තමන් යළි මැතිවරණ කොමිෂන් සභාවේ සිට මාධ්‍ය සාකච්ජාවක් තැබීමට අදහස් නොකරන බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය සඳහන් කර සිටියේය.
මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මෙසේ කියා සිටියේ “සියලු දෙනාට බොහොම ස්තූතියි. මම නැවතත් මෙම ස්ථානයේ සිට මාධ්‍ය සාකච්ඡාවක් තියන්නේ නැහැ” යනුවෙනි.
ඔහූ මෙලෙස ඉඟි කර සිටියේ මෙම මැතිවරණයෙන් පසු ඔහු සිය ධුරයෙන් විශ්‍රාම යන බවයි.
මීට අමතරව තමන්ගේ රාජකාරී ඉතිහාසය සම්බන්ධයෙන්ද මෙහිදී දේශප්‍රිය මහතා අදහස් පළ කළේය.










