සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (08) පැවැති මාධ්‍ය හමුවට සහභාගි වූ ගම්පහ ආසන සංවිධායක වරුණ දීප්ත රාජපක්ෂ මහතා.Sri Lanka Latest News
වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේ ද පැවැසීය,
‘‘ව්‍යසනකාරී තත්ත්වයකදී සියලුම දෙනා එකට එකතු වී කටයුතු කළ යුතුයි. නමුත් රටට බලපා තිබෙන ව්‍යසනකාරී තත්ත්වයේදී ආණ්ඩුව උද්ච්ච ස්වභාවයකින් මැදිහත්වන ආකාරයක් පෙනෙන්න තිබෙනවා. ඒ වගේම ඇතිවුණ ආපදා තත්ත්වයෙන් රට මුදා ගැනීම තනි පක්ෂයක් විසින් සිදුකරන බවක් රටට පෙන්වන්න ආණ්ඩුව උත්සහ දරනවා. කෙසේ නමුත් ආණ්ඩු පක්ෂය විපක්ෂය නියෝජනය කරන පක්ෂයක් නම් සහ එම කටයුත්ත පොදු ක්‍රියාවලියට බාධායක් නැතිනම් එසේ සිදුකළාට කිසිදු ප්‍රශ්නයක් නැහැ. නමුත් ජනතා විමුක්ති පෙරමුණ සහ ජාතික ජනබලවේගය රටේ ආණ්ඩු පක්ෂය. ඒ වගේම ආපදා කළමනාකරණ මෙහෙයුම එක් පක්ෂයක් දේශපාලන මෙහෙයුමක් බවට පත් කර ගැනීම හරහා එය පොදුවේ සමස්ථ රටටම බලපානවා.
ඒ වගේම ආපදාවකදී කටයුතු කළ ආකාරය පිළිබඳව 2005 දී නිකුත් කළ පනතේ සම්පුර්ණයෙන්ම සඳහන් වෙනවා. ඒ වගේම ආපදාවකදී ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය පොදුවේ වැඩකටයුතු කළ යුතු ආකාරය මෙම පනතේ සඳහන් වෙනවා. ඒ වගේම මෙම ආපදා කළමනාකරණ පනත යටතේ අවශ්‍ය නම් හදිසි නීතියත් යොදාගැනීමට හැකියාව තිබෙනවා. ඒ වගේම ආපදා කළමනාකරණ පනත මගින් රාජ්‍ය සේවකයන් අත්‍යාවශ්‍ය සේවාවල යෙදවීම , සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලින් වලින් එහාට ගොස් රාජ්‍ය නිලධාරීන්ට මුදල් වියදම් කිරීම , ස්ථානයටකට ප්‍රවේශ වීමේදී කිසියම් පාර්ශ්වයක් බාධා කළහොත් ඒ සඳහා නීතිමය ක්‍රියාමාර්ග ගැනීම මෙන්ම තවමත් බොහෝ කාරණා වලට,අවකාශය ලබා දී තිබෙනවා. කෙසේ නමුත් ආපදා තත්ත්වයට පූර්ව සුදානමක් නොතිබුණ මොහොතක හදිසි නීතිය යෙදවීමට රජය කටයුතු කළා. ඒ සඳහා විපක්ෂයත් සහාය ලබාදුන්නා. නමුත් ආපදා කළමනාකරණ පනත අනුව විධිමත්ව කටයුතු කිරීමට අවශ්‍ය ව්‍යුහය සකසා ගැනීමට ආණ්ඩුව කටයුතු කළ යුතුයි. එසේ සිදුකළහොත් පොදුවේ සියලුම දෙනා එකතු වී රට ගොඩගැනීමේ වැඩසටහනක් ඇති කරගැනීමට හැකියාව තිබෙනවා.
කෙසේ නමුත් පොදුවේ සියලුම දෙනා එකතු වී රට ගොඩගැනීමේ වැඩසටහනක් දියත් කරනවා වෙනුවට තනි පක්ෂයක් දේශපාලන ක්‍රියාවලියක් බවට එය පත් කරන්න ආණ්ඩුව කටයුතු කර තිබෙනවා. නමුත් මෙම තත්ත්වය තුළ රජයට විවේඡනයක් එල්ල වන අවස්ථාවලදී ඒ සඳහා පමණක් පොදු බවක් පෙන්වන්න , එය දේශපාලන ආවරණයක් බවට පත් කර ගන්න ආණ්ඩුව කටයුතු කරනවා. ඒ වගේම ආපදාවෙන් විපතට පත් ජනතාවට ලබාදෙන සහනාධාර කොල්ලකන පිරිසක් සිටින බව පොලිස්පතිවරයා සඳහන් කර තිබුණා. කෙසේ නමුත් ජාතික ජනබලවේගයේ ප්‍රාදේශීය දේශපාලඥයින් මෙම සහනාධාර කොල්ල කෑම සිදුකර බව සමාජ මාධ්‍යවල පසුගිය දිනවල දිගින් දිගටම තොරතුරු වාර්තා වුණා.
ඒ වගේම විපක්ෂය මෙම ආපදා තත්ත්වය පිළිබඳව දැන සිටි නිසා විපක්ෂයට නඩු දැමිය යුතු බව ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයෙකු ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් මෙවැනි තක්කඩි ප්‍රකාශ කරන පිරිසක් වර්තමාන ආණ්ඩුව නියෝජය කරනවා. ඒ වගේම ගම්පහ නගරය ජලයෙන් යටවල බව සමගි ජනබලවේගය කලින්ම ජනතාව දැනුම්වත් කරන්න කටයුතු කළා. නමුත් ගම්පහ නගරය ජලයෙන් යට නොවන බවත් ඒ පිළිබඳව කිසිදු බියක් ඇති නොකරගත යුතු බවත් මහින්ද ජයසිංහ නියෝජ්‍ය ඇමැතියරයා මාධ්‍ය නාලිකාවකට ප්‍රකාශයක් කර තිබුණා. නමුත් මහින්ද ජයසිංහ එම ප්‍රකාශය කර සුළු වේලාවකට පසු ගම්පහ නගරය ජලයෙන් යටවී තිබෙන බව ජාතික ජනබලවේගයේ බලය හිමි ගම්පහ නගර සභාවේ සභාපති ප්‍රකාශ කරනවා. ගම්පහ නගරයේ ජනතවාගේ දේපළවලට සිදුවුණ හානියට මහින්ද ජයසිංහ වගකිව යුතුයි. නීතිය ක්‍රියාත්මක කළ යුත්තේ ජනතාවට ඉවත්වන ලෙස දැනුම් දුන් සමගි ජනබලවේගයට නැතිනම් ගංවතුර අවදානමක් නොමැති බව ප්‍රකාශ කළ ජාතික ජනබලවේගයටද ?
ඒ වගේම රටට අධික වර්ෂාවක් ලැබෙන බවත් ඒ හරහා රටේ ආපදා තත්ත්වයක් ඇතිවීමට ඉඩ තිබෙන බවත් පෞද්ගලික රුපවාහිනි නාලිකාවට පැමිණ කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානීන් ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් මේ බව එම පෞද්ගලික නාලිකාව දිගින් දිගටම රටට ප්‍රකාශ නොකිරීම වරදක් බව මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි ප්‍රකාශ කර තිබුණා. කෙසේ නමුත් රටට අධික වර්ෂාවක් ලැබෙන බව නොවැම්බර් 11 වැනිදා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මාධ්‍ය සාකච්ඡාවකදී ප්‍රකාශ කර තිබෙනවා. කෙසේ හෝ එම පෞද්ගලික රූපවාහිනි නාලිකාව ඔවුන්ගේ රාජකාරිය හරියාකාරව ඉටු කර තිබෙනවා.
ඒ වගේම රටේ කාලින පුවත් පිළිබඳව සොයා බලන්න ජනාධිපති මාධ්‍ය අංශය වෙනම ඒකකයක් පිහිටුවා තිබෙනවා. ඒ වගේම රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවක් ඒ සඳහා වෙනම ඒකකයක් පිහිටුවා තිබෙනවා. ඔවුන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ සහ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ප්‍රධානීන් සහභාගි වුණ වැඩසහටහන පිළිබඳව අවදානයක් යොමු කර නැහැ. නමුත් විපක්ෂයේ මන්ත්‍රීවරු සිදුකරන ප්‍රකාශ පිළිබඳවනම් ඔවුන් ජනාධිපතිවරයාට වාර්තා කරනවා. ඒ වගේම සෑම ඇමැතිවරයෙකුටම මාධ්‍ය ලේකම්වරයෙකු සිටිනවා. රටේ සිදුවන , ආමාත්‍යාංශයට ආදලා කාලින සිදුවිම් පිළිබදව වාර්තා කිරීම මාධ්‍ය ලේකම්වරයාගේ වගකීමක්. ඒ අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනාධිපතිවරයා යටතේ පාලනය වන ආයතන. කෙසේ නමුත් මෙම ආයතනවල ප්‍රධානින් නොවැම්බර් 11 සහ 12 රටටම ප්‍රකාශ කළ දේ ජනාධිපතිවරයාට වාර්තා වී නැහැ. ඒ වගේම මෙම ආපදා තත්ත්වය පිළිබඳව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා. එසේ නම් මෙම තත්ත්වය පිළිබඳව ආණ්ඩුව දැනගෙන නොසිටි බව ප්‍රකාශ කරන්න බැහැ. ඒ වගේම ජනාධිපතිවරයා , කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව , ආපදා කළමානකරණ මධ්‍යස්ථානය , වාරිමාර්ග දෙපාර්තමේන්තුව අතර සම්බන්ධිකරණයක් නොමැතිව වැඩ කිරීම අපහසුයි. කෙසේ නමුත් මෙම ආපදා තත්ත්වය පිළිබඳව රජය කිසිවක් නොදන්නා බවට කරන ප්‍රකාශ වලංගු වන්නේ නැහැ.
ඒ වගේම මෙම ව්‍යසනයෙන් පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට පැමිණ ඒ සඳහා කැපවුණ රාජ්‍ය නිලධාරීන්ට සහ ආරක්ෂ අංශයේ නිලධාරීන්ට ස්තුතිය පළ කළා. ඒ වගේම විපතට පත් ජනතාවට සහන ලබාදෙන ආකාරයත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා. නමුත් ජනාධිපතිවරයා මෙම ආපදා තත්ත්වය සිදුවීමට පෙර ගතයුතුව තිබූ ආරක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් කිසිවක් සඳහන් කළේ නැහැ. ආණ්ඩුව මෙම කාරණය හිතා මතාව සඟවන්න දැඩි උත්සාහයක නිරත වෙනවා. ඒ නිසා විපක්ෂයට විවිධ චෝදනා එල්ල කරන්න ආණ්ඩු පාර්ශ්වයේ පිරිස් කටයුතු කරමින් සිටිනවා. කෙසේ නමුත් මෙම ව්‍යසනකාරී තත්ත්වයෙන් අහිමි වුණ ජිවිත වලට , අහිමිවුණ දේපළ වලට ජනාධිපති අනුර දිසානායක වගකිව යුතුයි. ඒ වගේම සුළි සුළං නවත්වන්න නොහැකි වුණාට , ගංවතුර පාලනය කිරීමට නොහැකි වුණාටම එම හානට අවම කර ගැනීමට ගත හැකි පූර්ව ක්‍රියාමාර්ග ගැනීමට රජයට හැකියාව තිබෙනවා. එලෙස ක්‍රියාත්මක වුණානම් මෙවැනි විනාශයක් සිදුවන්නේ නැහැ. ඒ වගේම විපතට පත් ජනතාවට සහන ලබාදෙන බව රජය ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් එම ජනතාවට සහන දෙන්නේ ජනතාවගෙන්ම එකතු කරගන්නා බදු මුදල් වලින්. ඒ වගේම මේ හරහා රටේ ආර්ථිකයට වන හානියටත් ආණ්ඩුව සෘජුවම වගකිව යුතුයි.
ඒ වගේම රටේ හදිසි තත්ත්වයක් ප්‍රකාශ කරන ලෙස , වහාම ආපදා කළමනාකරණ කමිටුව කැඳවන ලෙස දැනුම් දුන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා. නමුත් ඊට දින කිහිපයකට පසුවයි රජය හදිසි නීතිය ක්‍රියාත්මක කරන්න තිරණය කරන්නේ. ඒ වගේම ජාත්‍යන්තර ආධාරක සමුලුවක් කැඳව ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලා සිටියා. එවැන්නක් අවශ්‍ය නැති බවත් රජයට සියල්ල කරගැනීමට හැකියාව තිබෙන බවත් ආණ්ඩුව ප්‍රකාශ කළා. ඒ වගේම රටේ අයවැය වෙනස්කර ගැලපෙන ආකාරයට සකස් කර පරිපුරක අයවැයක් ගෙස එන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජයෙන් ඉල්ලිමක් සිදුකරනවා. නමුත් ආණ්ඩුවට මුදල් අවශ්‍ය තරම් තිබෙන බව ආණ්ඩුව ප්‍රකාශ කරනවා. නමුත් බිලියන 500 ක පරිපුරක අයවැයක් ගෙන ඒමට ආන්ඩුව කටයුතු කරනු ලබනවා. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙවැනි යෝජනා ඉදිරිපත් කරන්නේ සමගි ජනබලවේගයට හෝ විපක්ෂයට ලකුණු ලබාගැනීමේ අරමුණින් නෙවෙයි.
ඒ වගේම මෙම ආපදා තත්ත්වය පිළිබඳව එක් දිනක විවාදයකින් මෙම බිලියන 500 හොයා ගන්නා ආකාරය , මුදල් අවශ්‍ය වන කාර්යයන් , මුදල් කපා හරින යෝජනා පිළිබඳව සාකච්ඡා කිරීමට හැකියාව තිබුණා. ඒ සඳහා විපක්ෂයේ මන්ත්‍රිවරුන්ට අදහස් දක්වන්න අවස්ථාව තිබුණා. නමුත් කිසිවක් වෙනස් නොකර මුදල් වෙන් කර ගැනීමට හැකියාව තිබෙන බවට උද්දච්ච ප්‍රකාශයක් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේදී සිදුකළා. ඒ වගේම රටට අවශ්‍ය නොවන නාස්තිකාර ව්‍යාපෘතිවල අයිතිය තවදුරටත් ආණ්ඩුව සතු කර ගැනීමට උත්සහ දරනවා. කෙසේ නමුත් මෙම ව්‍යසනයට පත්ව විපතට පත්වූ එකදු පුද්ගලයෙකුට හෝ ආණ්ඩුවට සහනයක් ලබාදීමට නොහැකි වුවහොත් , එකදු ව්‍යාපාරයක් හෝ ගොඩනගන්න ආණ්ඩුව නොහැකි වුවහොත් ඒ උද්දච්ඡ භාවයට ආණ්ඩුව සෘජුවම වගකිව යුතුයි. කෙසේ නමුත් ආණ්ඩුවේ මෙම උද්දච්ඡ හැසිරීම භායානක ප්‍රතිඵලයක් නිර්මාණය කරනු ලබනවා. ඒ වගේම ආණ්ඩුව මෙවැනි කටයුතු කිරීම හරහා හුදකලා වෙමින් තිබෙනවා.
ඒ වගේම ජනාධිපතිවරයා ඔහුගේ කාර්යය භාර්යය පිළිබඳව බරපතල භාවය අබෝධකරගෙන ඊට සාපෙක්ෂව තින්දු තිරණ ලබාගෙන රට වෙනුවෙන් වැඩ කිරීමයි. ඒ වගේම ගම්වල ඇතැම් කටයුතු සිදුකළ යුතු වන්නේ නගර සභාවෙන් හෝ ප්‍රාදේශීය සභාවෙන්. ගම්වල සුලු ප්‍රශ්නවලට ජනාධිපතිවරයා මැදිහත්විය යුතු නැහැ. එමගින් ජනාධිපතිවරයාගේ වැඩකිරිමේ ධාරිතාවය අඩු බවත් තමයි පෙන්නුම් කරන්නේ. ආණ්ඩුවට කිසිම යාන්ත්‍රණයක් නැති බව ආණ්ඩුවේ ඇතැම් තින්දු තිරණ වලින් පෙනී යනවා. ගම්වල තිබෙන සුළු ප්‍රශ්නවලට ජනාධිපතිවරයා මැදිහත් වුවහොත් ඊට වඩා විශාල ප්‍රශ්න ජනාධිපතිවරයාට මගහැරීමට ඉඩකඩ තිබෙනවා.
ඒ වගේම මෙම රටට අධික වර්ෂාවක් ලැබෙන බව නොවැම්ර් 11 වැනිදා සිට අදාළ තොරතුරු වාර්තා කරමින් තිබුණා. නමුත් ආණ්ඩුව පොදුජන පෙරමුණේ රැස්වීම විවේඡනය කරමින් , ඒ වගේම නාමල් රාජපක්ෂගේ උපාධි සහතිකය ගැන කතා කරමින්. ඒ වගේම ගායකයෙක් ගෙන් මත්ද්‍රව්‍ය ගැන උපදෙස් ගනිමින් ආණ්ඩුව කාලය ගත කළා. මේවැනි සුළු සුළු දේවල් කතා කර කර සිටින අතර තුර සුළි කුණාටුවක් ඇවිත් රටම විනාශ කර දැමුවා. ආණ්ඩුවට එය මගහැරිමෙන් විශාල විනාශයක් රටට සිදුවුණා. ජනාධිපතිවරයා කාලගුණ විද්‍යා දෙපාර්තමෙන්තුව , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඇතුළු ආයතන සමඟ සම්බන්ධතා පවත්වා නැහැ. රටේ මාධ්‍ය සහ විදෙස් මාධ්‍ය වාර්තා කරන දේවල් ජනාධිපතිවරයා දැකලා නැහැ. ආණ්ඩුව සහ ජනාධිපතිවරයා එම කාලය තුළ කර තිබෙන්නේ විපක්ෂයට මඩ ප්‍රහාර එල්ල කිරීම සහ විවේඡන එල්ල කිරීම පමණයි. කෙසේ නමුත් වැඩිහිටියෙක් ලෙස සිතමින් වගකිව යුතු ජනාධිපතිවරයෙක් ලෙස කටයුතු කරන්නැයි සමගි ජනබලවේගය ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
ඒ වගේම යහපාලන රජය සමයේදී ආපදාවක් සිදුවුවිට රටම රක්ෂණයකට යටත් කරන්න කටයුතු කළා. එම රක්ෂණය ගෝඨාභය රාජපක්ෂ පාලන කාලය තුළ ඉවත් කරනු ලැබුවා. කෙසේ නමුත් දක්ෂිණාංශික කදවුරු සැම අවස්ථාවකදීම විධිමත් ක්‍රමවේද රට තුළ නිර්මාණය කළා. වාමාංශික ජාතිකවාදි කණ්ඩායම් සිදුකරන්නේ ජනප්‍රිය කටයුතුයි. යහපාලන රජය සමයේදී ඇතිකළ රක්ෂණය තිබුණානම් මුල්‍ය අරබුදයකට රට මුහුණ දෙන්නේ නැහැ. ඒ වගේම වර්තමාන ආණ්ඩුවත් අනිවාර්යෙන්ම ව්‍යසනයෙන් පීඩාවට පත් ජනතාවට සහන ලබාදිය යුතුයි. නමුත් ඒ සහන ලබාදෙන්නේ රටේ ජනතාවගේ බදු මුදල් වලින්. ඒ නිසයි පරිපුරක ඇස්තමෙන්තුවක් ගෙන එන ලෙසත් ඊට සහාය දෙන ලෙසත් විපක්ෂය ප්‍රකාශ කළේ.‘‘










