රාජගිරිය ප්‍රදේශයේ පිහිටි ගොඩනැගිල්ලක් කෘෂිකර්ම අමාත්‍යංශයට කුලී පදනම මත ලබා ගැනීම සදහා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීම්වලට සහභාගී වූ සියලුම කැබිනට් ප්‍රකාශ ලබා ගැනීමට අල්ලස් කොමිසම තීරණය කොට ඇත.Sri Lanka Latest News
ඒ අනුව එම ගනුදෙනුව සිදු කිරීමේ සාකච්ඡා සිදුවූ අවසන් කැබිනට් රැස්වීම් 3ට සහභාගී වී සිටි කැබිනට් අමාත්‍යවරුන් සියලු දෙනාම මේ සතියේ සිට අල්ලස් කොමිසමට කැදවීමට සැලසුම් කොට ඇති බව දැනගන්නට තිබේ.
දැනටමත් අල්ලස් කොමිසම මේ සම්බන්ධයෙන් එවකට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් සහ එවක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට කටයුතු කොට ඇත.










