ලොව කොරෝනා මරණ ප්‍රමාණය අද (06) වනවිට ලක්ෂ 7 ඉක්මවා ගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
එහිදී සෑම තත්පර 15කට වරක් ලොව කොතැනකදී හෝ කොරෝනා වයිරසය මගින් ජීවිතයක් බිලිගන්නා බව එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.
මේ වනවිට ලෝක ජනගහණයෙන් එක්කෝටි අසූහය ලක්ෂයකට කොරෝනා වැළදී ඇති බවද එම මාධ්‍ය වාර්තා අනාවරණය කරයි.










