• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම එක උගුරට වහ බිව්වා…! මැරෙයිද කියලා හිතුණා… ! මට ඒක දරාගන්න ටිකක් අමාරු වුණා…! රංජනී රාජ්මෝහන් I Sri Lanka Latest News

December 7, 2025
in Heart
Reading Time: 4 mins read
A A
මම එක උගුරට වහ බිව්වා…! මැරෙයිද කියලා හිතුණා… ! මට ඒක දරාගන්න ටිකක් අමාරු වුණා…! රංජනී රාජ්මෝහන් I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලස්සන හැඩක් තියෙන රංජනී රාජමෝහන්ට හරි අලංකාරෙට රඟපාන්න හැකියාව තියෙනවා. දමිළ හුරුව නිසාම රංජනී සිංහල කතාකරනකොට අපූරු ලාලිත්‍යයක් තියෙන බව කලා ක්ෂේත්‍රයේ හැමෝම කියනවා.Sri Lanka Latest News

රංජනී රාජමෝහන් අතිදක්ෂ නිවේදිකාවක්. ඒ වගේම ප්‍රසන්ටර් කෙනෙක් විදියටත් රූපවාහිනී තිරය තුළ නමක් තැබූ ඈ රංගන කලාව තුළ වුණත් මතක හිටින යමක් කළ දක්ෂ නිළියක්. මෑතකදී ඈ ප්‍රේක්ෂකයන් අතරට ආවේ ‘රැල්ල වෙරළට ආදරෙයි’ ටෙලියේ ශාන්තිගේ චරිතය හරහායි. කාලෙකට පස්සේ රංජනී එක්ක කතාබහක යෙදෙන්න ‘මව්රට’ ‘හාට්’ එකට ලැබුණු අවස්ථාවයි මේ පෙළගැහෙන්නේ.

රංජනී රාජමෝහන්, මම ඔබට රංජනී කියලා කතා කරන්නම්?
ප්‍රශ්නයක් නැහැ ඒක. හැමෝම තමන්ගේ නමට ආසයි. මගේ නමින් සරලව මාව අමතනවට මමත් ආසයි.
මොනවද රංජනී මේ දවස්වල අලුත් තොරතුරු?
විශේෂයක් නැහැ. සුපුරුදු ලෙස කලා කටයුතුවල නියැළෙනවා. නිවේදන සහ ප්‍රාසාංගික වැඩසටහන් කරගෙන යනවා.
කොහොමත් ඔබ සතුටින් විනෝදෙන් කාලය ගෙවන කෙනෙක්?
ඔව්. මම සතුට හොයාගෙන යන කෙනෙක්. ඒ වගේම සරල බවට ප්‍රිය කරන කෙනෙක්. කිසිම දෙයක් ඕනෑවට වැඩිය ඔළුවට ගන්නේ නැහැ.
යූටියුබ් නාලිකාවල කෙරෙන කතාබහවලදිත් ඔබේ ඒ සරල බව විද්‍යමාන වෙනවා?
ඔව්. මම ඒවායේ ඉන්ටර්විව්වලට ගියාම හැසිරෙන්නේ කතාබහ කරන්නේ හරිම සැහැල්ලු විදියටයි. ඒ වගේම බය නැතුව විවෘතව ඕනෑම ප්‍රශ්නයකට උත්තර දෙනවා.

මමත් දැන් ඔබෙන් අහනවා ටිකක් වෙනස් ප්‍රශ්නයක්?
අහන්න. ඕනෑම ප්‍රශ්නයකට මා ළඟ උත්තර තියෙනවා.
ඔබ වතාවක් ඔබේ ජීවිතය නැති කරගන්න හැදුවා?
ඔව්. මම මීපාසානම් බෝතලයක්ම බිව්වා. ඒ මීට වැඩිය මම හුඟක් තරුණ වයසෙදියි.
ඇයි සියදිවි නසාගන්න හැදුවේ කියලා ඇහුවොත්?
ඒකටත් බය නැතිව මම උත්තර දෙන්නම්. ඒ දවස්වල ගෙදරින් මගේ ප්‍රේම සම්බන්ධයට විරුද්ධ වුණා. මට ඒක දරාගන්න ටිකක් අමාරු වුණා.
ආදරය සහ පෙම්වතා වෙනුවෙන් ජීවිතය දෙන්න හිතුවා?
එහෙමම හැඟීමක් එතැන තිබුණේ නැහැ මම හිතන්නේ.
එහෙම නම් වස බිව්වේ ඇයි?
මගේ හිතට ඒ වෙලාවෙ ආවේ ආදරය හෝ පෙම්වතා ගැන හැඟීමක් සිතුවිල්ලක් නෙවෙයි. එදා ඒ ප්‍රශ්නය ඇතිකරන්න මුල් වුණේ මගෙ මාමා. ඒ කියන්නේ මගෙ අම්මගෙම මල්ලි. මෙයාට මේ මංගල්ලෙ කරගන්න ඉඩ තියන්න එපා කියලා අම්මගෙයි තාත්තගෙයි ඔළුව සම්පූර්ණයෙන්ම අවුල් කළා. එතැනදී මට හරි තරහක් ආවා. අනෙක මම කොහොමත් ටිකක් ස්ටබර්න් සහ හදිසි තීරණ ගන්න කෙනෙක්. මොනවා හරි පෙරළියක් කරන්න මට හිතුණා.

ළඟ තියෙන කඩේකට ගිහින් මීපාසානම් බෝතලයක් ගෙනල්ලා එක උගුරට බිව්වා. එහෙම බිව්වට පස්සේ මට බයක් දැනුණා. මං මැරෙයිද කියලා හිතුණා. ඇඟට මොකක්දෝ අමුත්තක් දැනෙන්න ගනිද්දිම මම ගෙවල් ළඟ හිටපු යාළුවට ගිහින් කිව්වා මම වහ බිව්වා, ඒත් අනේ මට මැරෙන්න බැහැ, මාව බේරගන්න කියලා. එතැනදී මට සිහිය නැති වුණා. පස්සේ යාළුවා, අම්මා ඒ වෙලාවේ ගෙදර හිටියේ නැති නිසා තාත්තට පණිවුඩය දීලා තිබුණා.
කරපු හිතුවක්කාර චණ්ඩි වැඩේ ගැන පස්සේ මොනවද ඔබට හිතුණේ?
හරිම පසුතැවීමක් දුකක් දැනුණා. ඇයි එහෙම වුණේ කියලා දන්නවද? මගේ තාත්තා එයින් මානසිකව දුක් විඳවන එක මට දරාගන්න බැරි වුණා. මොකද කියනවා නම් සියදිවි නසාගන්නවා කියන එක ක්‍රිමිනල් මට්ටමේ වරදක්. පොලිසි යන්න වෙන, නඩු හබවලට මුහුණ දෙන වරදක්. මගෙ තාත්තා බයවෙලා හිටියා. මම තරුණ ළමිස්සියක් නිසා ඒවට මුහුණ දෙන්න වෙන එක මට අපහාසයක් කියලා හිතුවා. ඔහු මට සිහිය ආවට පස්සේ මගෙ ළඟට ඇවිදින් කිව්වා ‘සුයිසයිඩ් කරගන්න හදපු වගක් කියන්න එපා මයෙ අම්මා… දන්නේ නැතුව වැරැදීමකින් ගෙදර තිබුණු මීපාසානම් එක බිව්වා කියන්න… නැත්නම් ඔයාට පොලිසි උසාවි ගානේ යන්න වෙයි…’ කියලා. එයා අඬන්න ගත්තා. මට ඒක දරාගන්න හරි අමාරු වුණා. පවු නේද අනේ මගෙ තාත්තා කියලා හිතුණා.
ආයෙ නම් මැරෙන්න හීනෙන්වත් හිතන්නේ නැහැ කියලා තීරණය කළාද?
මැරෙන්න හිතාගෙන නෙවෙයි එදා එහෙම කළේ. හිතුණු එක කෙරුවා. ‘බරක්පතළක් දැනුණේ නැහැ. මේකත් සෙල්ලමක්. කාට හරි පාඩමක් උගන්වන්න කරන දෙයක් කියලයි හිතට ගත්තේ ඒ කාරණය. එච්චරයි.
රංගනයට වඩා ඔබ ඇල්මක් දක්වන්නේ නිවේදන කලාවට කියලා කිව්වොත්?
ඒක වැරැදි අදහසක්. මම නිවේදන වෘත්තියට වගේම රඟපාන්නත් ආසයි. හැබැයි ඒකට වෙලාව දෙන එක සහ කැපවෙන එක මට අමාරු වුණා. දවස ගානේ ෂූටින්. දුර පළාත්වල යන්න ඕනේ. දවස් ගණන් ඉන්න ඕනෙ. ඒක මට ටිකක් අමාරු වුණා මගෙ පුතාව තනි කරන්න. නිළියක් වෙන ආශාව තුළ එයාව මගෙන් ඈත් කරන්න මට දුක හිතුණා.
හොඳ අම්මා කෙනෙක් වෙන්නයි රංජනී ඔබට අවශ්‍ය වුණේ?
හරියටම හරි. හොඳම නිළිය, දක්ෂතම ජනප්‍රිය නමට වැඩිය මට ඕනෙ වුණේ මා තුළ ඉන්න අම්මාට හොඳ නමක් සහ හොඳ කල්ක්‍රියාව ගැන සම්මාන සහතික දෙන්නයි.
ඒත් ප්‍රවීණ චිත්‍රපට නිෂ්පාදිකා රේණුකා බාලසූරිය ඒ තීරණය ගැන පසුතැවිලි වුණා?
ඔව්. ඈ මට නිතරම කිව්වා රංජනී නිළිකමෙන් ඈත්වෙන්න එපා, ඒක අපරාධයක් කියලා. අන්න ඒ නිසා මම පුතා ලොකු වුණාට පස්සේ පුළුවන් අවස්ථාවල රංගනයට අවශ්‍ය කාලවේලාව, එන ආරාධනා අනුව හොයාගත්තා.
ඔබ ඔබ ගැන තෘප්තිමත්ද?
අනිවාර්යයෙන්ම. මම රංජනී රාජමෝහන් කියන කලාකාමී අලංකාර ගැහැනිය ගැන අතිශයින්ම තෘප්තිමත්. ඒ තුළ ඉන්න අම්මා කියන චරිතය ගැනද ඉතා තෘප්තිමත්. මගෙ පුතාට දෙන්න පුළුවන් ඉහළම ජීවිතය මම ඔහුට දීලා තියෙන්නේ. මම අද රංගන සහ නිවේදන කලාව තුළ මගේ හිතට සතුටුයි කියන තැනකට ඇවිදින් ඉන්නවා. ඉතින් තව මොනවද?

මල්මි කෞශල්‍යා

SendShareShare
Previous Post

ඉන්දියාව දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

සුළිකුණාටුවේ දේශපාලන සුළිකුණාටුව! රාජ්‍ය රහස්!  I Sri Lanka Latest News

MORE NEWS

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News
Heart

හිතට මාරම විදියට දැනුණා…! මෙහෙම නැන්දම්මා කෙනෙක් ලබන එක පිනක්…! වැඩේ හිතට අල්ලපු නිසා කැමැති වුණා…! නවිඳි රැපියල් I Sri Lanka Latest News

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News
Heart

වැඩ හොඳ නම් තමයි ඉල්ලුම තියෙන්නේ…! මට Play කරන්න ගොඩක් දේවල් තිබුණා…! කාලෙක බැණුම් අහනවා… කාලෙක හොඳ අහනවා…! සුජානි මධුවන්ති I Sri Lanka Latest News

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News
Heart

ප්‍රියන්ත ‘සූරිය සුළඟ’ එක්ක සිනමාව හොල්ලන්න ලෑස්තියි…! Sri Lanka Latest News

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News
Heart

රෝල්… කැමරා… ඇක්ෂන්…! සිනමාවේ අලු‍ත් ඩිරෙක්ටර්ස්ලා වැඩ අල්ලයි! Sri Lanka Latest News

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News
Heart

ආවේ කිසිම දෙයක් නොදැන…! සල්ලි නැතිව කිලෝමීටර් ගණන් පයින්ම ඇද්දා…! හැම කට්ටක්ම කෑව ඉගෙන ගන්න…! කාපු කට්ට I නලින්ද ධර්මසිරි I Sri Lanka Latest News

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News
Heart

එක පාර හතර පහක් කළා…! දෙන්නෙක් ඉන්න එක වැඩේට ලේසියි…! මගේ ෆෝකස් එක ෆීල්ඩ් එක ගැන විතරයි…! පොඩි චකිතයක් ආවා…! තාමත් එහෙමයි…! මගේ පෙනුමට ගැළපෙන්නේ මැර චරිත…! ධම්මික ගුණසේන I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.