂ Reinaldo Marcus Green ද එක්වනු ඇත.

පෙබරවාරි 6 වැනි දිනට යෙදී ඇති බොබ් මාලේගේ 81 වන උපන් දින සැමරුමට සමගාමීව පවත්වනු ලබන මෙම සංගීත ප්‍රසංගය රෙගේ සංගීත සංස්කෘතිය හා සංගීතමය වැදගත්කම තව දුරටත් ඉහළ නංවනු නිසැකය. ප්‍රසංගය සඳහා දිනකට රු. 10,000ක මුදලකට සාමාන්‍ය ටිකට්පතක් අලෙවිවන අතර VIP ටිකට්පතක් රු. 50,000කට අලෙවි කිරීමට නියමිතය. මීට අමතරව දින 3හිම සංගීත ප්‍රසංග රසවිඳීමට කැමති රෙගේ සංගීත ලෝලීන්ට දින 3 සඳහාම සාමාන්‍ය ටිකට්පත් රු. 25,000කටත්, VIP ටිකට්පත් රු. 100,000ටත් ලබා ගැනීමේ විශේෂ අවස්ථාවද උදා කර දී තිබේ.

මෙම ප්‍රසංගය සඳහා වන ටිකට්පත් අලෙවිය තුලින් ලැබෙන ආදායමෙන් කොටසක් ශ්‍රී ලංකා ඉන්දියානු සංස්කෘතික සංගමය විසින් පවත්වාගෙන යන ළමා නිවාසයන්හි ජල පවිත්‍රකරණ ව්‍යාපෘතියට පරිත්‍යාග කිරීමට නියමිතය. එසේම One Love Festival ජැමෙයිකාවේ පුණ්‍ය කටයුතු සඳහා සහාය වීමේ අරමුණින් Bob and Rita Marley පදනම සමඟද කටයුතු කරනු ලබයි. 

මෙම අවස්ථාව සඳහා රෙගේ කලාකරුවන් සහ කාර්ය මණ්ඩලය ලෙස 70ක පමණ පිරිසකගෙන් සමන්විත ජාත්‍යන්තර දූත පිරිසක් එක් වන අතර ඔවුන්ට සත්කාරකත්වය ලබා දීමට Melco Resorts & Entertainment ට අයත් ශ්‍රී ලංකාවේ සුවිශේෂී සුඛෝපභෝගී සංචාරක නවාතැන වන කොළඹ NUWA Sri Lanka කටයුතු කරනු ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් City of Dreams Sri Lanka හි උප සභාපති සහ දේපොල සාමාන්‍යාධිකාරී මයිකල් හබාෂි මහතා “දකුණු ආසියාවේ ප්‍රථම රෙගේ සංගීත ප්‍රසංගයේ සත්කාරක සහකරු බවට පත් වීමට හැකිවීම පිළිබඳව City of Dreams Sri Lanka ඉතා සතුටට පත් වනවා. කොළඹ සුවිශේෂී විනෝදාස්වාද කේන්ද්‍රස්ථානය  ලෙස කොළඹ නගරයේ සංස්කෘතිය හා කලාත්මක හැකියාවන් ඉහළ නැංවීමට අපි කැපවී කටයුතු කරනවා. ලෝක ප්‍රකට රෙගේ කලාකරුවන් ශ්‍රී ලාංකේය වේදිකාවට ගෙන ඒම තුලින් නිර්මාණශීලීත්වයට හා කලාවන්ට සහාය වීම සහ ශ්‍රී ලංකාවට ගෝලීය වශයෙන් සුවිශේෂී අත්දැකීම් ගෙන ඒම සඳහා අපගේ කැපවීම මනාව පිළිබිඹු වනවා.”යනුවෙන් පැවසීය. 

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ත්‍රීවීල් චණ්ඩි ඇල්ලට පික්මී තහනමක් දමයි! පොලිසියත් ෆුල් සපෝට්ලු! VIDEO I Sri Lanka Latest News

Next Post

ගම්පොළ සොහොනක් නාය ගිහින් මාසෙකට කිට්ටුයි! මළමිනී තවමත් මහපාරේ! බලධාරීන්ට කිව්වට සතපහකට ගණන් අරන් නෑ! Sri Lanka Latest News

MORE NEWS

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News
Business

මාස්ටර්ස් හොකී ලෝක කුසලානයට ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් තුනක්! Sri Lanka Latest News

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News
Business

ලෝක ටෙනිස් කුසලානය ලබන සතියේ කොළඹ දී පැවැත්වේ! Sri Lanka Latest News

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News
Business

BOC Flex Tap & Pay  ඩිජිටල් ගෙවීම් ක්ෂේත්‍රයේ නව යුගයක් සනිටුහන් කරයි! Sri Lanka Latest News

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News
Business

මාතලේ ශාන්ත තෝමස් විදුහලේ ආදී ශිෂ්‍ය සංගමයේ කොළඹ ශාඛාවේ 37 වන වාර්ෂික මහා සභා රැස්වීම ජූලි 25 ! Sri Lanka Latest News

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News
Business

ශ්‍රී ලාංකේය නාගරික ගමනාගමන ක්ෂේත්‍රය නැවුම් මාවතකට යොමු කරමින් MIWAYS ජනගත කෙරේ: වාර්තාගත කාලයක් තුළ පූර්ව ලියාපදිංචි මගීන් සහ රියදුරන් 25,000 ක්! Sri Lanka Latest News

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News
Business

මීරිගම රෝහලට ශක්තියක් වන්නට බ්‍රැන්ඩික්ස් වෙතින් ECG යන්ත්‍රයක්! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.