අයහපත් කාලගුණ තත්ත්වය නිසා ආපදාවට පත් ප්‍රදේශවල තොරතුරු ඒකරාශි කිරීම සඳහා කොළඹ 7 මාකස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී ආපදා තොරතුරු මධ්‍යස්ථානයක් අද(10) පෙර වරුවේ වරුවේ පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා විසින් ආරම්භ කරන ලදී.Sri Lanka Latest News
ආපදාවට ලක් වූ ප්‍රදේශවල තොරතුරු ග්‍රම නිලධාරී මට්ටමෙන් ඒකරාශී කිරීම මෙහි මූලික අරමුණ වේ.
විපතට පත් වූ පිරිස් වලට සෘජුවම සිය ගැටලු අවශ්‍යතා මෙම තොරතුරු මධ්‍යස්ථානය වෙත දුරකතන මාර්ගය ඔස්සේ සහ whats up ඔස්සේ ලබාදීමට පහසුකම් සලසා ඇත.
ඒ සඳහා පහත සඳහන් දුරකථන අංක භාවිතා කිරීමට පුළුවන පුළුවන.
0759 570 570
0761 660 570
0705 699 110
තොරතුරු කේන්ද්‍රය වෙත ලැබෙන තොරතුරු අදාල අංශවලට යොමු කිරීමට කේන්ද්‍රය විසින් කටයුතු කරනු ලැබේ.
තොරතුරු කේන්ද්‍රය පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා ක්‍රියාත්මක කෙරේ.











