• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

වෙනස් දේවල් කරන්න ලොකු ආසාවක් තියෙනවා….! නර්තනය මගේ ඇඟේ කොටසක්…! ඒකෙන් මට මැරෙනකල්ම ගැළවෙන්න බැරිවෙයි…! රුක්ශානා දිසානායක I Sri Lanka Latest News

December 13, 2025
in Heart
Reading Time: 3 mins read
A A
වෙනස් දේවල් කරන්න ලොකු ආසාවක් තියෙනවා….! නර්තනය මගේ ඇඟේ කොටසක්…! ඒකෙන් මට මැරෙනකල්ම ගැළවෙන්න බැරිවෙයි…! රුක්ශානා දිසානායක I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කලාව මියෙන්නේ නැත. කලාකරුවා සිටින තාක්කල් කලාවට නව ජීවයක් මුසුවේ. ශ්‍රී ලාංකීය රංගන ක්ෂේත්‍රය තුළ ප්‍රබලත්වයෙන් යුත් රංගනයෙන් කලාකෙත පෝෂණය කරමින් ටෙලිනාට්‍ය කලාව ඔස්සේ ටෙලි තිරය අතික්‍රමණය කිරීමට හැකිවීම භාග්‍යයක්. ටෙලි තිරය හරහා රංගනයට අවතීරණ වෙමින් මියුසික් වීඩියෝ හරහා ප්‍රේක්ෂක ආදරය හා ප්‍රතිචාර නොඅඩුව ලබමින් කලා ලොව හැඩ කළ දක්ෂ රංගන ශිල්පිනියක් අද අපිත් එක්ක කතාබහට එකතු වෙනවා. ඇය නමින් රුක්ශානා දිසානායක. මේ ‘මව්රට’ ‘හාට්’ ඇය සමග කළ කතාබහේ පෙළගැස්මයි.Sri Lanka Latest News

ඉතින් රුක්ශානා මේ දවස්වල ජීවිතේ ගෙවෙන්නෙ කොහොමද කිව්වොත්?
මේ දවස්වල විකාශනය වෙන ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා තියෙනවා. ඊට අමතරව තව අලුත් ටෙලිනාට්‍ය තුනක් විතර කළා. ඒවත් එක්ක තමා මේ දවස්වල ජීවිතේ ගෙවිලා යන්නෙ. වේදිකා නාට්‍ය දෙකකට සම්බන්ධ වෙලා තියෙනවා, නර්තන වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඔය විදියට ඉතින් සරලව වැඩ ටික කරගෙන යනවා
ඔබ නිළියක් වෙන්න බලපෑ ප්‍රධානතම හේතුව ගැන ඇහුවොත්?
ඇත්තටම මට ගොඩක්ම මගෙ ටර්නින් පොයින්ට් එක වුණේ ජාතික තරුණ සේවා සභාවේ මගේ ගුරුතුමා ලලිත් වසන්ත සර්. මගේ ජීවිතේ මට හම්බවෙච්ච හොඳම ගුරුවරයා සහ මම මේ තත්ත්වයේ ඉන්නව නම් ලලිත් වසන්ත මහත්මයා සහ උපුල් නිශාන්ත මහත්මයා නිසා තමයි. ඉතින් ඒ නිසා එයාව මතක් කරන්න ඕනි ගොඩක් ආදරයෙන්. ඊට අමතරව අම්මා, තාත්තා ගෙදර අය මට ගොඩාක් උදව් කරනවා. ප්‍රියන්ත ලලිත් මහත්තයා හරහා තමයි ඉතින් මම ක්ෂේත්‍රයට ආවේ.

ඇත්තටම වර්තමානයේ ඉතාමත් හොද ටෙලිනාට්‍ය බිහිවෙනවා. ඒ කියන්නෙ එක එක කන්සෙප්ට්, එක්ස්පෙරිමන්ට් කරනවා, අත්හදාබැලීම් කරනවා. ඒ ගැන සතුටු වෙන්න ඕනෙ. ඉස්සර වගේ රාමුවකට කොටුවෙලා නැතුව අලුත් නිර්මාණ බිහිකරන්න වෑයමක් තියෙනවා කියලා ඇත්තටම පේනවා. ඉතින් ඒක ඇත්තටම හොඳ තත්ත්වයක්. මං හිතනවා ඉස්සරහට තව තව අත්දැකීම්වලින් සහ වෙනස් ආකාරයේ නිර්මාණ බිහිවෙයි කියලා.

ඔබ සෑම විටම උත්සාහ කරන්නේ මොන විදියේ චරිත කරන්නද?
සීමාමායිම් කිහිපයක් තියෙනවා. විශේෂයෙන් මගේ පෞද්ගලික ජීවිතයට හානි නොවන දේවල් කරන්න හැම විටම මං වගබලාගන්න ඕනෙ. නමුත් නිර්මාණාත්මක පැත්තෙන් සහ චරිතය පැත්තෙන් එහෙම දේවල් මම සාමාන්‍යයෙන් හිතන්නෙ නැහැ. අභියෝගාත්මක චරිත වෙනස් ආකාරයේ චරිත භාරගන්න මගේ ලොකු අවශ්‍යතාවක් කැමැත්තක් තියෙනවා.

රංගනයට අමතරව ඔබ නර්තන කටයුතුවලට දායක වෙනවා?
ඇත්තටම නර්තනය කියන්නේ මගේ ජීවිතයේ කොටසක් වගේ. මම විශ්වවිද්‍යාලය තුළත් හැදෑරුවෙ නර්තනය තමයි. ඉතින් මම ඒ කලාවට ගොඩක් ආදරෙයි. මම හැමතිස්සෙම නර්තනය පැත්තෙන් මොනවා හරි දෙයක් දරුවන්ට උගන්වන්න, ඒ වගේම අලුත් දේවල් ටිකක් කරන්න තමා උත්සාහ කරන්නේ. නර්තනය ගැන කතා කළොත් ඉතින් ඒකෙන් මට මැරෙනකම්ම ගැළවෙන්න බැරිවෙයි. මම ඒ තරම්ම ආසයි, ආදරෙයි රංගනයට වගේම නර්තනයටත්.
කැමැතියි ඔබේ ජීවිතයේ ඔබට ඇති අමතක නොවන සිදුවීම් සහ සොඳුරු හමුවීම් පිළිබඳ කතා කරනවා නම්?
ඔව් එහෙම ඒවා තියෙනවා. ඉතින් අමතක නොවන සිදුවීම් ටෙලිනාට්‍යවලින් ගොඩක් ලැබිලා තියෙනවා. මෙඩිසිනා වගේ හාස්‍යෝත්පාදක ටෙලිනාට්‍ය තුළ අමතක නොවන අත්දැකීම් ගොන්නක් තියෙනවා. ඒ වගේ විවිධ ආකාරයේ දේවල් තියෙනවා. ඉතින් හැම නාට්‍යයකින්ම වගේ ජීවිතයට අත්දැකීම් එකතු වෙනවා.
නළු නිළියන්ට සමාජ මාධ්‍ය තුළින් දැන් විවිධ චෝදනා එල්ල වෙනවා. ඉතින් ඔබටත් එවැනි චෝදනා හා බාධා එල්ල වෙලා තියෙනවාද?
මට නම් ඇත්තටම එහෙම චෝදනා එල්ල වෙලා නැහැ. ඒ කියන්නේ ඇත්තටම චෝදනා කියල එහෙම කවුරුත් ගොඩක් අර මට එහෙම එක එක දේවල් කියලා සමාජ මාධ්‍යවල මඩ ගහන වගේ දේවල් ඇත්තටම මට නැහැ.
ඔබ පැමිණි ගමන් මග පිළිබඳ ඔබ කොතරම් දුරට තෘප්තිමත්ද?
මං මේ වෙනකම් ආපු ගමන ගැන මං ගොඩාක් තෘප්තිමත් වෙනවා. තව යන්න ඕනෙ මග ගොඩාක් තියෙනවා. නමුත් ඉතින් ඒ ගමන් හෙමින් බොහොම සංයමයෙන් යන්න ඕනෙ.

කවීෂා සංදීපනී

SendShareShare
Previous Post

මම හතර පෝයට සිල්ගන්න බෝ පැළයක් නෙවෙයි! මං සමාජගත වෙන්න වැඩිය කැමැති නෑ! දෙන්නට දෙන්නා දන්න නිසා වැඩේ ගොඩක් ලේසි වුණා! අපේ ගෙදරත් ගංවතුරට යටවුණා…! උදාරි වර්ණකුලසූරිය I Sri Lanka Latest News

Next Post

රඟපෑම පැත්තකින් තියලා බිස්නස් එකකට බැස්සා…! අයින් වුණේ නැහැ පොඩි Break එකක් ගත්තා! විදුරවි හංසජ කුඹුකගේ I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.