පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතාගෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණි.Sri Lanka Latest News
පසුගිය රජයන් සමයේ කෘෂිකර්ම අමාත්‍යාංශය පවත්වාගෙන යෑම සඳහා රාජගිරිය ප්‍රදේශයේ ගොඩනැගිල්ලක් කුලී පදනම මත ලබාගැනීම පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව ගයන්ත කරුණාතික මහතා මෙලෙස කැඳවා තිබූ බව වාර්තා වෙයි.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් එවක රජය සමයේ කැබිනට් මණ්ඩල අමාත්‍යවරයෙකු ලෙස සහ හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයා ලෙස ඒ මහතා කටයුතු කර තිබුණි.
අද පෙරවරු 9ට පමණ ගයන්ත කරුණාතිලක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණ පැය 2ක පමණ කාලයක් ප්‍රකාශ ලබාදීමෙන් පසු පිටව ගොස් ඇත.










