• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නතාෂා කියන්නේ හරිම Simple කෙනෙක්! මට පොඩි Break එකක් ඕනෙ කියල හිතුණා! ජනප්‍රියත්වය කියන දේ තාවකාලිකයි! අඩුම ගානේ ෆෝන් එකක්වත් ඇල්ලුවේ නැහැ! නතාෂා පෙරේරා I Sri Lanka Latest News

December 20, 2025
in Heart
Reading Time: 3 mins read
A A
නතාෂා කියන්නේ හරිම Simple කෙනෙක්! මට පොඩි Break එකක් ඕනෙ කියල හිතුණා! ජනප්‍රියත්වය කියන දේ තාවකාලිකයි! අඩුම ගානේ ෆෝන් එකක්වත් ඇල්ලුවේ නැහැ!  නතාෂා පෙරේරා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘සුළඟක් වී මං යනවා’ ගීතය ඇහෙද්දි අදටත් කාගෙත් මතකයට එන්නේ ඒ ජනප්‍රිය ගායන තරුවයි. තවත් විදියකට කියනවා නම් ආකර්ෂණීය රංගන ශිල්පිනියි. නිවේදිකාවයි.
ඇය නතාෂා පෙරේරායි. අපත් සමග කතාබහකට ඇය අද ‘හාට්’ වෙත ගොඩවැදුණේ මේ විදිහටයි.Sri Lanka Latest News

ඉතින් නතාෂා කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල රටේ තත්ත්වයත් එක්ක පොඩ්ඩක් වැඩකටයුතු නවත්තලා තියෙන්නේ. ලංකාවට ඇවිල්ලත් දැන් ටික දවසක් වෙනවා. අලුත් නිර්මාණ කිහිපයක් කරන්න බලාපොරොත්තුවෙනුත් ඉන්නවා. ඒ වැඩකටයුතුත් එක්ක තමයි හිටියේ ව්‍යවසනය වෙනකොට.
ළඟදී අලුතෙන් කවර් සෝන්ග්ස් කිහිපයක් කළානේ. අපි ඒ ගැනත් කතා කරමු?
ඔව්. කාලෙකට පස්සේ මම අවුරුද්දකට වැඩි කාලයක් මේවගෙන් ඈත්වෙලා හිටියා. ඊට පස්සේ ලංකාවට ආවට පස්සේ තමයි නැවතත් මම ආස අලුත් දේවල් කරන්න හැකියාව ලැබෙන්නේ. ඒකට තමයි මම කවර් සෝන්ග්ස් කීපයක් කළේ. ඉතින් දැනට නම් ගීත දෙකක් රිලීස් කරලා තියෙනවා. ඉදිරියටත් තව එන්න තියෙනවා.
‘නුඹට දුන්නු ආලේ’ ගීතයට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඇත්තටම මම හිතුවටත් වඩා හොඳ ප්‍රතිචාර තියෙනවා. මොකද මම කාලයක් ඈත්වෙලා හිටියනේ. ඒ නිසා මාව අමතක වෙලා කියලාත් හිතුවා. නමුත් ලැබෙන ප්‍රේක්ෂක ප්‍රතිචාරවලින් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ඉතින් හැමදාමත් මට ඒ වගේ ආදරේ කරනවට ස්තුතියි කියල තමයි කියන්න තියෙන්නේ.


ඇයි ඔබ මේ ක්ෂේත්‍රයෙන් ඈත්වෙලා හිටියේ?
මට පොඩි බ්‍රේක් එකක් ඕනෙ කියල හිතුණා. ඒක පෞද්ගලික හේතුවක් නිසා තමයි මම ඒ වගේ ලොකු තීරණයක් ගත්තේ. සමාජ මාධ්‍යවලින් විතරක් නෙවෙයි මම ෆෝන් එක පාවිච්චි කළෙත් නෑ. ෆෝන් එක පාවිච්චි කරන එක පවා මම නැවැත්තුවා. එය සිදුකළේ මම ඔස්ටේ්‍රලියාවලදී. හැබැයි ඒක හොඳ අත්දැකීමක් වුණා මට.
‘සුළඟක් වී මං යනවා’ ගීතය කාලය ඉක්මවා ගියත් අද ඒ ගීතය ඔබට දැනෙන්නෙ කොහොමද?
දැනට අවුරුදු 22ක් ඉවරයි ඒ ගීතයට. ඉතින් අදටත් කතාකරන්නෙ ඒ ගීතය ගැන. ඉතින් ඒ කාලෙයි අදයි ගත්තම සෑහෙන දේවල් වෙනස් වෙලා. ලෝක ස්වභාවයට අනුව ගොඩාක් දේවල් වෙනස් වෙනවා. නිර්මාණයක් විදියට ගත්තම ඒ නිර්මාණයට තියෙන ආදරය තාමත් තියෙනවා.
නැවත රංගන ක්ෂේත්‍රයට එන්න බලාපොරොත්තුවක් තියෙනවද?
මම ඔස්ටේ්‍රලියා යන්න කලිනුත් මට ආරාධනා ලැබුණා. මම ලංකාවෙන් පිට හිටිය නිසා මට ඒවා කරන්න බැරි වුණා. බලමු ඉදිරියේදී. හොඳ නිර්මාණයකට දායක වෙන්න ආසාවක් තියෙනවා.
ජනප්‍රියත්වය කියන දෙය ඔබ භාරගන්නේ කොහොමද?
ජීවිතේ හැම දෙයක්ම වගේම ඒකත් ඉතාම තාවකාලික දෙයක්.කවදාකවත් තමන් ලෝකයේම උඩින්ම ජනප්‍රිය කෙනෙකු වුණත් ඒක හැමදාම තියෙන දෙයක් නෙවෙයි. ඒක ඇතිවෙනවා වගේම ඒක නැති වෙනවා.
ප්‍රේක්ෂකයන්ගෙන් ලැබෙන ආදරයට ප්‍රතිචාර දක්වන්නේ කොහොමද?
හැමදාමත් වගේ මම අවුරුදු විසිදෙකකට වඩා කාලයක් ක්ෂේත්‍රයේ ඉන්නවා. කාලෙන් කාලෙට ලබාදෙන නිර්මාණ හැම දෙයක්ම ආදරයෙන් භාරගත්තා, භාරගන්නවා අදටත්. ඇයි මම නිර්මාණ කරන්නේ නැත්තෙ, ඇයි දැන් සින්දු කියන් නැත්තේ අහනවා. ඉතින් මම ඒ හැමෝටම ගොඩාක් ආදරේ කියලත් කියනවා. ප්‍රේක්ෂකයන් රසිකයන් ඉන්න තාක්කල් අපි මේ ක්ෂේත්‍රයේ ඉන්නවා. ඒවගේම ඔවුන් අපිව ප්‍රතික්ෂේප කළාම අපි රැඳෙන්නෙ නැහැ. ඒක තේරුම් අරගෙන ඔවුන් වෙනුවෙන් නිර්මාණ කරනවා. ඔවුන් වෙනුවෙන් ලස්සන දේවල් දෙන්න තමයි ආස. මම ගොඩාක් ස්තුතිවන්ත වෙනවා මට ආදරය කළ හැමෝටම. වචනෙකින් හරි මාව ධෛර්යයවත් කළාට ස්තුතියි.
නතාෂා කියන්නේ කොහොම චරිතයක්ද?
නතාෂා කියන්නේ හරිම සරල කෙනෙක්. මම ජීවිතේ ආසා දේවල් තියෙනවා. නමුත් ඉතාම සරලව, තව කෙනෙක්ට කරදරයක් නොවෙන්න ඉන්න කැමැති කෙනෙක්.
ඔබේ සැමියාගෙන් ලැබෙන සහයෝගය කොහොමද?
අපි කොහොමත් ක්ෂේත්‍රයේ නිර්මාණය කළේ වෙන වෙනම. මට ලොකු නිදහසක් දීලා තියෙනවා. මම හිතන්නේ ඒක තමයි ලොකුම සහයෝගය.
ඔබ දෙදෙනාගෙන් අලුත් ගීතයක් අපිට නැවත අහන්න පුළුවන් වෙයිද ළඟදිම?
ඒකනම් කියන්න බැහැ. මගේ අලුත් නිර්මාණයක් ගංවතුරට කලින් කරමින් හිටියේ. නමුත් ඒකෙ වැඩ ටිකක් අඩාළ වුණා. ඒකෙ වැඩ පටන් ගන්න තමයි හිතන් ඉන්නේ.

හිමාෂි මධුවන්ති සේනාරත්න

SendShareShare
Previous Post

නාමල්ට බාල්දිය පෙරළුවේ මාලිමාවෙන්! Sri Lanka Latest News

Next Post

දැනෙන දෙයක් කරන්න පුළුවන් දේවල් මට විශේෂයි…! අම්මෝ ඒ ගැන කතා කරලා වැඩක් නැහැ…! ලෝචනා ඉසුරින්දි I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.