• About us
  • Contact us
Sunday, June 7, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරි ෂයි…. හැබැයි ඇග්‍රසිව්…. මහකනදරාවේ චණ්ඩි රජා ! Sri Lanka Latest News

November 29, 2025
in Exclusive
Reading Time: 5 mins read
A A
හරි ෂයි…. හැබැයි ඇග්‍රසිව්…. මහකනදරාවේ චණ්ඩි රජා ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අපි ජීවත් වෙන සමාජයේ සමහර චරිත තියෙනවා කාලයක් මිනිස්සුන්ගේ මතකයන් එක්කම ජීවත් වෙන. ඒ චරිත හරි අපූරු කතන්දරයක් අපිට කියා දෙනවා. ඒවා සමහර විට ස්වභාවික හේතු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමාජයීය හේතු වෙන්නත් පුළුවන්. ඒ මොනවා වුණත් මෙරට වනජීවී ඉතිහාසයේ ඇතුන්ගේ වංශකතාවේ නොමැකෙන පුරාවෘත්තයක් තමයි අග්බෝ කියන්නේ. අදට වසර කීපයකට පෙර වෙඩි පහරවලට ලක්වෙලා ඉතා දරුණු ලෙස රෝගාතුර වුණු අග්බෝ, වසර දෙකකට ආසන්න කාලයකට පසුව නැවතත් තමන්ගේ නිජබිම වන මහකනදරාවේ වැව් පිටියේ සුපුරුදු ප්‍රේමාලිංගනයේ වෙළී සිටිනවා අපිට මේ දවස්වල දැකගන්න පුළුවන්.Sri Lanka Latest News

මේ දවස්වල ප්‍රසිද්ධ වුණත් අග්බෝ ගැන කතා කරන්න ‘කැලෑ කොලම’ එක්ක එකතු වෙන්නේ ඒ සඳහා සුදුසුම කෙනා වෙන, මුලින්ම අග්බෝව ඡායාරූප ගතකළ, අග්බෝ කියා නමක් තියා මෙරට සමාජයට අග්බෝ කියන දළකාර හස්තියාව හඳුන්වා දුන්න ජ්‍යෙෂ්ඨ වනජීවී ඡායාරූප ශිල්පී රවීන්ද්‍ර සිරිවර්ධන සහෝදරයා. අපි දැන් අග්බෝගේ පුරාවෘත්තයට රවීන්ද්‍රගේ හඬින් සවන් දෙමු.

අපිට මීට වසර කාලෙකට ඉහතදී දවසක ආරංචියක් එනවා මානන්කට්ටිය වැවේ ලොකු ඇත්තු දෙන්නෙක් ඉන්නවා කියලා අලි රංචුවක් එක්ක. ඉතින් මමයි මගේ යාළුවා අශේන් මාරසිංහයි දෙන්නා 2017 අප්‍රේල් මාසේ දවසක යනවා මානන්කට්ටියට. කලාවැව ආනන්ද හරහා තමයි මේ තොරතුරු ලැබෙන්නේ සහ ආනන්ද තමයි අපේ ගමන ලෑස්ති කරන්නේ. මොකද මානන්කට්ටියට මම මීට කලින් ගිහිල්ලා තිබ්බේ නෑ. ඉතින් අපි ගිහිල්ලා වටපිට බලනකොට අපි දැක්කා ඇතෙක්. ඇත්තටම ෆොටෝ එකක් ගහලා බලද්දි කලාවැව හිටපු නීල කියන ඇතා තමයි මේ දැක්කේ. ඇතා තනියම හිටියේ. ඇතා සාමාන්‍යයෙන් අලි රංචුවට මීටර් 500ක් 600ක් වෙනම හිටියා. ඊට පස්සේ අලි රංචුවක් තුනහමාර හතර වෙද්දි මානන්කට්ටිය වැව එහා පැත්තෙන් බැස්සා. එතැන අලි 100කට ආසන්න රංචුවක් හිටියා. සාමාන්‍යයෙන් පිරිමි අලියෙක් අනිත් ගෑනු රංචුවත් එක්ක ඉද්දි ගොඩක් උසින් පේනවා. අපි බල බලා ඉන්නැද්දි ඒ වගේ සත්තු දෙතුන් දෙනෙක්ම අපි දැක්ක නිසා අපි ආනන්දට කිව්වා මේ කැමරා එකට රීච් එක මදි, ඒ කියන්නේ අලි රංචුව ඉන්න දුර ප්‍රමාණය ගොඩක් වැඩියි. ඒක හින්දා අපි තීරණය කළා මාළු රස්සාව කරන අයගේ බෝට්ටු දෙකක් ගන්න. අරගෙන ඒ එක්කෙනෙක් එක්ක මමයි අශේන් මාරසිංහයි එක බෝට්ටුවක ගියා. කිලෝමීටරයක් විතර ඇත්තටම වටේ ගිහිල්ලා තමයි ඒ රංචුවට අපි මීටර් 500ක විතර දුරක් ඈතින් ඉන්න වුණේ. මොකද හුළං හමන පැත්තත් බලලා පොඩ්ඩක් ඒක ප්‍රශ්නයක් නොවෙන විදිහට අපි අපේ ඈන්ගල් එක හදාගෙන ඉන්නකොට දැක්කා ඇතුළෙන් මේ සුදු පාට දළ දෙකක් වගේ… ඒක දැක්කම මට හිටපු තැනත් අමතක වුණා. අපිට ඉතින් වැඩිපුර දඟලන්න කරන්න බෑ. මොකද ඔරුවක් ඇතුළේ අපි ඉන්නේ. මානන්කට්ටිය වැව දැකලා තියෙන අය දන්නවා ඒක විශාල වැවක්. ඉතින් අපි කොහොම හරි අපේ කැමරා ආම්පන්න ලෑස්ති කරගෙන බලාගෙන හිටියා මේ ඇතා එළියට එයි කියලා. ඉතින් ඇත්තටම හරි ෂයි ඇතෙක්. හරි ඇග්‍රෙසිව් ඇතෙක්. අලි තුන් හතර දෙනෙක් ඉස්සරහට එනවා… අපිට දැන් අලින්ගේ බඩවල් යටින් යන්තම් දළ දෙක පේනවා.

අපි හරියට වික්ෂිප්ත වෙලා හිටියේ මෙයා දැකගන්න. ඉතින් පැය භාගයක් විතර ඉන්නකොට වැස්සක ලකුණුත් ආවා. අපි හිතුවා ඉතින් ආයි සැරයක් එළියට එන එකක් නෑ කියලා. කොහොම හරි ඇතා එළියට ආවා. ලොකු දළ දෙකක් එක්ක හොඳ උසක් තියෙන තේජවන්ත ඇතෙක්. ඉතින් අපි දෙන්නා විනාඩියක් විතර ඒ දිහා බලන් හිටියා ෆොටෝ ගන්න ගියෙත් නෑ. ඊට පස්සේ කොහොම හරි තිබ්බ ආලෝක තත්ත්වයත් එක්ක ෆොටෝස් ටිකක් ගත්තා. ගන්නකොටම ලොකු වැස්සකුත් එන්න පටන් ගත්තා. අපි බෝට්ටුවක, වැස්ස වෙලාවක, කැමරා ආම්පන්න ඔක්කොමත් එක්ක ඉන්න අපිට හරිම ත්‍රිල් එකක් වුණා ඒ තේජවන්ත ඇතාගේ දර්ශනය.

අපි නැවත ගොඩබිමට ගිහිල්ලා ඉන්නැද්දී ඇතා ඈතින් බල බලා සෑහෙන වෙලාවක් හිටියා. අපිට පුදුම සන්තෝසයක් දැනුණේ මේ ඇතා දැකපු වෙලාවේ. මොකද හරි තේජවන්ත වගේම හරි ඇග්‍රෙසිව් ඇතෙක්. ඊට පහුවදා මිලින්ද ඇතුළු තවත් මිතුරන් පිරිසක් ගිහින් මේ ඇතාව ඡායාරූපගත කරලා තිබ්බා. අපි මේ ඇතාට ‘අග්බෝ’ කියලා නම දාන්න තීරණය කළා. චන්දිකල සහ අපි කට්ටිය කතාවෙලා තමයි ඒ නම දැම්මේ.

ඉතින් මේක ඇත්තටම සුවිශේෂ දෙයක්. මොකද අග්බෝ ඊට පස්සේ 2021 ආයේ මහකනදරාව ප්‍රදේශයෙන් වාර්තා වෙලා ඡායාරූපගත කළා සෑහෙන කට්ටියක්. ඔය අතරතුර තමයි මම හිතන්නේ අග්බෝට මේ කනගාටුදායක ඉරණමට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඉස්සරහ කකුලකට වෙඩි වැදිලා ඇවිදගන්න අපහසු තත්ත්වයෙන් තිරප්පනේ ප්‍රදේශයේ හිටියා. මම මේ වෙලාවේදී මතක් කරන්න ඕනෙ තිරප්පනේ ප්‍රදේශයේ ගම්වාසීන්. ඔවුන් තමන්ගේ වගාවන්ට මේ ඇතාගෙන් වෙච්ච හානි, ප්‍රශ්න, උවදුරු ඔක්කොම අමතක කරලා මේ සතා ගොඩගන්න සෑහෙන මහන්සියක් දැරුවා. ඒත් එක්කම පණ්ඩුලගම වනජීවී ඒකකයේ වෛද්‍ය චන්දන ජයසිංහ මහතා ඇතුළු කාර්ය මණ්ඩලය දීර්ඝ කාලයක් වෙහෙස මහන්සි වෙලා අග්බෝ මේ තත්ත්වෙට ගන්න සෑහෙන කැපවීමක් කළා. ඒත් එක්කම මේ රටේ හැමෝම වගේ රූපවාහිනී නිවුස්වලින් අග්බෝ ගැන දැනගෙන සෑහෙන උදව් කළා.

ඉතින් අග්බෝ දැන් යථා තත්ත්වයට පැමිණිලා තිරප්පනේ ගම ආශ්‍රිතව, උඩගල්ල වැව සහ ඒ ආශ්‍රිතව තියෙන පොඩි පොඩි වැව් ආශ්‍රිතව සෑහෙන කාලයක් ජීවත් වුණා. ඒත් එක්කම 2025 නොවැම්බර් මාසේ මුල නැවතත් අග්බෝ එයාගේ සුපුරුදු ප්‍රදේශයක් වෙන මහකනදරාවට ගිහිල්ලා අලි රංචුවක් එක්ක එකතු වෙලා සුපුරුදු ක්‍රියාකාරකම් කරමින් ඉන්නවා නිරීක්ෂණය කරලා තිබ්බා. ඒ අනුව අපේ සහෝදර ඡායාරූප ශිල්පීන් ගිහිල්ලා අග්බෝගේ ඉතාම අලංකාර ඡායාරූප රාශියක් අරගෙන තිබ්බා. අපි සෑහෙන සන්තෝස වුණා අග්බෝ නැවත ඒ තත්ත්වෙට ගිහිල්ලා තමාගේ ස්වාභාවික පරිසරයේ ස්වභාවිකව හැසිරෙනවා දකිද්දී. මමත් ගිය සතියේ මහකනදරාවේ ගිහිල්ලා අග්බෝව බලාගත්තා. රංචුවත් එක්ක හොඳට ඉන්නවා. දැන් එයාගේ තුවාලය ඇත්තටම නැති තරම්.

අනෙක් කාරණාව, අපි දැනගන්න ඕනෙ වගකිවයුතු පුරවැසියෝ, නිලධාරීන් වශයෙන් තිරප්පනේ ප්‍රදේශය වගේ නෙමෙයි මහකනදරාවේ. අග්බෝට සහ අනිත් අලින්ට ගොඩක් හිරිහැර කරන කණ්ඩායම් ඉන්නවා. මහකනදරාවේ වැව් පිටියේ අලියෙක්ට වැවකට බැහැලා වතුර ටිකක් බොන්න දෙන්නෙත් නෑ. බයිසිකල්වලින් ඇවිල්ලා රේස් කරලා එළවනවා. දවල් කාලයට වතුර තිබහෙන් එන අලින්ට වතුර ටිකක්වත් බොන්න දෙන්නේ නැති තරුණ පිරිසක් ඉන්නවා. ඉතින් ඒගොල්ලන්ට අපි විශේෂයෙන් කියන්න ඕනෙ එහෙම කරන්න එපා කියලා. මොකද මේ අපේ ජාතික වස්තුවක්. අග්බෝ ඇතුළු මේ සියලු අලි ඇතුන් ශ්‍රී ලංකාවේ ජාතික සම්පත්. ඉතින් අපි ඒගොල්ලන්ට අඩුම ගානේ නිදහසේ වතුර ටිකක්වත් බොන්න ඉඩ සලසන්න ඕනෙ.

ඇත්තටම මේ සම්බන්ධයෙන් මිහින්තලේ වනජීවී කාර්යාලයේ අදාළ උද්‍යාන භාරකාරතුමා ඇතුළු නිලධාරීන් සෑහෙන මහන්සි වෙනවා. අපි ගිය සතියේ ගිය වෙලාවෙත් ඒගොල්ලො සෑහෙන පරිශ්‍රමයක් දැරුවා මේ අලි ඇතුන්ට බාධා කරන කට්ටියව නවත්තන්න.

මම හිතන්නේ අග්බෝ දැන් හොඳ තත්ත්වෙක ඉන්නේ. අපි එකතු වෙලා මේ ගම්වාසීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්වත් කරන්න ඕනේ. ඒ සඳහා සුදුසුම අවස්ථාව මේක කියලා මම පුද්ගලිකව විශ්වාස කරනවා. මොකද මේ සතාට නැවතත් කලින් වගේ ප්‍රශ්නයක් ඇති වුණොත් ඒක භයානක තත්ත්වයක් වෙනවා. මොකද එයාගේ ප්‍රතිශක්තිය දැන් අඩුවෙලා තියෙන්නේ. ඉතින් ඒ හින්දා අපි විශේෂ අවධානයක් මේ සතා වෙනුවෙන් යොදන්න ඕනෙ.

ඇත්තටම අග්බෝ කියන්නේ පුරාවෘත්තයක්. වෙඩි වැදිලා අවුරුදු එකහමාරක් විතර ඇවිදින්න බැරුව එක තැන ඉඳලා, මිනිස් ක්‍රියාකාරකම් නිසාම ගොඩක් දුක් විඳලා, නැවත වෛද්‍යවරුන්, වනජීවී නිලධාරීන්, ගම්වාසීන් සහ තවත් විශාල පිරිසකගේ මහත් කැපවීම නිසා සුවය ලබලා ස්වභාවික පරිසරයට ආපු සද්දන්ත ඇතෙක්. ඒ නිසා නැවත ඒ වගේ කනගාටුදායක දෙයක් අග්බෝට නොවෙන්න, අග්බෝට විතරක් නෙමෙයි සියලු අලි ඇත්තුන්ට ලංකාවේ නිදහසේ ඉන්න ජීවත් වෙන්න සුදුසු පරිසරයක් හදන්න අපි අඩුගානේ දැනුවත් කිරීමේ වැඩසටහන් කීපයක්වත් කරන්න කාලය හරි කියන එක තමයි මගේ මතය. මේ සඳහා වගකිවයුතු බලධාරීන්ගෙන් අපි ඉල්ලා සිටිනවා කඩිනමින් ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා.

සමන් හල්ලොලුව

SendShareShare
Previous Post

සුද්ද සිංහලෙන්ම කියනව නම් සජබ නුගේගොඩට නොගියේ මේ නිසයි ! Sri Lanka Latest News

Next Post

තව පැය කීපයයි! කොලොන්නාව-කඩුවෙල-සීතාවක- කොළඹ ගංවතුර ඉහළ යනවා! වහාම ඉවත් වෙන්න! I Sri Lanka Latest News

MORE NEWS

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News
Exclusive

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News
Exclusive

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

පොලිස්පතිවරයා ආණ්ඩුවේ ප්‍රචාරක යාන්ත්‍රණයේ පාර්ශ්වකරුවකු වෙලා! පොලිස්පතිවරයා කරපු ප්‍රකාශයෙන් පැමිණිලිකරු අපරාධකරු වෙලා! වහාම ආරක්ෂාව සපයන්න! මන්ත්‍රී ජගත්‌ගේ වරප්‍රසාද කඩවීම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජබය කරපු චෝදනාව තහවුරුයි! මාලිමාව ප්‍රා. සභාවල බලය අල්ලලා තියෙන්නේ මුදල් අල්ලස් දීලා! හඬපටත් එළියට එයි! බුලත්සිංහල සජබ මන්ත්‍රීවරු පස්දෙනා දොට්ට දැමූ හේතුව ජගත් විතාන පහදයි! VIDEO I Sri Lanka Latest News

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

2015 අපි ජීවිත අවදානමේ දාලා දිනපු සටන මාස 2ක් ඇතුළත රනිල් පාවලා දුන්නා! ඒ ගැන රනිල් එක්ක මට පුදුම වෛරයක් තියෙන්නේ..! ඩඩ්ලි රනිල් වෛරයේ සුලමුල එළියට එයි! VIDEO I Sri Lanka Latest News

Load More
අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News
Exclusive

අමාත්‍යංශ රැස්වීම්වලට එන්නෙත් නෑ! ඔන්ලයින් මීටින්වලට එන්නෙත් නෑ! ප්‍රාදේශීය ලේකම්වරුන් සඳුදා දිනයේ සියලු රැස්වීම් වර්ජනය කරයි! I Sri Lanka Latest News

ප්‍රාදේශීය ලේකම්වරුන් සහ සහකාර ප්‍රාදේශීය ලේකම්වරුන් හෙට (08) සිට මහජන දිනය පවත්වනු ලබන සදුදා දිනයේ පැවැත්වෙන කිසිදු රැස්වීමකට සහභාගී නොවන...

Read more
මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

මරුවා පරාජය කරපු වෙසක් දවසේ ජයගත් මීගොඩ මරුවා! Sri Lanka Latest News

එළියෙ ඉන්න ජනාධිපති අනුරව විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවට අරන් ආපු හැටි! පාර්ලිමේන්තුවේ පළමුවැනි දවසෙම සජිත් කරපු වැඩේ! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුව නැමෙයි! සජිත් මන්ත්‍රීවරුන්ට වැඩ බාරදෙයි! I Sri Lanka Latest News

දෙපාරක්ම රහස් ඡන්දෙන් තෝරගන්න බැරිවුණා! තුන්වැනි වතාවේ සුදු දුමාරය පිටවුණා! ඉතිහාසයේ පළමු වතාවට පාප් වහන්සේ අමෙරිකාවෙන් පත්වුණා!  I Sri Lanka Latest News

මැල්කම් රංජිත් හිමියන්ගේ කාලය අවසන්! වතිකානුවෙන් අලුත් අගරදගුරුතුමෙක් පත්කරන්න ලෑස්තියි! ලංකාවෙන් නාමයෝජනා 3ක්! I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

එක කොටුවක් පැන්නා..! තව කොටුවක් පනින්න මේ අරඅඳින්නේ…! ටෙලි තිරයේ ‘සිළු’ සිනමාවට පනින කොටුව…! මගේ පුතා ලොකු ඉලන්දාරියෙක්…! මට මැජික් එකක් වගේ තමයි…! සිළුමිණි අලගියවන්න I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.