ඉදිරි පැය කිහිපයේ දී කොලොන්නාව, කඩුවෙල, සීතාවක, කොළඹ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල ගංවතුර තත්ත්වය ඉහළ යා හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇති බව කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රසන්න ගිනිගේ මහතා පවසයි.Sri Lanka Latest News
ඒ අනුව එම ප්‍රදේශවලින් ඉවත් නොවී නිවාසවල තවමත් රැදී සිටින ජනතාව හැකි ඉක්මනින් නිවෙස්වලින් ඉවත්ව සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යන ලෙසට දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලීමක් කර ඇත.
එමෙන්ම කැලණි ගං මිටියාවතේ පදිංචි සහ ගංගා දෙපස සිටින ජනතාවට ද වහාම ඉවත් වෙන ලෙස ඔහු වැඩිදුරටත් දන්වා සිටී.










