• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මගේ උඩින් පල්ලෙන් අතහරින වැඩ නැහැ…! ප්‍රතිරූපය කියන එක ඒ චරිතයට පමණයි අදාළ…! නළුවෙක් වෙන්න මම තාම උත්සාහ කරනවා…! පියෙක් වුණා කියන්නේ ඉතින් දිගටම දැන් පියා තමයි…! දසුන් පතිරණ I Sri Lanka Latest News

December 6, 2025
in Heart
Reading Time: 3 mins read
A A
මගේ උඩින් පල්ලෙන් අතහරින වැඩ නැහැ…! ප්‍රතිරූපය කියන එක ඒ චරිතයට පමණයි අදාළ…! නළුවෙක් වෙන්න මම තාම උත්සාහ කරනවා…! පියෙක් වුණා කියන්නේ ඉතින් දිගටම දැන් පියා තමයි…! දසුන් පතිරණ I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ටෙලිනාට්‍යයෙන් මෙන්ම සිනමාවෙන්ද හොඳම නළුවාට හිමි සම්මානයට පාත්‍රවූ, ‘මාරියා’ සමගින් මුහුදු ගමනකට ගොඩවැදුණු ඔහු දසුන් පතිරණයි. අද ‘හාට්’ එකට අපිත් එක්ක දස්සා සම්බන්ධ වෙන්නෙ මේ විදියටයි.Sri Lanka Latest News

ඉතින් කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
මේ දවස්වල ‘මාරියා’ චිත්‍රපටයේ කැම්පේන් එක්ක තමයි ඉන්නෙ. 21 වැනිදා සිට ප්‍රේක්ෂකයන්ට මාරියා චිත්‍රපටය නැරඹීමට හැකියාව ලැබෙනවා. ලලිත් රෝහණ අයියාගේ නාට්‍යයක වැඩකටයුතුත් සිදුවෙමින් පවතිනවා.
‘මාරියා’ ගැනත් කතා කරමු?
ලෝකයේ කවුරුත්ම මුහුද මැදට ගිහින් චිත්‍රපට නිර්මාණය කරන්නේ නැහැ. ඒක ෂූට් කරන්නේ වෙනම විදිහකට. අපිට සිදුවෙනවා මුහුද මැදටම යන්න. එහෙම ගිහින් ෂූට් කරනකොට මුහුද හරිම ලස්සනයි. මුහුද වෙලාවකට යකා වෙනවා. වෙලාවකට හරිම හොඳයි. ඒ අත්දැකීමත් අපිට ලැබුණා. මට හිතෙනවා මෙතෙක් කාලෙකට ගත්ත හොඳම අවදානම මේක කියලා. මොකද අපිට මොනවා හරි දෙයක් වුණා නම් එහෙම සමහර විට මැරෙන්න පවා ඉඩ තිබුණා.

දසුන් පතිරණ කියන කලාකරුවා රංගනයට පිවිසුණේ කොහොමද?
මහේන්ද්‍ර අයියා ළඟට ආවට පස්සේ තමයි මට හැමදේම ලැබුණේ. ඒ 2004 වර්ෂයේදී.
දැනට නිර්මාණ කීයකට වගේ දායක වෙලා තියෙනවද?
එහෙම ගොඩක් නිර්මාණ කරලා නැහැ. මම වැඩ භාරගන්නවා හරි අඩුයි. දැනට ටෙලිනාට්‍ය 25ක් චිත්‍රපට 15ක් වගේ තමයි.
ඔබ කාලයක් පුරාවට ජනප්‍රියත්වය රඳවා ගන්නේ කොහොමද?
ජනප්‍රියත්වය කියනවට වඩා මම කැමැතියි ඒකට ‘ඇක්ටර්’ කියනවට. මොකද මම කැමැතියි නළුවෙක් විදියට පවතින්න. ජනප්‍රියත්වයේ සහ සම්මාන කියන එක අපේ කාරණාවක් නෙවෙයි. ඒක ප්‍රේක්ෂකයා සහ එළියේ තියෙන කාරණාවක්. ජනප්‍රිය වෙන්න හැමෝම ආසයි. ඉතින් මම හිතනවා මම වැඩියෙන්ම ජනප්‍රියත්වය උදෙසා වැඩකරන්නේ නැහැ. මම මගේ රංගනය උදෙසා මගේ දක්ෂතාව පෙන්නුම් කරන නිර්මාණ කරන්න ආසයි. ඒ නිර්මාණවල චරිත කළුද සුදුද කියන එකත් මට අදාළ නෑ. ඉතින් මම ආසයි නළුවෙක් වෙන්න. මෙතෙක් කල් ජනප්‍රිය නළුවා කියන කොටසට මාව අයත් වෙලා නැහැ. මම එහෙම ජනප්‍රියත් නැහැ. නමුත් හොඳම නළුවා කියන භූමිකාවට 2013 සිට තෙරීපත්වෙනවා. ඉතින් මට හිතෙනවා ඒක ඇති කියල.
දසුන් පතිරණ කියන්නේ කොහොම චරිතයක්ද?
ඉතාම සරලයි. හරි හොඳයි. බොරුව පෙන්නන්න බැහැ. මම කැමැති ඇත්ත කතා කරනවට. බොරුවෙන් ජීවත් වෙන මිනිස්සුන්ට මම ආස නැහැ. ඉතින් මම ඇත්තට ජීවත් වෙන්න උත්සාහ කරනවා. මගේ හිතට අවංකව කාටවත් වරදක් කරන් නැහැ. කාගෙන් හරි ඇහුවොත් දස්සා කියන්නේ මේ වගේ කියලා කියයි.
කිහිප වරක් සම්මානයට පාත්‍රවීම ගැන මොකද හිතෙන්නේ?
ඔව්. නළුවෙක් සම්මානයට පාත්‍ර වෙනවා කියන්නේ ඒක මාර උත්තේජනයක්. ඒකෙන් තමයි නළුවා ඇක්ටිවේට් වෙන්නේ. ටෙලිනාට්‍යවලට මට පමුවැනි සම්මානය ලැබුණේ 2013 වසරේදී. ඒ 2012 කරපු ‘අසිපත’ ටෙලිනාට්‍යයට. ඒක තමයි මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යය වෙන්නේ. ඉන් පසුව සිනමාවෙන් සම්මානයට පාත්‍ර වෙනවා. ඒ, 2016 නිර්මාණය වූ ‘මෝටර් බයිසිකල්’ චිත්‍රපටය වෙනුවෙන්. මම හිතනවා ඕනෑම කලාකරුවෙක් සම්මානනීය වෙන්න ඕනේ. මොකද ඒකෙන් තමයි අපි නිර්මාණය වෙන්නේ. ඇත්තටම ඒකත් පොඩි ආතල් එකක් තමයි. මට මුලින්ම සම්මානයක් ලැබුණු වෙලාවේ මම මහේන්ද්‍ර අයියට කෙටි පණිවුඩයක් යවනවා අයියේ මට සම්මානයක් ලැබුණා කියලා. එතකොට මහේන්ද්‍ර අයියා නැවත මට පණිවුඩයක් එවනවා ‘සම්මානය ඔළුව උඩ තියාගෙන ඉන්නේ නැතුව ගිහිල්ලා රාක්කය උඩින් තියපන්’ කියලා. ඉතින් මම එදා ඉඳන් ඔළුව උඩින් තියන්නෙ නැතුව ගිහින් රාක්කෙන් තියෙනවා.
ඔබ විවිධ චරිතයන් රඟපෑමට දක්ෂයි. ඇතැම් චරිතවලින් ඔබේ ප්‍රතිරූපයට හානියක් වෙයි කියලා හිතුවේ නැද්ද?
නැහැ. කවදාවත්ම එහෙම හිතලා නැහැ. මගේ ජීවිතයේ අංක එක තමයි රංගනය. නමුත් නළුවෙක් වෙන්න මම තාම උත්සාහ කරනවා. හොඳම නළුවාගේ පර්ෆෝමන්ස් එක කරන්න. හොඳ නිර්මාණයක් හරහා මම ඒ චරිත භාරගන්නවා. මම දන්නව නම් මම ගැන ප්‍රතිරූපය කියන එක ඒ චරිතයට පමණක් සීමිතයි. මම පාරට බැස්සට පස්සේ ඒ මිනිස්සු මාත් එක්ක කතාකරන විදිහ, ඇතැම් පුද්ගලයන් සමාජ මාධ්‍යවල අපිට බණිනවා. ඊට වඩා මිනිස්සු මට ආදරෙයි. කවුරුත් අපිට මූණට මුකුත් කියන්න එන්නෙත් නැහැ. මම ඇක්ටිව් වෙන්නේ මිනිස්සු කතා කරාමයි. ‘දසුන් නියමයි, නියමෙට ඇක්ට් කරනවා’ ඒක ඇති ඉතින් මට හොඳටම.
ඔබ ලැබෙන චරිතයට උපරිම සාධාරණයක් කරන නළුවෙක්. ඔබ චරිත තෝරාගනිද්දි තෝරාබේරා ගැනීමක් සිදුකරනවද?
අනිවාර්යයෙන්ම කරනවා. කවුද වැඩකරන ටීම් එක කියල බලන්න ඕනේ. එයාලා මට සෙට් වෙන්න ඕනේ. ස්ක්‍රිප්ට් එක කියෙව්වට පස්සේ මට දැනෙන්න ඕනේ. මම සමහර නිර්මාණ පවා ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අපි අවුරුදු ගණනාවක් සිනමාව වෙනුවෙන් වැඩකරනවා. ඒ ගැන හදාරනවා. රංගනයත් හදාරනවා. අපිට අවශ්‍ය මේක හරියට කරන්න. උඩින් පල්ලෙන් අතාරිනවා වගේ වැඩකරන්න මම කැමැති නෑ. මම හිතනවා හොඳ ස්ක්‍රිපට් එකක් හොඳ ඩිරෙක්ටර් කෙනෙක් වගේම හොඳ ටීම් එකක් අවශ්‍යයි. ලංකාවෙ චිත්‍රපටවල තියෙන උන්මාදය අපිට පේනවා දැන් අලුත් චිත්‍රපට බැලුවාම. ඒවා ඇත්තටම එකිනෙකට වෙනස්. ඒ වගේම ඉතින් ‘මාරියා’ චිත්‍රපටයටත් කතා කළාම යන්නෙ නැතුව ඉන්න බැහැ. මම හිතනවා මම කරන නිර්මාණ හොඳ වෙන්න ඕනෙ හරියට කරන්න ඕනෙ කියලා. ඒවත් එක්ක ඉතින් මම තෝරා බේරාගැනීමක් කරලා තමයි නිර්මාණ භාරගන්නේ.
පියෙක් ලෙස ගතකරන ජීවිතය කොහොමද?
පියෙක් වුණා කියන්නේ ඉතින් දිගටම දැන් පියා තමයි. ඒක නවත්තන්න බැහැ ජීවිතේට. මගේ ලව් එක තමයි ශයියා සහ ශයා. ඒ දෙන්නා කියන්නේ වෙනම වයිබ් එකක් මට ගෙනල්ල දීපු දෙන්නෙක්. දැන් ඉතින් එයාලා ලොකු වෙනවා. ලොකු වෙලා මොනවා කරයිද කියන්න දන්නේ නැහැ. ඉතින් බලමු
ඔබගේ ඉදිරි වැඩකටයුතු පිළිබඳවත් දැන ගැනීමට කැමැතියි?
ලලිත් රත්නායක මහතාගේ චිත්‍රපටයක් ලබන අවුරුද්දේ තිරගත වීමට සූදානම්. තවත් චිත්‍රපටයකට ආරාධනා ලැබිලා තියෙනවා. ටෙලිනාට්‍ය ගත්තම ‘සති’ කියන ටෙලිනාට්‍යයත් දැන් ඉවරයි. ‘දොරකඩ දෙවුල්ල’ කියන ටෙලිනාට්‍යය ගැන බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා.

හිමාෂි මධුවන්ති සේනාරත්න

SendShareShare
Previous Post

අලුත් වැඩක් පටන් ගන්න නියම සතියක්…! Sri Lanka Latest News

Next Post

‘මව්රට’ හරියටම කිව්වා….! 2025 මැයි 11…! ඉදිරි මාස 18 ලොකු පෙරළි වෙනවා! ආණ්ඩුව මර්දනයකට ගියොත් හමාර වෙන්නේ ඛේදවාචකයකින්! ජ්‍යොතිෂවේදී KCJ රත්නායක කියපු ප්‍රබල ජ්‍යොතිෂ අනාවැකිය! Sri Lanka Latest News

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.