‘කිකිළි’ කිව්වොත් ඔබගේ හිතට මැවෙන රූපය ඇයයි. පුංචි පැංචි හරහා කලාවට පිවිසි ඇය මේ වනවිට පුංචි තිරයේත්, සිනමාවේත් සුවිශේෂ චරිතයක් බවට පත්වෙලා. මේ දිනවල විකාශය වන ටෙලිනාට්‍යයක මේරි චරිතය හරහා ඔබට සමීප වන දීල් මිහිරාජ් සමගයි මේ කතාබහ. Sri Lanka Latest News
මේ දවස්වල කිකිළිට හරි ඉල්ලුම නේද?
අම්මෝ ඔව්. දකින හැමෝම කිකිළි කියලා කතා කරන්නේ.
ඉතින් මහත බාධාවක් නෙවෙයිද රංගනයට?
අපෝ නැහැ. මගේ මහත මගේ කලා දිවියට ආභරණයක්. මගේ රංගන කටයුතුවලට ලොකු ආලෝකයක් වුණා මගේ පෙනුම. මට චරිත හැදෙන්නේ මගේ මහතට ආරාධනා කරන නිර්මාණවලින්. මට කියන්නෙත් කෙට්ටු වෙන්න එපා දැන්ම කියලා තමයි. ඉතින් භාරගත්ත වැඩකටයුතු නිසා මට මොනවත් කරන්න බැරි තරමට. ඉදිරියේදී ඉතින් වෙනසක් දකීවි.
දීල් කලාවට සම්බන්ධ වෙන්නේ කුඩා අවධියෙන්?
ඔව්. පුංචි පැංචි වැඩසටහනට පසු කතන්දර හැන්දෑව වැඩසටහන කළා. මගේ පළමු සිනමා රංගනය අඟර දඟර චිත්‍රපටය තමයි. පසුව ඉතින් ටෙලිනාට්‍ය, චිත්‍රපට රැසකට සම්බන්ධ වුණා.

මේ දවස්වල මේරිට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
මගතොටදී කියන්නේ මම නිසාම 24 ලව් ඩ්‍රාමා එක බලනවා කියලා. හිනාවෙලා, ලේ ටික පිරිසිදු කරගන්න කියලා. එහෙම දේවල් අහන්න ලැබෙනකොට මටත් ගොඩක් සතුටුයි.
එතකොට කිකිළි නම පටබැඳුණේ කොහොමද?
මගේ පෙම්වතා ආශ් පෙරේරා. ඔහුගේ සින්දුව කිකිළි. මම ඒකේ මියුසික් වීඩියෝ එකේ රඟපෑවා. එදායින් පස්සේ මාව දකින හැමෝම මට කිකිළි කියලා තමයි කතාකරන්නේ. තවත් සමහරු මම නිරූපණය කරපු චරිත හරහා නම් හදාගෙන කතා කරනවා. ජින්ජි පටස් කියලත් කියනවා.
පාසල් ආදරය සෑහෙන දුරක් ආවා නේද?
අපේ ආදර කතාවට අවුරුදු 15ක් විතර වෙනවා. මට ඔහුව ශක්තියක්. මගේ කලා කටයුතුවලට ලොකු සහායක් දෙනවා. ඔහුගේ මගපෙන්වීම යටතේ තමයි මම අද මේ තැන ඉන්නේ.
ඔබට ප්‍රවීණ ශිල්පීන් සමග ගමන ආරම්භයේ සිට එකට ගනුදෙනු කරන්න ලැබුණා?
අනේ එය මට වාසනාවක්. ප්‍රවීණ අයගෙන් මට ලැබුණු සහායක්. සමහරු කියනවා ප්‍රවීණ අයගෙන් කැපිල්ල කියලා. ඒත් මට කවදාවත් එහෙම වෙලා නැහැ. මට ලැබුණේ ඔවුන්ගෙන් ආදරය විතරයි.
ඔබේ ශරීර පෙනුම ඉදිරියේදී වෙනසක් කරගන්න අදහසක් නැද්ද?
පසුගිය කාලේ ජිම් එකට සල්ලි ගෙව්වට යන්න කාලයක් තිබුණේ නැහැ. භාරගත් වැඩකටයුතු නිසා. හැබැයි ඉතින් චරිත වෙනසක් දකින්නත් එක්ක ඒ වෙනුවෙන් ලොකු වෙනසක් කරන්න හිතාගෙන ඉන්නවා. මම මේ තරම් මහත් වුණේ එහෙම කාලා බීලා නෙවෙයි. මම එහෙම වැඩිය කන බොන කෙනෙක් නෙවෙයි.
වසන්ත විතාරණගේ











